Wednesday, February 7, 2018

පුරවරින් සියනෑවට.. A journey to Gampaha


හැමදාමත් තදබල මාතෘකා කතා කරන්නට බැරි නිසාම අද අපි කතා කරන්නේ ගම්පහ ගැන ය. එය කිසිසේත්ම තදබල නගරයක් නොවේ. රාත්‍රියට නිදන නගරයකි. ගම්පහ සෑදී ඇත්තේ ගම් පහකිනි. ගම්පහ ඇත්තේ මුල්ලවල් දෙකක් අතර ය. ඒ ගණේමුල්ල හා බෙම්මුල්ල ය. ගම්පහ අවසන් වන්නේ මිරිස්වත්තෙනි. ගම්පහ මැද පත්තිරිප්පුව හැඩයට නිර්මාණය කර ඇති පන්සලක් ඇත. ඒ මැදගම පන්සලයි. වසරෙ මුල් කාලයේදී අලි ඇතුන් පිරිවරාගත් පෙරහැරක් යන්නේ මැදගම පන්සලේ සිටය. එදිනට පමණක් රාත්‍රී දහය වන තෙක් ජා ඇල බස් නැවතුම්පල ජනයාගෙන් පිරී පවතී. නැතිනම් 8.30 වන විට එහි බලු බල්ලෙක් නැත. එහෙත් සමහර විටෙක මිනිසුන් එකෙක් දෙන්නෙක් සිටීමට පුළුවන. මැදගම පන්සලට අමතරව විද්‍යාරවින්ද මහ පිරිවෙණ හා වෙල මැද පන්සල පිහිටා තිබෙන අතර ගල් පල්ලිය කීල්ස් සුපර් ආයතනයට එපිටින් පිහිටා ඇත. එය එක්දහස් නවසිය මුල් ගණන්වල ඉදිකරන ලද්දකි. ගම්පහ කියූ විට බණ්ඩාරනායකය, යශෝධරාව, හෝලි ක්‍රොස්, තක්ෂිලාව හා රත්නාවලිය කිසිසේත්ම අමතක කල නොහැක. ඒ ඒවා ශිෂ්‍යත්වය සමතුන් ඇතුලත් කරගන්නා සීමිත පාසල් කිහිපය වන බැවිනි. මේවා නොතිබෙන්නට ගම්පහ බොහෝමයක් සිසුන් කොළඹ හෝ කුරුණෑගල වෙත සංක්‍රමණය වනවා සිකුරු ය. දිස්ත්‍රික්කයක් වශයෙන් ගතහොත් ගම්පහ ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහණයක් සිටින දිස්ත්‍රික්කය වූවද නගරයක් වශයෙන් ගතහොත් ගම්පහ නිදහස්, කුඩා නගරයකි. එය කොළඹින් දහයෙන් පංගුවක්වත් නොවේ. එහෙත් එය ඉහත කියූ සුපිරි පාසල් කිහිපයට හිමිකම් කියයි. ගම්පහ බොහෝ පාසල් ඇත. එහෙත් ඇත්තේ එකම එක පිරිමි පාසලකි. ඒ වටා අතේ ඇඟිලි ගණනට බාලිකා පාසල් පිහිටා තිබීම ගම්පහ කොල්ලන්ගේ අභිමානයට කාරණාවකි. එබැවින් ඔවුහු තම සහෝදර බාලිකාවන් තම සහෝදරියන් මෙන් හරි අපූරුවට බලා ගනිති. ගම්පහ බොහෝ ටියුෂන් පන්ති පිහිටා තිබේ. ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල අසල ඇත්තේ සමාධි ආයතනයයි. සමාධි කියූ විට අපිට මතකයට එන්නේ තලපතා ය. ඒ සිසුන් ගැන ඔහුට ඇති මානව ප්‍රේමය හේතුවෙනි. කාලයක් ලපයා සිසුන් අතර ජනප්‍රිය වූයේ ලොකු ලයින් හේතුවෙනි. ඊට අමතරව කම්මුලේ තිබූ ලපය ද ඊට හෙතු විය. එකල සිසිජි ආයතනයේ ඒසී තිබුණේ නැති වූවත් එය ඉතා ඉහල සොබා සෞන්දර්යයක් තිබූ ස්ථානයකි. ඉතා ඉහල වැසිකිලි පහසුකම් නිසාවෙන් විවේකය වේලාවේදී කෙල්ලෝ කෙසේ වෙතත් කොල්ලෝ පවා පෝලිම් දහයකට සෑදී වැසිකිලි යති. අපි උණුසුම් ඇමෝනියා හා හයිඩ්‍රජන් සල්ෆයිඩ් සුවඳට හොඳින්ම හුරු වූයේ මේ කාලයේදී ය. වයස 40 ඉක්මවා ගිය සිසිජි ආයතනයේ සේවය කල කොල්ලන් හා සුහදශීලී වූ අයියා කෙනෙක් අපිට මතක ය. කණගාටුවට කාරණාව වූයේ ඔහු මෑතකදී මිය ගිය බව අසන්නට ලැබීමයි. විවේකය වේලාවේ අපි ආහාරයට ගත්තේ ගෙදරින් ගෙනා බත් වූවත් හිත පිරෙන්නට කෑ ෂන්මුගාස් අල පරාටා, තෝසේ සමග ලැබෙන මිරිස් හොදි වල සුවඳටත් අපි එකල බොහෝ ප්‍රේම කලෙමු.
                                                                
Related image
http://www.panoramio.com/user/7587236

නැණික් ආයතන දෙකක් මොන්ටානා පාරේ තිබුණා මතක ය. එකක් පාරට හැරෙන තැනම වම් පස තිබූ අතර අනෙක සොයා ගැනීමට ගම් දනව්, ගංගා, රාජධානි පසුකර පාරේ කෙලවරටම යා යුතු ය. මේ කියනා ගංගාවේ කිසිවෙක් නෑමට නොයයි. ඒ එය කුණු ඇලක් නිසාවෙනි. අළුතින් ඉදිකෙරුණු යහන්සා හමුවෙනවාත් සමඟම වම් පස ඇත්තේ මහ නැණික් ය. කාලයක් අපි පිසික්ස් ක්ලාස් ගියේ නැණික් වලට ය. දරුණු වර්ෂාවකදී ගංවතුරෙන් බේරෙන්නේ එහි ඉහල මාලය පමණි. ගංවතුරට හසුව නිරතුරුව ඩෙස් බංකු ගසාගෙන යන බැවින් නැණික් හා මොන්ටානා ශාලා වල ඇති බංකු වලට අළුතින් බංකු හා ඩෙස් එකතු වේ. බහුතරයක් ඩෙස් බංකු සාදනු ලබන්නේ ඉස්තරම් අඹ ලීයෙනි. එබැවින් අළුත් බංකු වල නැවුම් අඹ සුවඳක් හා මැලියම් ගතියක් ඇත. මුල් කාලයේදී ඩෙස් එකක් අඟල් අටක් හා බංකුවක් අඟල් දහයකි. කාලයත් සමඟ මේවායේ අඟල් ගණන වැඩි වූයේ ශාලා හිමි අයියලා උගත් ටියුෂන් පන්ති ගුරුවරුන් බවට පත්වීමත් සමඟ ය. එහෙත් රත් වූ ටකරම යට අඟල් අටේ ඩෙස් දෙකක් මත දිග හැරුණු බත් පතක් හත් අට දෙනෙක් වටවී කෑමේ ආනිසංස බොහෝ විය. එකක් විවේකයෙන් පසු කොල්ලන් පන්තියෙන් යාම ය. අනෙක නිදා ගැනීම ය. පිරිසක් පන්තියට එන්නේ දහයට ය. එය ටික්කාට හසු නොවෙන ලෙස කිරීම වික්‍රමාන්විත වැඩක් ලෙස ඔවුහු අදහමින් සිටියෝ ය. අපි දන්නා කාලයේ කෙමිස්ට්‍රි රිවිෂන් එකේ වැඩිම ලකුණු තිබුණු එකා හිටියේ හැමදාමත් පන්තියේ පිටිපස්සේම පේලියේ ය. "බුද්ධිමතුන් බිහිවන්නේ පසුපස පේලි වලිනි" යැයි යන නාඩි වාක්‍ය සනාත කලේ ඌ ය. එබැවින් ඌ ගැන අපිට තිබුණේ ගෞරවාන්විත ප්‍රතිරූපයකි. එමෙන්ම පිටුපස පේලියේම සිට ත්‍යාග ලැබීමට ඉදිරියට පැමිණීමේදී ඌ ලැබූ ස්වයංවින්දනය ගැන ඌට මාරම ආතල් එකක් තිබුණි. සංයුක්ත ගණිතය ගැන අපි මුල්ම අත්දැකීම ලැබුවේ විද්‍යාරවින්දයෙනි. ඒ ගියේ සංයුක්ත ගණිතය ඉගෙනීමට නොව පදනම් පාඨමාලාව හැදෑරීමට ය. එබැවින් සංයුක්ත ගණිතය යනු කුමක් දැයි අපිට දැනගැනීමට ඒ මාසයක කාලය ප්‍රමාණවත් නොවී ය. සියාරා යනු දැවැන්ත ශාලාවකි. ඒ කාලයේ සියාරා අතුරු සිදුරු නැතිව පිරෙන තරමට ඉගැන්වූ සංයුක්ත ගණිත ගුරුවරයෙක් විය. කාලයත් සමඟ සිසුන් ප්‍රමාණය අඩු වී ගිය අතර දැන් සියාරා යනුවෙන් එවැනි ශාලාවක් සොයා ගැනීමටවත් නොමැත. වැස්සට වහල හුලඟේ ගසාගෙන යන තරමේ වායුසමීකරණ පහසුකම් සියාරා සතු විය. මහා වැසි දිනක පැයක කාලයක් පුරා පන්තිය නවතා තිබුණේ ටකරන් තෙමෙන හඬට කියන දේ නොඇසෙන බැවිනි. කොල්ලෝ එදා සිය ගණනක් රොකට් යැව්වෝය. ඒ කෙල්ලන්ට වදින්නට ය. අපි ඒ තරමටම ඒ කාලයේ කෙල්ලන්ට ආදරේ කලෙමු. පිලිතුරු රොකට් ගණනාවක් ආපසු ලැබුණු බැවින් එවැනි දින අපි හැඳින්වූයේ වැලන්ටයින් දින ලෙස ය. වැසි දින වල අළුතින් කෙල්ලන් සෙට් කර ගැනීම පහසු ය. එකල වැස්සෙන් තෙමුණු කොල්ලන් ගැන අමුතු සංවේදී බවක් කෙල්ලන්ටත්, කුඩ ඉහලාගෙන යන කෙල්ලන් ගැන විශේෂ ආකර්ෂණයක් කොල්ලන්ටත් තිබුණි. රොකට් සෙල්ලම නැවතුණේම නැත. අවසානයේ ගුරා ශාලාව මැදින් සිනහමුසු මුහුණින් ඇවිද ගොස් බෝඩ් එකේ යමක් ලිව්වේ ය. "රොකට් යවන්න එපා" යන වැකිය පේනවද යැයි කියා ඇසූ විට පිටිමපස්සේ සිටි එවුන් "ඈ!" කිව්වා අදටත් හොඳට මතක ය. උන්ට ඇහෙන්නේද නැත, පෙනෙන්නේද නැත. තවත් දිනෙක ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරඟයක් ලයිව් ස්කොර් බැලුවා මතකයට නැගේ. පන්දුවෙන් පන්දුවට ස්කෝර් එක කීමට එකෙක් හා කමෙන්ට්‍රිය කීමට තවත් එකෙක් සිටියේය. එයත් සිදුවුණේ සියාරා ශාලාවේදී ය. අපේ දිශාවෙන් ශබ්දය වැඩිවූ බැවින් ගුරා නොසන්සුන් විය. අවසානයේදී කීවේ එක දෙයකි, "මේ ගම්පහ පන්තියේ වැඩි හරියක් ඉන්නේ කාලකණ්නි".  එහෙත් දැන් බලන විට ගුරා තියා පල්ලිය පාර අසල අපි ගියපු සියාරා ශාලාව වත් දකින්නට නැත.

Related image
https://www.youtube.com/watch?v=SoFvDMGCjcE

සංයුක්ත ගණිත පන්ති වල තිබුණේ විෂයේ ආතල් වලට වඩා පුද්ගල බද්ධ ආතල් ය. රිවිෂන් තිබුණේ සමාධියේ ය. මතක ලෙසට ඒ 2013 විය යුතු ය. ගුරා පැමිණ අමුතු නමක් තියෙන ගෑණු ලමයෙක් හම්බෙන්ඩ ගෙදරින් ඇවිල්ලා යැයි කියා කෙල්ලගේ නම බෝඩ් එකේ ලියුවේය, "නිම්නාදි". හිනා හඬ මැදින් කෙල්ලන් දෙදෙනෙක් නැගිට ගියෝය. එකියක් බැරල් ය. ඒකි නිම්නාදි නොවේ යැයි අපි තර්ක කලෙමු. අනෙක් හුරුබුහුටි කෙල්ල නිම්නාදි විය යුතු වූවත් ගුරා ඇගේ නම බෝඩ් එකේ ලිව්වේ වැරදියට බව අපි දැනගත්තේ පසු කලෙක කැම්පස් ගිය අපේම සොයුරන් හරහා ය. අප දන්නා තරමින් ඇය දැන් සිටින්නේ කොළඹ සරසවියේ විය යුතුය. ඒ නම "නිම්නාදි" නොව "ගීනදී"ය. කාලෙකට කලින් අපි හොඳින් දන්නා සෙට් එකක් වූයේ කපුරු බෝල සෙට් එකයි. කොල්ලන්ගේ ටොයිලට් වලට මැජික් බෝල තරම් කපුරු බෝල දමන්නේ සුගන්ධිකාය සඳහා ය. එකල ටොයිලට් වල තිබුණේ ඇමෝනියා සුවඳ හා කහපාට හා ළා කොලපාට සෙල්ලම් ලැම්බෝගිනි කාර් ය. බේසම් වල බහා තිබෙන ලැම්බෝගිනි කාර් ගැන මතක් කරමින් ඉන්ටෙර්වල් එකේ බත් කෑවේ අපේ උන්ගේ ආහාර රුචිය වර්ධනය කිරීමේ පහන් චේතනාවෙනි. එහෙත් එය පරිප්පු හොදි සමඟ සමපාත වීම සමහර අවස්ථාවලදී ගැටළුකාරී විය. කපුරු බෝලය එලියට එන්නේ මේ කාලයේදී ය. හෑන්ඩ් බිලකින් අල්ලා ප්‍රවේශමෙන් මුත්‍රා බේසමෙන් එලියට ගන්නා කපුරු බෝලය ඊලඟට යන්නේ සෙට් එකේ එකෙක්ගේ සාක්කුවටයි. එතනින් එලියට එන බෝලය එකෙක්ගේ බෑග් එකට යයි, ටී ෂර්ට් එක අස්සට යයි. පාර පුරා ඒ ආතල් එක ගන්නේ හුදෙක්ම කපුරු බෝලයෙන් වහනය වන සිල් සුවඳට උන් ඒ තරම්ම කැමැති නිසා ය. උන්ගේ අප්‍රමාණ තාඩන පීඩන හමුවේ නොසැලෙමින් කපුරු බෝලය සෑම කොල්ලෙක්ටම එක සේ සිල් සුවඳ විහිදුවයි. එය උන්ට එකල උපේක්ෂාවක්ම විය. එදා සිට උන් කපුරු බෝල සෙට් එක ලෙස අපි සමාජගත කලෙමු. තියරි පිසික්ස් ක්ලාස් ආරම්භයේදී පන්සිල් සමාදන් වීම සෑම දිනකම සිරිතයි. රිවිෂන් ක්ලාස් වල පන්සිල් ගන්නේ නැත. මක් නිසාද යත් ඒවායේ සිටින්නේ පන්සිල් රකින උන් බැවිනි. සිල් බිඳුණු උන්ට බොහෝ විට පසුව රිවිෂන් ඒමට සිදුවේ. ක්ලාස් අවසානයේදී ද තෙලිඟු වැනි භාෂාවකින් ගාථාවක් සජ්ජායනය කරනු ලැබේ. මෙම ක්‍රියාන්විතය සෑම ක්ලාස් එකකම සිදු නොවේ. රසායන විද්‍යාව එහෙමත් නැත්නම් කෙමිස්ට්‍රි ක්ලාස් විනෝදයෙන්ම ගත කලේ රිවිෂන් ක්ලාස් වල ය. එයද කොල්ලන් එවන චිට් කියවීමේදී පමණි. තියරි කෙමිස්ට්‍රි ක්ලාස් සුන්දර වන්නේ පළමු පාඩමේදී පමණි. කෙමිකල් පිස්සන්, රසායන විද්‍යාඥයන්, පරමාණුක භෞතික විද්‍යාඥයන්, රසායන ඉංජිනේරුවන් බුරුතු පිටින් බිහි වන්නේ කෙමිස්ට්‍රි වල පළමු පාඩමෙනි. එලෙස බිහිවූ එකෙක් අද මෘදුකාංග ඉංජිනේරුවෙකි, අනිත් එවුන් ආගිය අතක් හොයාගන්නට නැත. මුල් කාලයේදී බොහෝමයක් කෙමිස්ට්‍රි වලට පිස්සු වැටී සිටි එවුන් අවසානයේදී උසස් පෙල කලේ අයිටී ය. බොක්කෙන්ම කෙමිස්ට්‍රි කල බහුතරයක් එවුන් සම්මත මිනිස් ස්වභාවය ඉක්මවා ගොස් සිටී.

Image result for old facebook layout
http://www.girlyana.com/tag/how-to-get-the-old-facebook-layout/

ගම්පහ යනු ඉතා තද වැසි වලදී යටවන නගරයකි. එය තදටම බලපාන්නේ, ජා ඇල මාර්ග පිවිසුම අසලට හා මොන්ටානා ශාලා පරිශ්‍රයට යි. ජ ඇල බස් නැවතුම යටවූ විට දින දෙක තුනක් දක්වා ටියුෂන් ක්ලාස් නැවැත්වීමට සිදුවේ. කලකට පෙර (මතක විදිහට 2009දි ) මහා වැසි දිනක පල්ලිය පාරෙන් එද්දී කොළඹ පාරේ දණහිස තෙක් වතුර ය. සුදු දිග කලිසම් ඇඳි අළුත වූවද සපත්තු පිටින් අපි වතුරට බැස්සෙමු. කොළඹ පාර අවසාන වතාවට ඒ තරම් ජලයෙන් පිරී තිබෙනු දුටුවේ එදා ය. ඒ යුද්ධය අවසන් වීමට පෙර විය යුතුය. කිසිසේත්ම මේ කාලයේදී රෝහල් වටරවුමේ සිට ගම්පහට ඒමට බස් වල නොයන්නේ අතේ සල්ලි නැති නිසා නොව සීඩී, ඩීවීඩී, මවුස්, කීබෝඩ්, යූඑස්බී කේබල් එකේ සිට කඩ චෝරුව දක්වා වියදම් කරන්නේ මේ පොකට් මනි නිසා ය. මීට අවුරුදු දහයකට දොළහකට කලින් ගම්පහ කොල්ලන් ඉන්ටර්නෙට් කැෆේ ගියේ ගේම් ගැසීමට හෝ වැල බෑමට ය. දැන් මෙන් නිවෙස් වල ඉන්ටර්නෙට් එදා තිබුණේ නැති අතර මුල් කාලයේ අපි ෆේස්බුක් ගියේ පවා මාස දෙක තුනකට සැරයකි. කවර් පොටෝ එක ඒමට හා ප්‍රොෆයිල් පොටෝ එක හරි හතරැස් වීමට පෙර එයට තිබුණේ 3:5 අනුපාතයේ ප්‍රොෆයිල් පික්චර් එකකි. එය බුකියෙන් ස්වංක්‍රීයව සකස් කර දෙන්නේ නැති අතර අපි අදාල ඩයිමෙන්ශන් වලට ගැලපෙන බුකි පොටෝවක් දැමිය යුතු විය. නැතිනම් පොටෝ එක දැමූ විට ඇස් කන් ඉවත් වීමට පුළුවන. දන්නා කියන උන් බහුතරයක් ෆේස්බුක් නොසිටි මේ කාලයේදී, දැන් කියන්ඩ විලිලැජ්ජා වුණත් අපි බුකියට ආවේ පොටෝස් සේව් කරන්නට ය. එහෙත් ඒවා එකිනෙකා සමඟ හුවමාරු වන බවක් අපි දන්නේ නැත.  චැට් කරනවා යැයි දැන සිටියේ කමෙන්ට් වලට රිප්ලයි කිරීම ය. ඉස්කෝලේ උන්ම චැට් එකෙන් කතා කල විට ය දැනගත්තේ චැට් කියා එකක් ඇති බව. දැන් අපි එයට කියන්නේ මැසෙන්ජර් කියා ය. ලයික්, කමෙන්ට්, උපන්දින සුබ පැතුම් කොතරම් ආවත් බුකිය ඇත්තේ එවැනි දේ වලට යැයි අපි දැන සිටියේ නැත. තට්ටයා පවත්වාගෙන ගිය කැෆේ එකේ තිබුණේ උබුන්ටු ය. එබැවින් ඒවායේ වයිරස් තිබුණේ නැත. ඩවුන්ලෝඩ් සඳහා මසුරන් ය. පසු කාලයේ ඒලෙවල් ක්ලාස් කට් කර ආවේ ඊසෝන් වෙත ය. එය මෑතක් වන තුරුම පැවතුණා මතක ය. ගම්පහ ඉන්ටර්නෙට් කැෆේ තිබුණේ සණස අයිඩියල්, කොළඹ බස්ටෑන්ඩ්, ජා ඇල බස්ටෑන්ඩ් යන ස්ථාන වල වූවත් පොඩි පොඩි එව්වා ඕනේ තරම් 2006-2010 කාලයේ තිබුණේය. 2005 අවසාන සමාසිකයේ පාසල් සිසුන් සඳහා නොමිලේ බස් වාර ප්‍රවේශ පත්‍ර ලබා දීමේ වැඩසටහනක් ඇරඹිණි. යක්කල පාරේ සිට ගම්පහ සහ යක්කල දෙසට කොල්ලන් සිටීබී බස් වලට පොරකන්නට පටන් ගත්තේ මේ කාලයේදී ය. සිටීබී යැයි සිතා ප්‍රයිවට් වලට ගොඩ වූ විට සිතට දැනෙන්නේ ඉමහත් ප්‍රීතියකි. කඩා දැමුණු පැරණි කොළඹ බස් නැවතුම්පලේ දැල් කූඩුවක සිට සීසන් ටිකට් නිකුත් කෙරිණි. 1.30ට පාසැල් ඇරුණු මොහොතේ සිට 2.30 වනතෙක් කරන්නේ ගම්පහ රවුම් ගැසීමයි, ඒ දහවල් ආහාර ගැන පවා නොතකමිනි. 2.30ට සිටීබීයක් එන බැවින් එතෙක් සිත් සේ ගම්පහ පුරා ඇවිදීම එකල උමතුවක් වී තිබුණි. එකල ගම්පහ අඹ සෙවණ බොහෝ ප්‍රසිද්ධ වූයේ ගම්පහ පුරා සිසුන් සාධු චර්යාව උදෙසා එහි පැමිණි නිසාවෙනි. අදටත් ගම්පහ තරම් සාධු චර්යාවේ නිරත වන සිසුන් ලංකාවේ වෙනත් කිසිදු නගරයක නැත.

දැන් තත්ත්වය කෙසේ වූවත් ඉස්සර අයියලා අක්කලා ලව් කරේ මිතුරු සබඳතා ඔස්සේ හොඳින්ම දැන හඳුනාගෙන වන අතර දැන් මෙන් යාළු වූ අළුත කුක්කු ඉල්ලීමට එකල වට්ස් ඇප්, වයිබර්, ඉමෝ, මැසෙන්ජර් වීඩියෝ කෝල් එකල තිබුණේ නැත. ලියුම් දී කෙල්ලන් සෙට් කර ගත් අවසාන පරපුර උන් විය යුතු යැයි සිතේ. සැඟවී, ටිකෙන් ටික දවස් ගානකට සැරයක් හමුවී කරන පාසල් ප්‍රේමය දැනට වඩා සුන්දර යැයි අපිට දැන් සිතෙන්නේ අද සෝෂල් නෙට්වර්ක් හරහා ලොකු පොඩ්ඩන් කරන සීරියස් ලව් දකිනා විට ය. කුඩා කල කෙල්ලන් පස්සෙන් යාමට වඩා අපි ප්‍රිය කලේ කෙල්ලන් පස්සෙන් යන එවුන් පස්සෙන් යාමට හා චීත්ත වෙනුවෙන් ඇදෙන වලි බැලීමට ය. ඉඳහිට හෝ බස් එකේදී බාලිකා කෙල්ලන් පස් හය දෙනෙක්ට මැදි වූ විට ඇඟ හිරිවැටී ගොස් කලන්තෙට එන ගතියක් තිබුණු කාලයක් තිබුණා මතක ය. කොල්ලන් සමඟ ඇති වූ බොහෝ වලි වලට හේතු වන්නේ ආත්මාභිමානය සම්බන්ධ වලි ය. නැතිනම් පන්තියේ අනිත් එවුන් ෆෝම් කිරීමෙන් දුරදිග යන ඒවා ය. වලි බැලීම තරම් මේ කාලයේ උන්ට තවත් ආතල් එකක් නැත. එය පසුකාලීනව රෙස්ට්ලින් මැච් බැලීම තෙක් පරිණාමය වූ බව සැලකිල්ලට ගත යුතු කාරණාවකි. එහෙත් අපි එකල ආශාවෙන් බැලුවේ හයි ස්කූල් මියුසිකල් ශෝ ය. කෙසේ වූවත් නිල් වෙන තෙක් ගහගත් එවුන් පසු කාලයේදී හොඳම පාසල් මිතුරන් වෙන බව සාක්ෂි සහිතව ඔප්පු කල හැකිය. එහෙත් දැන් සිටින ලොකු පොඩ්ඩන් හා නිගාවරුන් රණ්ඩු වෙන්නේ ඔවුනොවුන්ගේ පාතාල ක්‍රියාකාරකම් හේතුවෙන් වන බැවින් පාසල් ගුරුවරුන් විශේෂයෙන් මෙම නිගාවරුන් ගැන අවධානය යොමුකල යුතුය.

දැන් ගම්පහ කොල්ලන් හා කෙල්ලන් බොහෝ විට ලව් කරන්නේ මල් වත්තේ හා ගුවන් පාලම් පිවිසුම් මාර්ගයේ දෙපස ය. එහෙත් නිකමට හෝ පෙම් යුවලවල් දකින පොලිස් බල්ලන් මෙම යෞවනයන්ට සද්ද දමමින් එලවා දමනවා අපි දුටුවද ගම්පහ ඇති මහා බඩු පොට් ගැන පොලීසියට වගේ වගක් නැත. හෙට අනිද්දා වැලන්ටයින් එන බැවින් එදිනට ගම්පහ කපල් වල සාධු චර්යාව හදිසියේම සාපේක්ෂව ඉහල අගයකට පත්වේ. සරුංගල් යැවීමේ මහා සැණකෙලිය වර්ෂයකට වතාවක් පැවැත්වෙන්නේ මෙම වෙල් යාය ආශ්‍රිත මාර්ගයේ ය. එදින සවස් වන විට අමෘතය පානය කල දේව දූතයන් විසින් පාරේ යන බස් හා ඇවිදගෙන යන මිනිසුන්ට ඇසෙන ලෙස මහා හඬින් පිරිත් සජ්ජායනය කරනු ලබයි. බස් වල තෙරපී සිටින, හෙම්බත් වූ මිනිසුන් හා දෙපස පාරේ ඇවිද යන මිනිසුන් එම හඬ අසා හීන් හඬින් සාධුකාර දෙනවා අපි අසා ඇත්තෙමු. සරුංගල් යැවීමට වඩා එදාට එතැන වෙනම ආතල් ගොඩක් ඇත. එකක් අපි කියූ දේවදූතයන්ගේ වීණා වාදනයයි. අනෙක ගම්පහ පුරා සිටින දෙවඟනන්ගේ සම්ප්‍රාප්තියයි. එබැවින් එදාට සරුංගල් පටලවාගෙන ගොඩ යන උන් ඕනෑතරම් සිටියි.



ගම්පහ යනු ලංකාවේ ප්‍රධානතම දුම්රිය හුවමාරුවකි. කොටුව හා මරදානට පසු වැඩිම මගීන් ප්‍රමාණයක් හුවමාරු වන්නේ ගම්පහින් බව බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවකි. එය දුම්රිය වර්ජනයක් ඇතිවූ දිනක ගම්පහ පැරණි මගී පාලම උඩට ගොඩ වූ විට හොඳින්ම සනාථ කරගත හැකිය. දුර ගමන් සේවා යන බොහොමයක් නගරාන්තර දුම්රිය වලට පවා ගම්පහ නැවතුම්පොලක් වන්නේ මෙම අධික මගී හුවමාරුව නිසාවෙනි. එබැවින් ගම්පහ දුම්රිය ස්ථානයට යන ඕනෑම වෙලාවක ඉතා අඩු කාලයක් ඇතුලත ට්‍රේන් එකකට ගොඩ විය හැකිය. සෑම මසක් ආරම්භයේදීම උදෑසනට හා රාත්‍රියට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට අති විශාල මගී පෝලිම් දකින්නට ලැබෙන්නේ සීසන් ගැනීමට ය. එබැවින් සවස කාර්යාල දුම්රියක එන එකෙකුට ඉක්මනින්ම සීසන් ගැනීමට නම් රේල් පාරට පැන පලවෙනි වේදිකාවට ගොඩවී කවුන්ටරය වෙත දිවීමට සිදුවේ. එහෙත් ඒ අනෙක් පසින් කොළඹ දක්වා යන දුම්රියක් නොපැමිණෙන්නේනම් පමණි. උදෑසනට කාර්යාල දුම්රිය බොහෝ ප්‍රමාණයක් ධාවනය වන බැවින් එම අවස්ථාවේදී රේල් ගේට්ටුවට එපිටින් ස්කූල් බසයක් හිර වුණොත් 7.30 පසුවන තෙක්ම උන් ඉස්කෝලෙට යෑම සිහිනයකි. ඒ කාලයේ එහෙම වූ දින කිහිපයක් තිබුණා යන්තමින් මතක ය. එවැනි දින වලට බස් "ඩයිවර්" ගුවන් පාලම ඔස්සේ රේල් පාරෙන් එහාට නොයෑම ගැන අපිට මහත් සතුටක් උපදී. ඒ උදෑසන ආගමික වතාවත්, නිවේදන හා පන්ති අතු ගෑම යන සියල්ල අහෝසි වන නිසාය. එවැනි දින වල හේතු කීමට පෙර කෝච්චියේ හුලං ගියා වැනි සාධාරණ හේතූන් පන්තියේ උන් අතරින් මතුවෙයි. 2013 මුල් කාලයේ ක්ලාස් යන විට මහා සුලි සුළඟක් හමා ගස් කඩා වැටී මාර්ග අවහිර විය. එදා ක්ලාස් එකේ සෙට් එකකටම හුලං හැමීම නිසා ක්ලාස් ඒමට නොහැකි විය. තවත් එකෙක් හුලං බැලීම නිසා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කෙරිණි. ඒ හුලං බැලීමට ගොසින් යැයි අපිට දැනගන්නට ලැබිණි. හුලං හැමූ උන්ට සීරීම් තුවාලයක්වත් තිබුණේ නැති නමුත් හුලං බැලූ එකාගේ ඇඟ පුරා සිරීම් තුවාල ය. ඌ බලා තිබුණේ පැදගෙන යන ගමන්ම බයිසිකලයේ හුලං ය.


- පුරවර ප්‍රවාද සියනෑ පුරය තෙක්, ගම්පහ අපි! -

Monday, February 5, 2018

උඹ උඹේ අම්මට ආදරේ ද? 70th Independence, Sri Lanka

Image result for 70th independence day of sri lanka

ජාතියක් වශයෙන් අපි සමරන්නේ 70වෙනි නිදහසයි. එය සෑම නිදහස් දිනයකටම අපි ඕනෑ තරම් අසන සම්මත කතාවයි. වෙනස් වන්නේ ඉලක්කම් පමණකි. අපිට හැමදාමත් කියන කතාව අදත් ඔබට කීමට සිදුවේ. 1948දී නිදහස ලැබීමේ සිට මේ දක්වා ගෙවී ගිය වසර 70ක කාලය ඉතා කෙටි කාලයකැයි කිසිසේත් නොසිතන්න. මක් නිසාද යත් බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාව පරිපූර්ණ වශයෙන් යටත් විජිතයක් ව පැවති කාලය වසර 133කට වඩා මඳක් වැඩි වූවත් අපි එම සම්පූර්ණ කාලයෙන්ම අර්ධයකටත් වඩා දේශපාලනිකව නිදහස් රටක් ලෙස ගෙවා දමා ඇති නිසාවෙනි. අපි පක්ෂ දේශපාලනය යනු දේශපාලනය යැයි අපිටම කියාගන්නා ජාතියකි. එහෙත් ඇත්ත කතාව එවැනි බෙදීමක් මේ රටේ ඇත්තටම නැති බවයි. බ්‍රිතාන්‍යයේ කිසිදා මිනිසුන් පක්ෂ වලට බෙදී අරෝවන් විසඳාගන්නේ නැත, නෙදර්ලන්තයේ කිසිදා මහජනයා පක්ෂ වලට බෙදී ගැටුම් ඇතිකරගන්නේ නැත, පෘතුගාලයේද එසේ ය. කුමනාකාරයේ හෝ ගැටුමක් ඇති වූවත් ඒ සමස්ත රටටම බලපාන දේශපාලනික කාරණාවකදී පමණි. ඒ රටවලට කිසිදා වෙනත් රටවල් දේශපාලනික, ආර්ථික හෝ සමාජයීය ඇඟිලි ගැසීම් කරන්නේ නැත. ඒ එම රටවල් ලෝකයේ බලවත් රටවල් නිසාවෙනි. එබැවින් කුමන හෝ විරෝධතාවක් ඇතිවන්නේ රටේ සමස්ත මහජනයා අතරින්ම මිස බාහිර පාර්ශවයක මැදිහත්වීමෙන් නොවේ. බල තුලනයක්, ලෝක බලයක් නැති ශ්‍රී ලංකාවට එසේ නොවේ. අපිට විදෙස් ඇඟිලි ගැසීම් වැඩිය, බලපෑම් වැඩිය, කුමන්ත්‍රණ වැඩිය. එවැනි තත්ත්වයක් යටතේදී පවා රටේ මෑත කාලීනව ගැටුම්කාරී තත්ත්ව ප්‍රබල ලෙස නිර්මාණය නොවීමට මූලික හේතුව අපේ මිනිස්සුන්ට ඉතා ඉක්මනින් සෑම දෙයක්ම අමතක වීම යැයි අපි විශ්වාස කරමු. එබැවින් ඒ අමතකවීමට අපි දේශපාලනික වශයෙන් කැමැතිය. මේ රටට දේශපාලන පක්ෂ අවශ්‍ය ඇයි දයි යන කාරණාව පවා අපිට ඇත්තෙන්ම ප්‍රශ්නකාරී ය. එය සුළුතරයක් පාලක පන්තියේ අභිවෘද්ධිය උදෙසා බහුල ලෙසම ක්‍රියාත්මක වූවා මිසක මහජනයා උදෙසා ක්‍රියාත්මක නොවූ බව දත යුතුය. මේ රටේ පැරණිම පක්ෂය ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය යි. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනතුරුව පක්ෂ ලෙස මෙරට ක්‍රියාකාරී දේශපාලනයේ වැදගත්, පෙරලිකාර සිදුවීම් හා සම්බන්ධ වෙමින් ඉදිරියට එන අතරතුර 1971දී මාක්ස්වාදී කොමියුනිස්ට් ප්‍රකාශනය ක්‍රියාවට නැංවීමේ අදිටනින් මහා කැරැල්ලක් මෙරට ක්‍රියාත්මක විය. කැරැල්ල පාවාදීමකින් ව්‍යර්ත කෙරිණි. එහි ඇත්ත නැත්ත කෙසේ වූවත් ජනතා විමුක්ති පෙරමුණ කරලියට එන්නේ ඒ සමඟය. එතැන් පටන් ගෙවී ගිය වසර 45ක කාලය පුරාවට ජවිපෙට මෙරට තුන්වන බලවේගය ලෙස සිටීමට හැකි වූවත් කිසිදා රටේ ආණ්ඩු බලය ලබා ගැනීමට නොහැකි විය. එය තව බොහෝ කලකට හැකි වේ යැයි සිතිය නොහැකියි. ඒ කිසිදා ජවිපෙ ප්‍රතිපත්තීන් මෙරට බහුතර ජනතාව පිලිගන්නේ නැති නිසාය. එබැවින් ඒ සඳහා වම, දකුණ මැද ලෙස බෙදී කතන්දර කීමේ තේරුමක් නැත. ආකල්පමය වෙනසක් නැතිව මේ රට අපි ඔබ සියළු දෙනා මැරෙන තුරාවට සංවර්ධිත රටක් බවට පත් නොවේ. එය අධ්‍යාපනය හරහා සිදු කල හැකි වූවත් එය හුදෙක්ම දීර්ඝ කාලීන විසඳුමක් මිසක ආසන්න කාලයේදී බලපෑමක් සිදු කල හැකි දෙයක් නොවේ.

අපි කතාකරන්නේ වමට බරව යැයි ඔබ සිතන්නට පුළුවන. එය එසේ නොවේ. අපි දක්ෂිණාංශික හෝ වාමාංශික වීමේ තේරුමක්, මානුශීය බලපෑමක් අපිට වැදගත් නැත. අපිට අවශ්‍ය රටේ මහජනතාවගේ ක්‍රියාකාරී බල පෙරලියකි. මහජන මතයක් හරි හැටි මතු නොවෙන ඕනෑම අවස්ථාවක වාසිය යන්නේ රටේ පාලක පන්තියටයි. රටක නිෂ්පාදකයෝ වන්නේ වැඩකරන ජනතාවයි. එනම් රටේ ශ්‍රම බලකායයි. එබැවින් පාලන තන්ත්‍රය ඇත්තේ රජය අතේ නොව මහජනතාව අතේ ය. ශ්‍රී ලංකාව ආසන්න වසර 10-15 ඇතුලත කිසිසේත්ම සංවර්ධිත රටක් බවට පත් නොවේ. ඒ අපේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හරි හැටි ක්‍රියා නොකරන නිසා ය. මූල්‍ය ආර්ථික ක්‍රමවේදයක් හරහා මෙරට සංවර්ධිත රටක් බවට පත්කල හැකි යැයි සිතිය හැකි වූවත් අපි ට්‍රිලියන 11ක් ලෝකයට ණය බව මතක් කර සිටිමු. එබැවින් මේ රට දුවන්නේ ලෝකය අතේ ය. ලෝකය කියන විදිහට ඉන්නට සමහර අවස්ථා වලදී අපට සිදුවේ. මෑතකදී ලැබුණු ජීඑස්පී ප්ලස් බදු සහනය අවලංගු වූ බව අසන්නට ලැබුණි. ඒ අපි ලෝකයට ඕනෑ ආකාරයෙන් නොසිටි නිසා ය. මෙරටට තේ අපනයනය වෙනුවෙන් ආර්ථික සම්බාධක පැනවූයේ ප්‍රමිතිය සම්බන්ධ ගැටළුවක්(කුරුමිණියෙක්) නිසා වූවත් එයත් අපි ජාත්‍යන්තරයට ගිය සිදුවීමකි. මෙරටට විදේශ විනිමය ගෙනෙන්නේ මිනිසුන් ය. ඒ විදේශ සේවය ඔස්සේ ය. අපිට ප්‍රධාන ආර්ථික භෝග තුනකි. ඒ තේ, පොල් රබර් ය. තේ වලින් ලැබෙන විදේශ විනිමයෙන් තුනෙන් එකක් වත් රබර් හා පොල් වලින් නොලැබේ. එබැවින් අනෙකුත් භෝග ගැන කතා කිරීමට දෙයක් නැත. ඇඟළුම් අපනයනයෙන් මෙරට ඉතා ඉහල තැනක ඉන්නා බව අපි කිව යුතුය. එහෙත් ඒ කිසිවක් විදේශ සේවයෙන් ලැබෙන් විදේශ විනිමයට කිසිසේත්ම ආසන්න නොවේ. ඒ සියල්ල දෙස බලා සිටින විට අපිට සිතෙන්නේ රට ගෙනියන්නේ විදේශ ණය හා මිනිස් ශ්‍රම වෙළදාමෙන් බව ය. අපි මේ රටට ආදරය කිරීමට අවශ්‍යම කාලය මෙය යැයි අපි යෝජනා කර සිටිමු. ඔබ ඔබේ මවට ආදරේ දැයි අපි මුලින් ඇසුවේ ඒ නිසා ය. අම්මලාට ආදරේ කරන දරුවන් රටට ද ආදරය කරන සංවර්ධනාත්මක සන්දර්භයක් තැනීමට අපි ආශාවෙන් බලා සිටිමු. අධ්‍යාපනය යනු මේ සියල්ල ගොඩනැගීමට අවශ්‍ය ආකල්ප මිනිසුන් තුල ස්ථාපනය කරවීම බව අපි විශ්වාස කරමු. එය රටක වඩා සංකීර්ණතම කාර්යභාරය යි. එහෙත් මෙරට පක්ෂ දේශපාලනය කිසිදා අපි කියනා මේ කතාන්දරය සත්‍යයක් වීමට ඉඩ දුන්නේ නැත. ඒ ඒ ඔස්සේ මිනිසුන් රැවටීමට පහසු නිසා ය. අපේ රටේ උගත් මිනිසුන් රැවටෙන ආකාරය දකින් විට නොදැනුවත්කම, නූගත්කම නිසා රැවටෙන ආකාරය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. කෙසේ වූවත් එය සමාජ අධ්‍යාපනය ගැන ගැටළුවකි. එයට වක්‍රව උගත්කම සම්බන්ධ වූවත් එය මූලිකම කාර්යය නොවේ. පලමු කාරණාව ආකල්පයි. පක්ෂ දේශපාලනය ඔස්සේ මිනිසුන් තමාගේ ස්වාධීන ආකල්ප හා මතවාද ප්‍රකාශ කරනු ඇතැයි සිතිය නොහැකියි. එබැවින් පක්ෂය යනු පැහැදිලිවම උගුලකි. අපි අවුරුදු 70ක් පැටලී සිටියේ ඒ උගුලේ ය. තාමත් එසේ ය. අපි මේ රටේ දේශපාලන පක්ෂ තනි කල යුතුය. හුදෙකලා කල යුතුය. වෙන්නේ නැත්තේත් එයම ය.

Related image
https://www.news.lk/media/k2/items/cache/e4f32ff9687f11eb66975bf6bd139236_XL.jpg

අපි රටක නිෂ්පාදන බලපෑම ගැන සිතිය යුතුය. අපේ රටේ ඒ ක්‍රියාදාමය ගැන සිතිය යුතුය. ශ්‍රී ලංකාව යනු කිසිදා සංවර්ධනය කල නොහැකි රටක් නොවේ. මේ රට බලහත්කාරයෙන් තමා තමාවම විලංගු දමාගෙන සිටින රටකි. අපිට අත් හොල්ලන්ට බැරි ඒ නිසා ය. බහුතර ජනතාවගේ පැවතුම් ජීවනෝපාය බලපවත්වන්නේ එදිනෙදා ජීවත් වීම සඳහා පමණි. ලැබුණු ජීවිතය ගැන සෑහීමකට පත්වීම මේ රටෙදී නම් ඇත්තෙන්ම මුලාවකි. නැතිනම් උමතුවකි. එසේ නැති නම් බොහෝ දෙනා සිටින්නේ නොසෑහීමෙනි. එය අපේ රටේ සම්මතයයි. මානසික ආතතියෙන් සිටීම අපිට හොඳින්ම හුරු ක්‍රියාවයි. අපි ඇති තරම් වෛර කරමු, කුහකකම් කරමු, ඊර්ෂ්‍යා කරමු, අවසානයේ මෛත්‍රී ද කරමු. අපි මෛත්‍රී කරන්නේද, මිනිසුන්, මිතුරන් ඇසුරු කරන්නේද මානසික ආතතියෙන් මිදීමට ය. අපි කතා කරන්නේද ආතතිය නැති වෙන දේවල් ය. එබැවින් අපිව මුලාකිරීම මේ රටේ දේශපාලකයාට පහසු ය. ඔබ කොතරම් උගතෙක් වූවත් රැවටෙන්නේ ඒ නිසා ය. ඔබට සතුටින් සිටීමට අවශ්‍ය නම් එකම විසඳුම යුරෝපා, රුසියා හෝ ඕස්ට්‍රේලියානු රටක ස්ථිරවම පදිංචියට යාමයි. එහෙත් බහුතර ශ්‍රී ලාංකිකයෝ වාසනාවන්තයෝ නොවේ යැයි සමහර විටක සිතෙයි. අපි ඉන්නේ බුදුන්ගේ දේශයේය, වැඩිපුරම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින්නේ මේ පින් බිමේ ය, වැඩියෙන්ම බණ අසන්නේ, සිල් ගන්නේ මේ රටේ ය. එහෙත් අපි ඉන්නේ සතුටින් නොවේ යැයි අපි කියනා මේ තිත්ත ඇත්ත කරුණාකර තේරුම් ගන්නා ලෙස අපි ඉල්ලා සිටිමු. අපි නැවත නැවතත්, නැවත නැවතත් මේ කැරකෙන්නේ එකම චෛත්‍යය වටේ ය, පල්ලිය වටේ ය, කෝවිල වටේ ය. අපේ රටේ ආගම ද දේශපාලනයකි. එබැවින් අපිට ඇත්තේ සරල හිත් පීඩා නොවේ ය. අපි පන්සලට, පල්ලියට, කෝවිලට යන්නේ එසේ මෙසේ හිත් පීඩා ගැන කීමට නොවේ ය. අපල දුරු වීමට ය, තවකෙකුට පොල් ගැසීමට ය, ආත්මයේ ඇති හිස් කම පුරවා ගැනීමට ට්‍රෙන්ඩ් එකට ය(බොහෝ විට පන්සලට යන දේශපාලකයා). ඒකත් හිත් පීඩාවකි. දේශපාලනයෙන් මිදීමට අපේ රටේදී ආගමටවත් බැරිය. මේ රට මහා අවුලක් යැයි අපි නැවතත් කියන්නේ එබැවිනි. අපේ රටේ සියළු දෙනා එක්වී රට හැදීමට යයි. කිසිවෙක් තම තමා තනි තනිව මානසිකව විප්ලවයක් කල යුතු යැයි නොසිතයි. විප්ලවයක් ආරම්භ කල යුතු වන්නේ තනි පුද්ගලයෙකුගේ මනසේ ය. ධෛර්යවන්ත එක් පුද්ගලයෙක් අවසානයේදී බහුතරයක් බවට පත්වේ යැයි අපි අසා ඇත්තෙමු.

මේ රටේ නිදහස් සෞඛ්‍යයක්, නිදහස් අධ්‍යාපනයක් පවත්වන ආකාරය ගැන අපි නැවතත් සිතා බැලිය යුතුය. ඒ සියල්ල ක්‍රියාත්මක වන්නේ ඔබෙන්, මගෙන් අපි සියළු දෙනාගෙන්ම අයකරගනු ලබන බදු මුදලිනි. එබැවින් ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල් වල ක්‍රියාත්මක වන වෛද්‍ය සේවය, රාජ්‍ය අධ්‍යාපනය මේ රටේත් ක්‍රියාත්මක වීමට නම් එය පාලන තන්ත්‍රයේම ඇතිවන ප්‍රතිපත්තිමය තීරණ මත වෙනස් කිරීම හෝ දේශීය ආදායම් ලෙස අයකරගනු ලබන බදු මුදල් ඉහල දැමීම විනා වෙනත් විකල්පයක් අපිට නැත. අපි දුප්පත් රටකි. එයට වසර 70කට පෙර ශ්‍රී ලංකාව දේශපාලන නිදහස ලබා ගත් මොහොතේ පටන් මේ දක්වා රට පාලනය කල සියළු පාලකයන් තනි තනි වශයෙන් මෙන්ම සියළුදෙනා එක්ව ද වගකිව යුතුය. මෙරට අද වන විට ඩොලර් බිලියන ගණනක් විදේශයට ණය වූවද මෙරට එක ඩොලරයක් වත් එසේ ණය නොවූ කාලයක් මේ රටේ පැවති බව ඔබට මතක් කර සිටිමු. ඇමෙරිකානු ඩොලරය රුපියල් 2.65කට තිබූ කාලයක් තිබූ බව අපි මතක් කර සිටිමු. ජපාන යෙන් එක ශත 4-5කට තිබූ බව මතක් කර සිටිමු. එබැවින් ඒ සියල්ල මේ රට බාරගත් දේශපාලන උන්මත්තකයන්ගේ වරදින්ම විනාශයට පත් කරනු ලැබ තිබේ. මේ රටේ මිනිසුන්ට ඇත්තේ පස්සෙන් එලව එලවා එන අවාසනාවකි. මක් නිසාද යත් බහුතර ජනයාගේ චින්තන දුප්පත්කම විසින්ම තෝරාගනු ලබන පාලකයාගේම ගොදුරක් වීමට ඔවුනට සිදුවීමයි. අපිට ඇත්තේ සිතුවිලි වල දිලිඳු බවකි, ආකල්ප වල දිලිඳු බවකි. අපි අපි ජීවත්වන සමාජයේම අසාධාරණ ලෙස ශ්‍රම ගොදුරක් බවට පත්ව සිටින බව අපි කිසිදා තේරුම් නොගන්නේ ඇයි. මේ රටේ පාලක පන්තිය විසින් ඔබේත්, මගේත්, සමස්ත ශ්‍රම බලකායේ වටිනා ශ්‍රමය හූරා කමින් සිටින බව අපි සත්‍ය වශයෙන්ම තේරුම් නොගන්නේ ඇයි. නැවත නැවතත්, නැවත නැවතත් අපි අපිම ආයෙ ආයෙම මේ 70 වසර පුරාවටම උන්ගේ රඟපෑම් වලට හසු වූ බව පිලිනොගන්නේ ඇයි. මැතිවරණයක් මැතිවරණයක් පාසා ඔවුනොවුන් එක වී අපි අපි බෙදී වෙන්වන ලෙස බොරුව වපුරමින් සිටින බව අපි තේරුම් නොගන්නේ ඇයි. රැවටීම් වලින් නිදහස් වීමේ මානුශීය උවමනාවක් ඔබට, මට අනාගතයේ අපේ දරුවන්ට ඇති කරවීමේ අවශ්‍යතාවක් අපිට නැත්තේ ඇයි. ඒ අපි ජාතියක් වශයෙන් අපේ රටට සැබෑ ලෙසම ආදරය නොකරන නිසා ය. අපි අපිවම ගොදුරක් බවට පත්වී  සිටින මෘග සමාජයට වෛර කරන සන්දර්භයක් නිර්මාණය වී ඇති නිසා ය. එහෙත් ඒ වෛරය සැබෑ වෛරයක් නොවේ ය. හුදෙක්ම පාලක පන්තියේ කූඨ උපායක්ම පමණි. අපි ඉටු කරමින් සිටින්නේ ඔවුන්ගේ උවමනාවක්, ඇතැම් විටෙක ජාත්‍යන්තරයේ උවමනාවක් පමණකි. අපි වියවුල් අවශ්‍ය ජාතියක් නොවේ. අපිට අවුල් සහගත බවක් අවශ්‍ය යැයි ව්‍යාජ අර්ථ නිරූපණයන් සිදුකරනු ලබන්නේ ඔබව ආරක්ෂා කරනවා යැයි ඔබට දැනෙන මේ රටේ මෘග පාලක පන්තිය විසිනි. ඔබ අපි අසන්නේ, ඇසිය යුතු යයි සිතන්නේ ඔවුන්ගේම දේශනා ය, ඔවුන්ගේම පුරාජේරු ය, කිසිදා අපි ප්‍රබුද්ධ කතිකා වටා එක් රොක් වූයේ නැත, මේ රටේ සැකැස්ම ගැන, ගමන ගැන අවබෝධයක් ඇති මිනිසුන් වටා රැස් වුණේ නැත, අපි හැමදාමත් කලේ ප්‍රබුද්ධ මිනිසා තනි කිරීම ය, ඇත්ත පෙන්වන කලාකරුවා, මාධ්‍යවේදියා, උගතා තනි කිරීම ය. අපි හැමදාමත් මිනිසුන් පක්ෂ වලට වෙන්කර ලේබල් ගැසීමට පුරුදු වී සිටියා මිසක බුද්ධිමය කතිකාවට, සමාජයීය වශයෙන් නිරවද්‍ය මතවාදයට අත්පුඩියක්වත් ගැසුවේ නැත. ඒ අපිව පාලකයා විසින් මුරුංගා අත්තේ තැබූ නිසා ය. අපි උගත්, බුද්ධිමත් යැයි ඔවුන් අපිට කියූ නිසා ය. අපි ඉන් සතුටට පත් වූ නිසා ය. ඔවුන් අපිව හුරතල් කල නිසා ය. අපිට ටොෆී, චොකලට් බෙදූ නිසා ය. අපි තවමත් ළදරුවන් යැයි ඔවුන් සිතන නිසා ය.

Image result for politic sad of sri lanka
http://www.aljazeera.com/mritems/Images/2015/12/21/c22d959a2b54422a85bec86b17f55783_6.jpg

ඔබට කොතරම් රිදුනත් මේ කියන්නේ තිත්ත ඇත්තයි. අපි සැබෑ ලෙසම මෘග මොඩයන් බව පිලිගන්න. අපි කිසිදා අන්‍ය මත ඉවසන්නේ නැත, අනෙකා ඉවසන්නේ නැත, වැරදි පෙන්වාදීමේ දක්ෂයින් මිසක හරි දේ සමාජගත කිරීමේ දක්ෂයින් නොවේ ය. අපි අත්පුඩි ගසන්නේ, මල් මාලා පලඳවන්නේ අපේම සතුරාට ය, උත්ප්‍රේරණය කරන්නේ සතුරුකම ය, වපුරන්නේ ආත්මාර්ථය ය. අපිට අවශ්‍ය අපි සංවර්ධිත වීම පමණකි. ඔබ සුඛෝපභෝගී ජීවිතයක් ගෙවා දමන අතරතුර ඔබ සමඟ ඔබේ පාසලේ එක බත් පත බෙදාගෙන කෑ මිතුරා අන්ත දිලින්දෙකු ලෙස දිවි ගෙවනවා වන්නට පුළුවන, ඔබේ සරසවි මිතුරා තවමත් රැකියා විරහිත උපාධිධාරියෙකු ලෙස මහමග රස්තියාදු වනවා වන්නට පුළුවන, ඔබේ මවට ඕනෑම අසනීපයකදී ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාව තියෙද්දී ඔබේ මිතුරා, ඔබේ යෙහෙලිය සිය මවට, පියාට නිසි ප්‍රතිකාරයක් ලබාදීමට නොහැකිව ලතැවෙනවා වන්නට පුළුවන. එය මේ සමාජ ක්‍රමයේ වරදක්ම මිස ඔවුනොවුන්ගේ දෛවය යැයි හංවඩු ගසනවා විනා අපි කිසිදා ඉන් එහාට දෙයක් සිතන්නේ නැත. අපි කියන්නේ අපි අසංවේදී කියා නොවේ ය. නමුත් අඩුතරමින් අපි මේ රටේ මිනිස්සුන්ට නිදහසේ කා බී, ලෙඩක් දුකක් නැතුව ඉන්නට පුළුවන් ආකාරයේ සමාජයීය සාධාරණයක් වෙනුවෙන් සිතින් හෝ තර්ක කල යුතුය.


Related image
https://www.newsradio.lk/wp-content/uploads/2017/02/Trains.jpg

අපි කියන්නේ කිසිදා කල නොහැකි දෙයක් ගැන නොවේ ය. අපි මෙන්ම තවත් බොහෝ නිදහස් මත ධාරීන් මේ වෙනස්කම වෙන තුරා සිය ජීවිත කාලය පුරාම ආශාවෙන් බලා සිටින්නට ඇත, අදටත් එසේ සිටිනවා ඇත, මානව ප්‍රේමී මාධ්‍යවේදීන් අතලොස්සක් අතරින් බහුතරයක් මේ මහපොලොවට පස් වන්නට ඇත. අපි නිදහස යැයි අර්ථ දැක්විය යුත්තේ මානසික නිදහසක් මිසක හුදෙක් දේශපාලන නිදහසක් හෝ රාජ්‍ය තාන්ත්‍රීය නිදහසක්ම නොවේ ය. අපිට රටේ සමස්ත ශිෂ්‍ය පරපුරට තම විභව්‍යතා ඔස්සේ ප්‍රගමනය වී රටට සේවය කිරීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ අවශ්‍යතාවක් තිබිය යුතුය. පෙර පාසලේ සිට ශිෂ්‍යත්වය තෙක් අපේ දරුවන් පුරුදු පුහුණු කරනු ලබන්නේ තරඟයකට ය. ශිෂ්‍යත්වයේ සිට අපි ඔවුන්ව ඉලක්ක කරන්නේ තමාගේ ස්වාර්ථය වෙනුවෙන් ගොඩනැගී අවසානයේදී සාමන්‍ය පෙල සමත් වීම ය. අවසානයේ උසස් පෙලින් ඉලක්ක වන්නේ විශ්වවිද්‍යාලයට ය, කාර්මික විද්‍යාලයට ය, පෞද්ගලික සරසවියට ය, එසේ නැතහොත් රැකියාවට ය. අපි කියන්නේ මේ ක්‍රමය වැරදියි කියා නොවේ ය. එය මනුශ්‍ය‍යාට දරන්නට බැරි බව පමණි. අපේ තරුණ පරපුර හෙම්බත් වී සිටින්නේ අපි හැමදාමත් දුවන මේ තරඟය නිසා ය. මෙය කිසිදාක කෙලවරක් නොවේ. අපි ද, අපේ දරුවා ද, අපේ දරුවන්ගේ දරුවා ද අනාගතයේදී මුහුණ දෙන්නේ මේ ඛේදවාචකයට ය. මේ ක්‍රමයේ වෙනසක් ගැන අපි කතා කල යුත්තේ ඒ නිසා ය. අපි සමාජයෙන් ඉවත් කල යුතු වන්නේ දේශපාලකයා යන චරිතය මිසක පුද්ගලයා නොවේ ය. දේශපාලකයා මරා දැමීම විනා පුද්ගලයා මරා දැමීමේ තේරුමක් නැත. අපි පුද්ගල බද්ධව සමාජය දෙස බැලීම නැවතිය යුතු ය. නතර කල යුතු ය. ඒ සමාජ අධ්‍යාපනය අපි මිනිසුන් අතර පැතිරවිය යුතු ය. අපි කියන්නේ ඒ අධ්‍යාපනය ගැන ය. එය අද හෝ හෙට හෝ ඉදිරි දිනකදී අනිවාර්යයෙන්ම ආරම්භ විය යුතු ය. අපි පොලිතින් කොලය, ටොෆි කොලය, බස් ටිකට් එක පාරේ විසි කිරීම නැවතීමේ පටන්ම අපේ මිනිසුන්ව වෙනස් කල යුතු ය.අපේ මිනිසුන් ශ්‍රී පාදය වන්දනා කලත් කුණු කසල ය, අනුරාධපුර අටමස්ථාන වැන්දත් කුණු ය, පල්ලි, පන්සල්, කෝවිල් කොතරම් ගියත් අපේ හිත්වල කුණු ය. එබැවින් අපි වටේ තියෙන්නේ ද ඒ කුණු ය. බොහෝ ද්‍රවිඩ මිනිසුන් දුම්රියේ යන්නේ ආසන බදු අරගෙන ය, හතරට පහට නිදාගෙන ය, ඒ බොහෝ මිනිසුන් හිටගෙන තෙරපි තෙරපී සිටින විට ය. අපි ඉලක්ක කලේ ජාතියක් නොව එක්තරා සමාජ කුලකයකි. දුම්රියේ කප්පරක් කුණු ය. දුම්රිය මග දෙපස ඊටත් වඩා කුණු ය. ඔබ නොදන්නවා වූවද කොටුව හා මරදාන දුම්රිය ස්ථානවල මහ රාත්‍රියේ දුම්රිය මග හා දුම්රිය වේදිකා පිරිසිදු කිරීමට කම්කරුවෝ බොහෝ වෙහෙස වෙති. ඒ ඔබේ නොසැලකිල්ල නිසා ය. අපි පාර දෙපස කුණු වීසි කරමු, කසල ප්‍රතිචක්‍රීකරණය ගැන අසාවත් නැති මිනිසුන් ලෙස කුණු බැහැර කරමු. එයට අපේ රාජ්‍ය මැදිහත්වීමක් නැත. කුණු කසල සම්පතක් බව අපි ඇත්තටම දන්නේ නැත.

එබැවින් අපිට මේ සියල්ල අවසනයේදී ඔබෙන් ඇසීමට දෙයක් ඇත. උඹ උඹේ අම්මට ඇත්තටම ආදරේ ද? අපි සියළු දෙනාටම නැහැයි කීමට සිදුවන ප්‍රශනයක් ගැන අපි බොහෝ දේවල් කීවෙමු. අපි බලා සිටිමු, බොහෝ ආශාවෙන් බලා සිටිමු, අපි ප්‍රාර්ථනා කරන, මේ රටේ බහුතර නිදහස් මත ධාරීන් ප්‍රාර්ථනා කරන චින්තන ප්‍රවාදය වෙනුවෙන් අපි බලා සිටිමු. අපේ පොෂ් යැයි සිතා සිටින, සමාජශීලී යැයි සිතා සිටින, සමාජශීලීත්වය පුද්ගලයා මාකට් කරන ප්‍රධානම සාධකයක් යැයි විශ්වාස කරන සමාජයේ, තරුණ පරපුරේ හිස් බව නැවත නැවත පිරවීමට අවශ්‍ය ප්‍රබුද්ධ මැදිහත්වීමක් එනතුරු බලා සිටිමු. තමා වෙනුවෙන් පමණක් ඉගෙනගන්නා, රැකියා කරන, සිනහසෙන, මොලය වෙහෙසවන, දහදිය වගුරුවන මිනිසුන් අනෙකා ගැන හිතන, අත්තටම සිතන දවසක් එනතුරු අපේ අම්මාට, තාත්තාට, බිරිඳට, පෙම්වතියට, පෙම්වතාට, දරුවාට, නෑදෑයාට පමණක්ම ආදරේ කරමු. අපි මිනිසුන් තැනිය යුත්තේ අප සමඟම ඉදිරියට යාමට නොව අප පසුකර යාමට යැයි සිතෙන සාම්ප්‍රදායික ගුරු භූමිකාව සමාජය පුරාම පැතිරෙන තුරු 70වෙනි නිදහස 170වෙනි නිදහස වන තෙක් මේ බසයේම, මේ දුම්රියේම ඉදිරියටම යමු, ජය!

- පුරවර ප්‍රවාද -


Wednesday, January 17, 2018

සරසවිය හා බැණුම් ඇසීමේ කලාව - අවසානය Mental cruelty of state universities of Sri Lanka

Photo credit goes to Praveen Hasaranga

අපි මේ යන්නේ බැණුම් ඇසීමටයි. ආයෙත් කියන්නම්
, අපි බැණුම් අහන්න ආස හිතෙන්න ලියන්නයි යන්නෙ. මේ දෙකක් වගේ පෙනුනත් වෙන්නෙ එකම දේ. ඒක ගැන ආයෙමත් පාරක් ටිකක් හිතලා බලන්න. මේ කියන්න යන්නෙ විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ගැන අපි ලියන අන්තිම ලිපිය ගැන. උප සංස්කෘතියක් කියන්නෙ මොකක්ද කියලා දන්නව ද. ඇත්තට ම ඒක ගැන දැනගන්න ඕනෙද. කිසිම විශ්වවිද්‍යාල පද්ධතියක රැඳෙන්න මේ වචනෙ තේරුම ගැන දැනගෙන ඉන්නම ඕනේ නැහැ. ඒක කිසිම තේරුමක් නැති දෙයක් වෙනවා ඇඟට ගත්තොත්. සරලව ම කිව්වොත් මේක එක්තරා ආචාර ධර්ම පද්ධතියක්. හැබැයි ඒක ඇතුලේ ප්‍රකට සමාජයීය හර පද්ධතියට, මානුශීය සම්ප්‍රදායන්ට ඉතා ඉහල වටිනාකමක් දෙනු ලබනවා. අපි කතා කිරීමට ඉතාමත් අකැමැති මාතෘකාවක් වුණත් සරසවිය පෙනෙන තරම් සුන්දර ව්‍යුහයක් නොවන බව වැනි පිළුණු වූ, ඕජස් හැලෙන කතාවක් ගැන සමාජයේ පූර්ව මතය ඔස්සේත් අපිට කතා කරන්නට වේවි. සියල්ල කතා කර අවසන් කිරීමට අපි ඇත්තෙන්ම කැමැති ය. අපිට ප්‍රකට ව නොපෙනුනත් සමාජයේ හැම උප ව්‍යුහයක් ඇතුලෙම තියෙන්නෙ උප සංස්කෘතියක්. ඒත් ඒවාට සමාජයීය අවධානය අඩුයි. පාසලක්, පෙර පාසලක්, ගුරු විද්‍යාලයක්, අධ්‍යාපන විද්‍යා පීඨයක්, හෙද විද්‍යාලයක් වුණත් පවත්වාගන්නෙ උප සංස්කෘතියක් ඔස්සේ බව විවෘත මනසකින් බැලුවහොත් ඕනෑම කෙනෙකුට පෙනෙන කාරණාවකි.

පාසලක් ආරම්භ කිරීමට වේලාවක් තිබේ, අවසන් කිරීමට වේලාවක් තිබේ, විනය නීති පද්ධතියක් තිබේ, කොටින්ම එයට සම්මත ව්‍යවස්ථාවක් තිබේ. මේ කාරණාව අධ්‍යාපන විද්‍යා පීඨ, හෙද විද්‍යාල මෙන්ම පෙර පාසල් වලටත් එසේම වන බව ඔබ නොදන්නවා නොවේ. ව්‍යුහාත්මකව පවතින වෙනස්කම් හැරුණු කොට අදාල පද්ධතියේ අරමුණ හා මෙහෙවර ක්‍රියාදාමය වෙනුවෙන් පවත්වාගන්නා ආවේණික සම්ප්‍රදාය ඒ ඒ කුටුම්බයේ උප සංස්කෘතිය යි. අපිට මේ දේවල් මේ විදිහට ඔබට විස්තර කිරීමේ පූර්ව අවශ්‍යතාවක් ඇතිවුණා. ගොඩක් දෙනෙක් විවේචන ඉදිරිපත් කරන්නෙ මතුවී පෙනෙන කුටුම්බයට විතරයි. ඒත් ඒකෙ ඔබේ වරදක් නැහැ. එහි ස්වභාවය එසේයි. මිනිසුන් වෙනස් කිරීමේ හැකියාවක් ඔබටවත් අපිටවත් නැහැ. එහෙත් අපිට බලපෑමක් ඇතිකිරීමට තුඩු දෙන හේතූන් වන්නට පුළුවන්. මේක විශ්වවිද්‍යාල පද්ධතියට විතරක් පොදු කාරණාවක් නෙවෙයි. රටේ බොහෝ පිරිස් දැන හෝ නොදැන ගෙනියන්නේ තම තමාගේ දෛනික ක්‍රියාවලියට පහසුකම් සපයන උප සංස්කෘතියක්. අපි විවේචනයට ලක් වෙන විශ්වවිද්‍යාල උප සංස්කෘතියවත් අනෙකුත් බාහිර සමාජයේ උප සංස්කෘතීන්වත් උපහාසයට, විවේචනයට ලක් නොකරමු. එහි කිසිම තේරුමක් නැත. උප සංස්කෘතියක් විවේචනය කිරීමේ හරයක් නැත්තේ එය එලෙස වෙනස් කල නොහැකි නිසාවෙනි. වෙනස් වීමේ අවශ්‍යතාවක් නොමැතිව, හේතුවක් නොමැතිව මෙම පද්ධතීන් කිසිසේත් ම වෙනස් නොවේ. උපායශීලීව වෙනස් කල හැකිය. එය වෙනම කතාවකි. උපායන් යොදමින් දේශපාලනීකරණය වූ සරසවි කුටුම්බ ගැන අපි හොඳාකාරයෙන්ම දනිමු. එහෙත් සමාජයේ බොහෝ පිරිස් ඒවා විවේචනය කරන්නේ ඒ ගැන සොයා බැලීම් නැතිවය, විමසීම් නැතිවය. ඒවා හුදෙක්ම පුහු මතවාද බවට පත්වන්නේ ඉන් අනතුරුවය. ඒවා සියල්ල සිදුවන්නේ අපිට අපේ අනර්ඝ සංස්කෘතිය හා සභ්‍යත්වය විසින් මතුකර දී ඇති වටිනාකම් ගැන අපි අපිම පුරාජේරු ගසන කාලයක ය. තමාට සියල්ල දේශපාලකයින් විසින් ලබා දිය යුතු යැයි සිතන මිනිසුන් අපේ රටේ ඕනෑවටත් වඩා සිටී. සියල්ල රටේ මිනිසුන් විසින් ම කර දිය යුතු යැයි සිතන චරිත ද අපි ඕනෑ තරම් දකිමු. සියල්ලට ම පසු කීමට ඇත්තේ අපි ඉන්නේ ධනවත්, සංවර්ධිත රටක නොවෙන බවය.නැවත වතාවක් කිව යුතුය. අපි අපිව හෝ අපේ ප්‍රතිවාදීන්ව හුරතල් නොකරමු. එය කිසිසේත්ම අපේ ක්‍රමය නොව එය ප්‍රතිගාමී පුද්ගල නටඹුන් සතු වන බැවිනි. කෙසේ හෝ අපි ඉන්නා රට සංවර්ධනය නොවන්නේ ඇයි දැයි ඔබ දන්නවාද! හේතුව එය සංවර්ධනය නොවෙන නිසාය. එය 2015න් පසු නැවතුණා යැයි ඔබ සිතන්නට පුළුවන. එහෙත් එය සංවර්ධනය කිරිම කිසිදා ආරම්භ නොකල වග අපි ඔබට මතක් කරමු. නිදහසින් පසු ශ්‍රී ලංකාව යනුවෙන් මාතෘකාවක් ඉගෙනගත්තා අපිට මතකය. ලංකාවේ නිදහස් අධ්‍යාපනය පනතක් ඔස්සේ සම්මත වනුයේ ඇත්තෙන්ම මේ රට සංවර්ධනයට අවශ්‍ය මූල බීජ රට තුලින්ම සොයා ගැනීමේ අරමුණින් ය. එය සාර්ථක කර ගැනීමේ ඊළඟ පියවර වූයේ 1978 විශ්වවිද්‍යාල පනතයි. ඒ ඔස්සේ රට පුරා ප්‍රදේශ වල විශ්වවිද්‍යාල ආයතන පිහිටුවීමත් සමඟ රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට එය විවෘත වූවා යැයි කීවොත් වැරදිය. තෝරාගන්නා පිරිසක් උදෙසා එය ක්‍රියාත්මක වීම ගැන අදටත් කිසිවෙක් දොස් නගන්නේ නැත. ඒ එලෙස තෝරා ගනු ලබන්නේ නියමිත ක්‍රමවේදයක් ඔස්සේ පවත්වන විභාගයකින් හෝ ඇගැයීම් ක්‍රමයකින් ඉහලම දක්ෂතා දක්වන පිරිසක් වන නිසාය. මේ කාරණා ගැන අපි මින් පෙර කතා කර ඇත්තෙමු.


නැවත නැවතත් මේ දේවල් ගැන අපිට කතා කිරීමට සිදුවීම ගැන අපිට සතුටකටත් වඩා ඇත්තේ දුක, පසුතැවීම, හාස්‍යය හා උපහාසය මුසු හැඟීමකි. ලංකාවේ ක්‍රියාත්මක වූ  හා ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රමවේද කිසිවක් නිවැරදි නොවේ යැයි අද රටේ බොහෝ දෙනෙක් පවසයි. එහෙත් කිසිවෙක් හරි ක්‍රමයක් ගැන කතා නොකරයි. අධ්‍යාපනය වැරදි බව කියයි, එහෙත් හරි ක්‍රමවේදයක් ගැන කිසිවෙක් නොදනී. සෞඛ්‍යය ගැන කතා කරයි, වෙනස් විය යුතු බව කියයි, හරි ක්‍රමයක් ගැන කිසිවෙක් අදහසක් නොදේ. වෙළඳ හා ආර්ථික ප්‍රතිපත්ති ගැන කතා කරයි, එහෙත් ට්‍රිලියන 11ක් ණය ඇතිවූයේ ඇයි දැයි කියා නොසොයයි. ඒ ණය පියවූවද තවදුරටත් ණය ගැනීමට සිදුවන බව නොදනියි. මේ රට පවත්වා ගන්නේ ණය වලින් බව ඇතැම් විටෙක අපට සිතේ. මහවැලි ව්‍යාපාරය පවා යෝධ සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූවත් මහවැලි ගඟ හැරෙව්වේ වැරදි පැත්තෙන් බවත් එය වයඹ හා උතුරු මැද සෘජුවම පෝෂණය කල යුතු බවත් මුලින්ම කීවේ රෝහණ විජේවීරය. එය අපේ අදහසක් නොව ඔහුගේය. එහෙත් අදටත් වයඹ හා උතුරු මැද ලක්වන මහා නියං ආපදාව ගැන සැලකීමේදී එහි සත්‍යතාවක් ඇති බව පෙනෙන්නට තිබේ. මේවා කිසිවක් වාමාංශික දේශපාලනය නොවේ ය. එහෙත් රෝහණ විජේවීර, ඇන්. ඇම්. පෙරේරා යනු මේ රටට හරි හැටි වැඩක් ගන්නට නොහැකිවූ මොල දෙකක් බව කිව යුතුය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයින් විසින් හැරගියේ එය ධනවාදයට තල්ලු වීමට තිබූ පල්ලම අසලටම ගෙනැවිත් හමාර වූවාට පසුවය. එබැවින් අප රට ප්‍රජතන්ත්‍රවාදී ලේබලය ඔස්සේ ධනවාදී රටකි. එහෙත් කොහෙන්දෝ පැමිණි සමාජවාදී කෑල්ලක් අපේ රටේ ව්‍යවස්ථාවට ඇත. 1914 රුසියානු විප්ලවයෙන් පසු 1989 දක්වා සෝවියට් තොටිල්ල බිඳවැටෙන තෙක් මෙරටට සමාජවාදී ව්‍යාපාරයෙන් ආධාර ලැබුණු අතර චීන ජනරජය, ජපානය යුහුසුළුව උපකාර කල රටවල් අතර මේ රට ප්‍රධානය. ඒ සියල්ලට පසුත් මේ රටේ නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තිය ගැන, අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන සිතීමේදී සමාජවාදී කෑල්ල ආපු හැටි සිතාගත හැකිය. ඒ සියල්ල සොයා බැලීමේදී මේ රට පවත්වාගන්නා ක්‍රමය වැරදි යැයි අපට නොසිතේ. මක් නිසාද යත් වෙනසක් අවශ්‍ය සෑම විටකදීම අපි ජාතියක් ලෙස වෙනස් වීමු. හාස්‍යජනක කාරණාවද එයයි. පිල් බෙදෙමින් වෙන් වූවද අපි හැමදෙනාටම තිබුණේ එකම අවශ්‍යතාවකි. එනම් මැජික් අරිෂ්ඨය සොයාගැනීමයි. එවිට අපිට නොසිතූ ශක්තියක් ලැබේ. සියල්ලන් අවනත කර ගත හැකිය. පාලකයින් හා පාලන තන්ත්‍රය විසින් අපිව හුරතල් කර අපිව සනසාවි යැයි සිතීමට මෙම මැජික් අරිෂ්ඨය බිවූ පසු  අපි සිතමු. පාලකයින් හැමදාමත් මැතිවරණ සමයේදී අපිට පෙනුණේ මැජික් කරුවන් ලෙසය. මිනිසුන් ෆැන්ටසි ලෝක වල පාකිරීමේ හැකියාව ඇත්තෝ පාලකයෝ වූහ.



මැජික් වලින් රටවල් දියුණු නොවෙන බව මිනිසුන් තේරුම් ගත යුතුය. රටක් දියුණු කිරීමේ පලමු පියවර අධ්‍යාපනයයි. එය ගැන කීමට හා එය සනාථ කිරීමටය මේ තරම් අපි ඔබට මේ රටේ මේ තාක් සිදුවූ දේශපාලනික හා සමාජ පෙරළිය ගැන කීවේ. අපිට නැති දේ අධ්‍යාපනය බව අපිට කීමට සිදුවේ. අපි දුප්පත් රටක් වී ඇත්තේ රටේ මිනිසුන් දුප්පත් නිසාය. මේ රටේ බලය බෙදන්නට කතා කරන ඊනියා බෙදුම් වාදීන්ට අපේ ගෞරවණීය ස්වාමීන්වහන්සේ නමක් හොඳ උත්තරයක් දුන්හ; බලය හැර මේ රටේ සියල්ල මහජනතාව අතරේ සමසේ බෙදිය යුතුය. එහෙත් අපේ රටේ ඇත්තේ කුට්ටි ක්‍රමයකි. පවුල් කුට්ටි වශයෙන් සිටී. දේපල, මුදල් ආදිය කුට්ටි වශයෙනි. මේ රටේ කුට්ටි වශයෙන් නොදෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පමණි. ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට දැන් ඒ කුට්ටිය ආගමනය වෙමින් තිබේ. දැන් ඔබ කියාවි, ඔබ සිතාවි විශ්වවිද්‍යාල අධ්‍යාපනය දෙන ක්‍රමය හරි කියා. එය පැහැදිලි නැත. පැහැදිලි කරගත යුත්තේ විශ්වවිද්‍යාල පාලනාධිකාරිය හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඔස්සේ ය. මක් නිසාද යත් මේ රටේ විශ්වවිද්‍යාල වල තරම් මානසික ඝාතන, මනෝමූලික ව්‍යාජ ප්‍රතිරූප මවන, කැත වැඩ සිදුවන වෙනත් රාජ්‍ය අධ්‍යාපන ආයතන නොමැති නිසාවෙනි. ඌන සම්මතයක් ෆැනටසියක් කරගෙන ඉන්නා පිරිස් වැඩියෙන්ම ඉන්නේ විශ්වවිද්‍යාල පද්ධතියේය. කාලෙකට කලින් අපේ රටේ එලෙස විශ්වවිද්‍යාල පද්ධති වල සිටි රොඩු දැන් රටේ මහ පුටු වලය. අපි ඔබට කිව යුතු නැති වූවත් මෙරට පාර්ලිමේන්තුවට හොර පාරෙන් රිංගන විෂබීජත් ඉන්නේ අපි කියනා කුලකයේ ය. සයිටම් වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ ව්‍යාපාරයට සිටි පැහැදිලි ප්‍රතිවාදීන් අපි කියනා කුලකයේ ය.
මේ රටේ තමන්ට ඉගැන්වූ පිනට හිලව් වශයෙන් ශිෂ්‍යයින් විශ්වවිද්‍යාල වල අන්ත දුක් විඳ ඉගෙනගන්නා බව අපි දනිමු. එහෙත් එහිදී අපි කියූ කොට්ඨාශය සරසවි කුටුම්බයට එන්නේ ඇපත් නැතුවය. මේ රටේ හැම දේම සිදුවන්නේ වාසියට ය. කෙහෙල් ගෙඩිය කා ලෙල්ල අතේ ගුලි කරගැනීමට වඩා දෙයක් දන්නා මිනිසුන් සරසවියට යා යුතුය. කාලයක් තිස්සේ සිදු වූ කැත වැඩ වල ප්‍රතිඵලයක් ලෙස මේ රටේ විශ්වවිද්‍යාල සමස්ත ප්‍රජාව ගැන රටේ පැහැදීමක් නැත. එය 1989-90 කාලේ තිබුණා මෙන් නොව සැබෑම ජනතා විරෝධයකි. වැඩියෙන්ම බැණුම් අසන ඔවුහු පසුගිය දා සයිටම් සටන තීරණාත්මක අවසානයක් තෙක් ගෙනාවෝය. එය අවසානය යැයි අපි කිසිසේත් ම නොකියමු. පසුගිය වසරේ මැද භාගයේදී දිවයිනේ බොහෝ විශ්වවිද්‍යාල ආයතන දැඩි උවමනාවකින් සයිටම් අරගලය හා එක් වී සිටි ආකාරය අපිට හොඳ හැටි මතක ය. ප්‍රබල ලෙස මූලිකත්වය ගත් වෛද්‍ය පිඨ වලට අමතරව කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, මොරටුව හා පේරාදෙණිය සමඟ අවසානයේදී කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පවා මේ අරගල බිමට එන්නට විය. එහි ප්‍රමාණාත්මක බව ගැන අපි කිසිත් නොකියමු. කොළඹ උන් පිකටින් ගියේ සයිටම් වහන්න නෙවේ, සයිටම් ප්‍රමිතිගත කරන්න ඉල්ලා යැයි පාදඩ කතාවක් කොළඹ එකෙක්ම කියනු අපිට ඇසිණි. මේවා අපි මුලින් කියූ ජාතියේ ප්‍රතිගාමී රොඩු විශබීජ වල මුල් අංකුර ය. එය කොළඹට පමණක් අනුගත කරගත යුතු කාරණාවක් නොවේ, එය මොරටුව, ජ' පුර, කැලණිය හා පේරාදෙණියටත් පොදු ය. මේ රටේ සතර දෙස ඇති සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රතිබිම්බය ට රොඩු ඕනෑ තරම් එකතු වෙන බව අපි කියමු. එය එසේ කියන විට කොළඹට, පේරාදෙණියට, මොරටුවට, ජ' පුරට, කැලණියට ඇති අභිමානය ම ඔලුවිල් වලටත් පැතිරෙනු ඇත. ඒත් සමඟ ම අපි කියූ රොඩු විශබීජ එන්නේ ත් ඒ ආකාරයෙන් ම එකට ය. අපේ රටේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අභිමානය ගැන හොඳම කතාව කිව්වේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගංගානාත් දිසානායක ය. ඒ මුළු සරසවි ශිෂ්‍ය ප්‍රජාවම රටේ සමස්ත ශ්‍රම බලකායට ඇති සදාචාරාත්මක ණය බර ගැන මතක් කරමිනි. මේ රටේ ලක්ෂ කෝටි ගණන් වියදම් කර මහජනතාව විසින් ශිෂ්‍ය ප්‍රජාවට උගන්වන හැටි ගැන අපි පැණි වලලු කියවා රස වින්දෙමු. අපිට ඇත්තේ ආදරයකි. සමස්ත ශ්‍රම බලකාය උදේ සවස දුම්රිය බස් වල තෙරපෙන හැටි දුටු අපිත් ඒ ප්‍රවාහයේ ම රැඳෙන්නට උත්සාහ කලෙමු. එහි ප්‍රතිපලයක් ලෙස අපි උදේ සවස ඔවුන් විඳින දාඩිය සුවඳ මුසු කඨෝරත්වය අත් වින්දෙමු. එහි ම වරක් සරසවි නවක වදය ගැන ඔහුගේම ලිපියක් බකට් එක ගැන කියා තිබුණා මතක ය. ගවුම් කිලිටි වූ නවක කෙල්ලන් බකට් වන හැටි මෙන්ම දිව්‍ය ලෝකයේ සරුවත් හෙවත් අමෘතය හිසට වත් කර ඔවුන්ව පිරිසිදු කල හැටිත් සරසවි උප සංස්කෘතිය යැයි කීමේ අභිලාශයක් ඇත්තෙන් ම අපට නැත. අපිට කීමට ඇත්තේ ශිෂ්‍ය හැසිරීම් වල විවිධත්වයයි. එය නූතනයේදී පත්ව ඇති ආත්මර්ථය මුසු ක්‍රියාවලියට අපි අකැමැති ය. අපිට කතාව ආරම්භ කිරීමට සිදු වන්නේ එතැන් සිට ය.



අපි නොදන්නා පාදඩ දේවල් විශ්වවිද්‍යාල පද්ධතියේ සිදුවෙන බව කිව යුතු ය. ඇත්තෙන් ම ඒවා එලිදරව් කිරීමේ කිසිදු පදනමක් නැත. එය ඇමෙරිකාවේ දේශගුණය ගැන පුදුකුඩුඉරිප්පු වල සිට කතා කරනවා වාගේ වැඩකි. අපි කියනා තරඟය ක්‍රීඩා කල යුත්තේ ක්‍රීඩාගාරය ඇතුලේ සිට ය. අපි මුලින්ම කියු  අපිට නැති අධ්‍යාපනය විශ්වවිද්‍යාල වලට ද පොදු ය; එයත් සමාජයේම උප කුලකයක් වන නිසාවෙනි.

අපේ රටේ විශ්වවිද්‍යාලයට එන්නට පෙර අධ්‍යාපනය කිසිදු කමකට නැත. අපි මේ කාරණාව ඕනෑ තරම් අසා ඇත්තෙමු. එහෙත් එසේ නම් ඔබ පිළිගත යුත්තේ මේවා ඇතුලට යන උන් ද නිවැරදි මිනිසුන් වී එලියට එන්නේ නැති බව ය. මේ රටේ කුට්ටි දේශපාලනික සත්ත්වයාම විශ්වවිද්‍යාලයේදී ද ඒ ලෙසට ම ඉන්නා බව අපි අත්දැකීමෙන්ම ප්‍රකාශ කරමු. ඒවායේ උන් ගැටි ගැසෙන්නේ ඒ සහජ සමාජ පන්තියට හිලව් වන්නට ය. සරසවි ගැටි පාසල් ගැටි මෙන් සරල නැත, හුදෙක් ම ඔවුහු සමාජ පන්තියක් නියෝජනය කරති. ඔබ පිලිගත්තද නැතද සත්‍යය එයයි. ඊට හේතු කාරණා රැසකි. අපි ඔබට සරලම කාරණාව කීමට කැමැත්තෙමු. සරසවි ප්‍රේමය බොහෝ විට ඒකරාශී වන්නේ නිදහස් හැඟීම් සමුදායක් සමඟ ය. එහෙත් දැන් දැන් එය ද නිරුවත් වීමට පටන් ගෙන තිබේ. ප්‍රකට සමාජයේ සමාජ පන්ති වලින් අපගමනය වන සරසවි පෙම්වතුන් ගෙන් 20%ක් වත් ඔවුනොවුන් හා විවාහ නොවෙන බව ඔබට කීමට සිදුවේ. ස්වභාවය එයයි. ඒ සියල්ල අවසානයේ ගොඩනැගෙන්නේ අපි අර්ථ දැක්වීමට අපේක්ෂා කරන සමාජ පන්ති වටාය. ඉතින් ඒවායේ අනෙක් අන්‍යෝන්‍ය සබඳතා ගැන කවර කතා ද. අපි ඒකට ටෙලි නාට්‍ය අනුසාරයෙන් ද උදාහරණයක් ගමු, කූඹියෝ ටෙලිනාට්‍යයේ මුල් කාලයේදී ජෙහාන් ට හමු වන පැරණි සරසවි මිතුරිය ගැන ඔබට යමක් කීමට තිබේ. ඇය විවාහ වී සිටිය ද පිරිමින් ගැන සංකීර්ණ කාරණාවක් ඇය දැනගන්නේ ජෙහාන් ගෙනි. ඒ මිතුරුකමේ හැටිය. දැන් ඊළඟ කාරණාව ඇත්තේ ඈ විවාහ වූ තැනැත්තාට ඇති සල්ලිය ගැන ය. තම විශ්වවිද්‍යාල උපාධියට කිසිදු සම්බන්ධයක් නැති ඉංජිනේරු උපාධිධාරියෙකු හා ඇය විවාහ වෙයි. අපි මේ කියන්නේ කලකට ඉහත මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පැවති මිතුරු සබඳතා ගැනය. ඒ කෙසේ වූවත් ඒවා සරසවි ප්‍රේම කතා නොවේය. අංජනා සරසවියේදී ආදරය කරන්නේ ඇගේ කණ්ඩායමේ ම හික්කාට ය. එහෙත් අපි කතා කරන පන්ති බෙදීමේ න්‍යාය ක්‍රියාත්මක වෙමින් ඇය අයගේ දෙමාපියන් මාර්ගයෙන් අරවින්ද හා විවාහ වෙයි. මේ සියලු දෙනා ඔබට මට සැබෑ ලෙසම සරසවි කුටුම්බය ඇතුලේදී හමු වෙන සත්‍යම, සරල මානුශීය රූ කැටයම් ම බව කිය යුතුය. විශ්වවිද්‍යාල වලින් පිටවන උපාධිධාරියා මුහුණ දෙන්නේ පශ්චාත් විශ්වවිද්‍යාල කුටුම්බකරණ සංකීර්ණයට ය. ඒ අපේ කතාවක් නොව ජෙහාන්ගේ ය. වරක් අධ්‍යක්ෂ ලක්මාල් ධර්මරත්න කියා සිටි පරිදිම මේ සියළු කුලකයන්ගේ සම්බන්ධයක් අවසානයේදී අපි අපේක්ෂා කරමු. මේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇත්තෙන්ම අපිට පෙනෙනා තරම්, අපි පිටින් දකිනා තරම් ලස්සන නැත. මහා දැවැන්ත ක්‍රීඩාංගණ, සුවිසල් ගොඩනැගිලි, දේශන ශාලා සරසවි පද්ධතිය ලස්සන කරන බව සැබෑ ය. මහා දැවැන්ත වෘක්ෂ ලතාවන්, ස්වභාවික භූමි පිහිටීම් සරසවි ලස්සන කරන බව සැබෑ ය. එහෙත් අපි දකින විශ්වවිද්‍යාල ජීවියා ඒ තරම් ලස්සන නැත. ඌට තරම් පරිපාලන ව්‍යුහයෙන්, සමාජයෙන් පහර වදින්නේ නැතුව ඇති මේ රටේ හිඟන්නෙකුටවත්. ඉතින් මේ සියල්ල ඉවසා සිටින සැබෑ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කිසිසේත්ම ලස්සන විය නොහැක. ලස්සන ඌට කියන නම පමණකි, “විශ්වවිද්‍යාල ශිෂ්‍යයා”.



විශ්වවිද්‍යාල පද්ධතියේ හැමදාමත් සිදුවන්නේ ඛේදවාචක. රටේ පරිණත මිනිස් අවශ්‍යතා වෙනුවෙන් ඔවුනට වසර 40කටත් වැඩි කාලයක සිට අදටත් පාරට බහින්නට සිදුවී තිබේ. ඒ කතාව අන්තගාමී අදහසක් යැයි කීමට ඇඟිල්ල දික් කරන ඕනෑම පුද්ගලයෙකුට එය අපේ නාසයේ කෙලවර තෙක් ගෙනැවිත් නවත්වන ලෙස දන්වා සිටිමු. මිනිස් ප්‍රජාව ගැන අප්‍රමාණ ප්‍රේමයක් ඇති එවුන් විශ්වවිද්‍යාල වලට එන්නට ඕනෑ නැත, සෑම විටම එසේ වන්නේද නැත. අපි දකින, අපි දැක්ක අරගලය, විප්ලවය, සමාජවාදය, සමානාත්මතාවය අදටත් අපි විශ්වවිද්‍යාල පද්ධතියේ දැකීමට ආශා කරමු. අපි මනුශ්‍යත්වය බෝම්බයක් ලෙස ඒ කුටුම්බය ඇතුලේ ම පුපුරනවාට කැමැතිය. එහෙත් එය සමාජවාදයම විය යුතු නොවුණත් එය එකිනෙකා කෙරෙහි මැරෙන තුරාවට බැඳෙන ආගමික බැඳීමක් වනවාට අපි කැමැතිය. එකිනෙකා අදහන තරමේ පිවිතුරු මානසිකත්ව ඇති එවුන් අද සරසවි වල හරිම අඩු ය. උන්ගේ යටි හිතේ අදෘශ්‍යමාන කැත බලාපොරොත්තු මලු පිටින් පුරවාගෙන සිටිති. මේ සියල්ලට මේ මේ යැයි පෙන්වීමට දෘශ්‍යමාන සාක්ෂි නැතත් හද කලකිරවන පිලිකුල් සහගත ප්‍රකට සමාජයීය තරඟයට මුහුණ දී සිටින ඔවුහු පිරිසිදු හෘද සාක්ෂිය අමු අමුවේ දිය කර හරිති. අපිට පවතින ක්‍රමය වෙනස් කිරීමේ හැකියාවක් නැතත් අපිට එහි පුංචිම පුංචි හේතුවක් වෙන්න පුළුවන් වෙයි කියන අහිංසක බලාපොරොත්තුවක් තියෙනවා. මිනිසුන් අපිට ආදරේ කරන්න ඕනේ කියන එක වැදගත් සාධකයක් නෙවෙයි. මොකද මිනිස්සු හැමෝම කාගෙන් හරි ආදරේ, සැලකිල්ල ලබන්න හරිම පිපාසයකින් ඉන්නවා. අපිට ඇත්තේ අනුකම්පාවක්, කලකිරීමක්. විශ්වවිද්‍යාලයක් ඇතුලෙදි කොල්ලෙක්ට වෙන්න පුළුවන් නරකම දේ බීමට, මතට ඇබ්බැහි වෙන එක නෙවෙයි, කෙල්ලෙක් ගැහැනියක් වෙන එකත් නෙවෙයි, මැරෙන එක. විශ්වවිද්‍යාලෙට එන එකා ඉන් පිටවෙද්දි ඉන්නෙ මැරිලා නම් ඌට මේ රටාව ගැලපෙන්නෙ නැතුව යනවා. මිනිහෙක් මැරෙනවා කියන්නේ ආකල්ප මැරෙනවා කියන එක. ආකල්ප මැරෙන්නෙ නෑ, ආකල්ප මරන්න ඕනෙ. කිසිදු පොදු හැඟීමක් නැතුව උසස් පෙල කරන එකා නිකම්ම විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ දහසක් බලාපොරොත්තු ඇතිවය. ඒ එන එකාගේ ඔළුවට දමන්නේ තනිව සරසවි අධ්‍යාපනය ලැබිය නොහැකි බව ය. ජ්‍යෙෂ්ඨ සිසුන්ගේ උද්දාමයට පත් පාදඩ වදන් අසන් ඕනෑම එකෙක් එයට එහෙයි කියනු ඇත. එහෙත් බාගෙට බාගයක් විශ්වවිද්‍යාල වල උන් ඉගෙනගන්නේ පට්ට පාළුවෙනි. 75-80% එවුන් කෑල්ලක්, කොල්ලෙක් සෙට් කරගන්නේ ඒ පාළුව යන්නට ය. එය හුදෙක් ම තෙවන වසර වන විට අනිවාර්යය කාරණාවක් බවට පත් වෙයි. තනිකඩ වූ ප්‍රජාව වැල රේට් තබති, මල් පූජා කරති, ඇඳුම් මහති, ධර්මය මෙනෙහි කරති, ජෝඩු වලට විසිල් ගහති, කුණුහරප කියති, සියල්ලෝම අවසානයේ එකට එකතු වී විනෝද චාරිකා යති, ඒවායේදී හද්දා ගොඩයෝ ෆෝම් වෙති; එහි කිසිදු වරදක් ද නැත; නිදහස් අධ්‍යාපනය එදා සිට ක්‍රියාත්මක වූයේ ගමේ ගොඩේ කොල්ලන්ට, කෙල්ලන්ටත් සරසවියේදීත්, ඉන් පිටතදීත් ආඩම්බරයෙන් විසිල් එකක්, හූවක් තියන්නට, සින්දුවක් කියන්නට පුළුවන් වටපිටාවක් සාදා දෙන්නට ය, ඊට අමතරව වෙන අප්‍රසන්නම, කැතම සිදුවීම වන්නේ පොශ් වීමට නොවිඳිනා දුක් විඳීමයි. තමාගේම සහජ අනන්‍යතාව පාළු කරමින් වැදගැම්මකට නැති සමාජශීලීත්වයන්ට ඔවුහු යටත් වෙති. කණගාටුවට කාරණාව වන්නේ සරසවි ආදර කතා, මිතුරු සබඳතා ද අද ඒ පොශ් ලේබලය ඔස්සේ කුඩුපට්ටම් වීමට පටන්ගෙන තිබීමයි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයා රටේ ප්‍රබුද්ධ අනන්‍යතාවක් විය යුතු බව අපි තරයේ ම විශ්වාස කරමු. එසේ නොවෙන විට තමාට කිසිදා නොගැලපුණු සම්ප්‍රදායක හිර වන ශිෂ්‍යයෝ අප්‍රමාණ මානසික පීඩාවන්ට පත් වෙති. සීමිත පිරිසක් හැරුණු කොට හුඟක් දෙනෙක් දන්නෙ නෑ මේවායේ දි ආත්මයක් මියැදෙන්න තරම් දරුණු මානසික පීඩනයන්ට, බ්‍රොයිලර් ක්‍රමවේදයන්ට උන් උන්වම පත්වෙනවා කියන එක. පීඩනයක් දරාගන්න බැරි එකා අපේ රටේ හංවඩු ගහන්නෙ පිස්සෙක්, උන්මත්තකයෙක් හැටියට. අපි නොදන්නවා වුණාට විශ්වවිද්‍යාල වල උන් මාර විදිහට පරිත්‍යාග, සමාජසේවා වැඩ කරන්නේ, අනාථ නිවාස, දුෂ්කර පාසල් වලට උදව් කරන්නෙ ඇත්තටම හිත හදාගන්න, උන් ඉන්න කියාගන්න බැරි මානසික පීඩනයන්ට හිලව් වෙන්න, හිතගන්න නෙවේ කාගෙවත්, ඒත් උන් අතරෙම ඉන්නවා පිරිසක් ඒක තමා උප සංස්කෘතිය, ඒක සමාජ මෙහෙවරක් කියලා සමාජයට මතු කරන්න උත්සාහ දරන පිරිසක්. සත්‍යය මතු කර පෙන්වීමට අවශ්‍ය නැහැ. එය හරියටම රබර් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ දෙයක්, කොච්චර උත්සාහ කරත් උඩට මතු වෙනවා. සත්‍යයට පැවැත්මක් මිසක කාලයක් අවශ්‍ය නැහැ. මතුකරලා පෙන්නන්න බැරි තරමේ ආත්මාර්ථකාමීත්වයක් ඇතැම් සරසවි ශිෂ්‍ය සහෝදර සහෝදරියන්ගේ ජීවිත වල අපි දැකලා තියෙනවා. ස්වයංසිද්ධව ආදරේ, රැකවරණය දෙන්න බැරි තරමේ ආකල්ප, හැඟීම් සමුදායක් සමහර අවස්ථාවලදී අපි දැකලා තියෙනවා. මේ රටේ පන්ති භේදය ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලෙ නැහැයි කියන එක පට්ටපල් බොරුවක්. මොකද අපි හැමදාමත් දැකපු තුන්වෙනි පන්තිය, මැද පන්තිය, ඉහල පන්තිය හැමදාමත් අපේ ලේ වල තියෙනවා. විශ්වවිද්‍යාල වල ඉහලම පන්තිය ඇකඩමික් පන්තිය යැයි සමහරු සිතති. එහෙත් සත්‍යය එය නොවේ. එය ධනපති පන්තිය සමඟ එකතු වූ විට පමණක් එසේ වෙයි. අපි මේ රටේ ධනපතියන්ට ඊර්ෂ්‍යා කල යුතු නැත; ඔවුහු බොහෝ දෙනෙක් අපි සිටි කුලකයේම සිට ඉහල සමාජ ස්ථරයන්ට සංක්‍රමණය වූවෝ වන බැවිනි. මේ රටේ මිනිසුන් ධනවත් විය යුතු ය. එහෙත් එය පහල සමාජ පන්තිය අන්ත දුකකට ඇද දමමින් නොවෙන බව අපි තරයේම විශ්වාස කරමු. කෙසේ හෝ පරාර්ථකාමී ගති ඇති විෂයේ දක්ෂයින් නොසිටින්නට අදටත් අපේ රටේ බොහෝ දෙනෙකුට උපාධිය සිහිනයක් බව කිව යුතු ය. එහෙත් තමාට කුප්පි දමමින් විෂය පරිත්‍යාග කල උන් තඹ දොයිතුවකට ගණන් නොගෙන ඉන්නා උන් අපි ඕනෑ තරම් දැක ඇත්තෙමු. ප්‍රකට සමාජයේ කුහක, ආත්මාර්ථකාමී සම්ප්‍රදායන් විශ්වවිද්‍යාලය කැත කරන බව අවධාරණයෙන් ම කිව යුතු ය. එබැවින් තමාට ප්ලේන්ටියක් පිරිනැමීමේ සිට සටහන් ලබාදෙමින් විෂය කරුණු කියා දුන් එකා දක්වාම විශ්වවිද්‍යාලයේ සිටිනා මිනිසුන් ගෞරවයෙන් මතකයේ තබා ගැනීමට තරම් පරමාදර්ශී චරිතයක්, ස්වයං සිද්ධ මානසික සමබරතාවක් ඇති උන්ගෙන් විශ්වවිද්‍යාල පද්ධතිය ලස්සන වනවාට අපි කැමැතිය.



විශ්වවිද්‍යාලෙක ආචාර්යවරයෙක් කියන්නෙ අපි දකින හුරුබුහුටි වැදගත් මිනිස්සු ම නොවෙන්න පුළුවන්. එහෙම මිනිස්සු ඉන්නෙ හරිම අඩු ප්‍රමාණයක්. ඒත් ඒ තමා මේ රටේ ඉන්න උගත්ම මිනිස්සු. ඒ මිනිස්සු මේ රටේ ඉන්නෙ බොහෝ විදේශ රට වලින් ඔවුනට ඉල්ලුමක් තිබෙද්දි. ඒත් එහෙම රට හැරලා ගියපු විශාල ප්‍රමාණයක් ඉන්නවා කියලත් කියන්න ඕනෙ. එහෙත් ශිෂ්‍යයින්ට උගන්වන ආකාරය හා ආයතනික වශයෙන් එම පරිපාලන ක්‍රමවේදය නිවැරදි නොවෙන බව ඔවුනට නොතේරීම පුදුමයට කරුණකි. මේ රටේ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ ආචාර්යවරු ද නැතිනම් ශිෂ්‍යයින්ම ද යන ගැටළුව අපට ඇත. 80%ක් සරසවි සිසුන් විභාග සමත්වන්නේ කුප්පියෙනි. එය හරි උජාරුවෙන් කතා කල යුතු දෙයක් යැයි සරසවි සිසුන් සිතුවද මේවා ඛේදවාචක බව අපි මතක් කර සිටිමු. මේ ගැන අපි දන්නා දේශපාලන ඉතිහාසයේ ඊයේ පෙරේදා කතා කල පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ඉගැන්වීමට ඉගැන්විය යුතු යැයි කියූ ප්‍රකාශයට අපි අත්පුඩියක් ගසමු. අපි විසිල් ගහන්නේ අදහස් වලට මිස මිනිස්සුන්ට නොවේ. ආචාර්යවරුන්ගේ ක්‍රමවේදය නිවැරදි නම් විභාග ආසන්න වන විට සිසුන් පිස්සුවෙන් මෙන් කුප්පි දැමිය යුතු නැත. 75%ක් දේශන වල කියන මොන බම්බුවක් වත් සිසුන්ට තේරෙන්නේ නැති බව අපි දැඩි විශ්වාසයෙන් කියමු. කලකට පෙර එලෙස කියන දේ යන්තම් හෝ තේරෙන විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සිටියේය. ඒ මහචාර්ය නලින් ද සිල්වා ය. විනාඩි විස්සකට වඩා දේශනය නොපවත්වන මහාචාර්යවරයා ඉතුරු කාලය භාවිතා කරන්නේ සිසුනට පවතින දේශපාලන තත්ත්වය පැහැදිලි කිරීමට බව අපි අසා ඇත්තෙමු. එහෙත් මහාචාර්යවරයාගේ  දේශපාලනය ගැන අපි කිසිත් නොකියමු.
විශ්වවිද්‍යාලයේදී ශිෂ්‍යයෝ දේශපාලනය කරති. එහි හරි හෝ වැරැද්දක් ගැන කීමට පෙර ඔවුන් කරන්නේ දේශපාලනයම ද යැයි අපිට ඇසීමට සිදුවේ. මේ රටේ පක්ෂ දේශපාලනය තරම් පිළිකුල් සහගත මතෘකාවක්, පොදු වැසිකිලියක් අපි දැක නැත. ඒ ඔබත් අපත් මේ ව්‍යුහයේ ගොදුරක් වී සිටින නිසාවෙනි. මොලය වෙහෙසවා ලිපිකරු, බැංකු රැකියා කරන ලක්ෂ ගණනක් මිනිස්සු උදේ හවස දුම්රිය, බස් වල යන්න දාඩිය වගුරුවති. මේ රටේ මිනිස්සු ගැන අපි අපිම අනුකම්පා සහගත වෙන්න ඕනෙ. ඒ න්‍යාය නොතේරෙන මිනිස්සු පක්ෂ වලට බෙදී බහුභූත කරති, පිස්සු නටති, කොටසක් සරසවි සිසුන් ද ඒ ප්‍රවාහයේ ම ගොදුරක් බවට පත්ව සිටිති. අපිට කලකිරෙන්නේ එය උන් දේශපාලනය යැයි රැවටී සිටින නිසාවෙනි. දේශපාලනය උතුම් කර්තව්‍යයක් බව කියා සිටිමු. උන් හිතන්නේ දේශපාලනය යනු සමාජවාදය බව ය, ට්‍රොට්ස්කිවාදය බව ය, කොමියුනිසම් බව ය, ලිබරල් වාදය බව ය. රටක දේශපාලකයන් යනු සමාජ සේවකයන් බව අපෙ රටේ අදටත් බොහෝ පිරිසක් දන්නේ නැත. එය ග්‍රාමීය ප්‍රදේශ වල වැඩිපුරම දකින්නට ලැබෙන තත්ත්වයකි. දේශපාලකයා රජයේ සේවකයෙක් මට්ටමේ සිට ක්‍රියා කල යුතු වටපිටාවක් මේ රටේ අද හෙට උදාවන්නේ නැත්තේ ඒ නිසාය. විශ්වවිද්‍යාලයට එන එවුන් දේශපාලනයේ ගොදුරක් වනවාට අපි කැමැති නොවුණත් ඇතැම් ඌන දේශපාලනය ඇති සරසවි වල පක්ෂ දේශපාලනික අවශ්‍යතාවන් වක්‍රාකාරයෙන් ක්‍රියාත්මක වෙයි. නවක වදය ගැන ඇඟ හොලමන් වන පුවත් අපි අහන්නේ, දකින්නේ එවැනි අත පෙවීම් නිසා බව අපි විශ්වාස කරමු. එක අතකින් ගත් විට මේ සිදුවීම් අපේ රටට නුහුරු නුපුරුදු නොවේ. අපි 70 වසරක් පුරාවටම රවටන්ගෙන් හා රැවටෙන්නන්ගෙන් පිරුණු ජාතියක් ලෙස බොහෝ විනෝදයෙන් හා සතුටින් ජීවත් වෙමින් සිටිමු.

"අපි කලාව, දේශපාලනය, ආගම හා අධ්‍යාපනය පටලවාගත් ජාතියක් වී මිනිසුන්ට එලිපිටම වෛර කරමු, පඳුරු අස්සේ, පෙම් උයන් වල, රූම්ස් වල හොරෙන් ආදරේ කරමු, අමුව වපුරමු, පුහු දේවල් නෙලා ගමු, ජය!"

- පුරවර ප්‍රවාද -


නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...