"හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්
තමයි, මේ කලා නිර්මාණ කලාකරුවන්ගෙ හදවතට කොහෙන්ද එන්නෙ කියන
එක. මිහිරි ගී තනු, වචන කොහෙන්ද එන්නෙ කියන එක.
බේතෝවන් කිව්වෙ, මේ සියල්ල පැමිණෙන්නේ
දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නෙ, මේ සියල්ල පැමිණෙන්නේ
වේදනාවෙන් කියලා.
මුතු ඇටයක් බවට පත්වෙන්නෙ, බෙල්ලෙකුගෙ
බෙලි කටුව තුල සිරවූ වැලි කැටයේ වේදනාව.
ඔවුහු
ගී ගයමින් වේදනාව උගනිති යි, කිව්වෙ
ශෙලී."
- වදීශ, සමනල සංධ්වනිය -
කලාව, සංගීතය, ගායනය ගැන හුඟ දෙනෙකුට තියෙන්නෙත් මෙන්න මේ වගේම කිසිදාක
නොවිසඳෙන ගැටළුවක්. මේ ත්‍රිත්වය තුනක් නෙවෙයි, එකක්
කියලා කියන්නටයි ඕනෙ.
නිසදැසක් රසවිඳීමේ සිට සම්භාව්‍ය සිනමාවක් රසවිඳීම දක්වාම
තියෙන්නෙ එකම මානසික න්‍යාය පත්‍රයක්. ඒක හරියට එකම ගීතයක තනුවක් වගේ, සංගීතය වගේ, හදවත
සංගීතඥයෙක් වෙන, තනු නිර්මාපකයෙක් වෙන, එහෙත් කාගේ හෝ පද රචනාවකින් ඇසෙන ගීත නාදයක්, අපි, අපේ
කරගෙන රස විඳින.
හදවත රස විඳින අනන්‍ය ගී තනුවට, සංගීතයට අපි කලාව යැයි කියමු.!
![]() |
UN Environment |
ලෝකයේ බොහෝ කලාවන් තියෙනවා. එහෙත් ඔබ විශ්වාස කරන එකක් නෑ
සියල්ලම කලාව බව. එක්තරා විදිහක ඉන්ධනයක්, වින්දනයක්, කලාවයි. ඇතැම් විටෙක ඔබ පිළිගැනීමට කැමැති වුණත් අකැමැති
වුණත් ස්වයංවින්දනයක්, මෛථුන සේවනයක් කලාව තරම්
ඇබ්බැහියක් නොවෙන්න පුළුවන්. එහෙම වෙන්න හොඳටම ඉඩකඩ තියෙනවා. ස්වයංසිද්ධ කලාව
අතිශයින්ම ඇබ්බැහි වෙන සුළුයි.
![]() |
National Trust |
කිසිම කලාකාරයෙක් හොඳ මිනිහෙක් වෙන්නම ඕනෙයි කියලා නියමයක්
නෑ. නරක මිනිහෙක් වෙන්න ඕනෙත් නෑ. එහෙම වෙන්නෙ සමාජයට වෛර කරන මිනිස්සු. කලාව
කියන්නෙ ඇදහීමක් නෙවෙයි. ආගමක් නෙවෙයි. ඒක අදහන්න ඕනෙ දෙයක් නෙවෙයි. කොහොමත් ඒක
කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒක හරියට බුදු දහම "අදහනවා" වගේ දෙයක්.
ඒකටම කියන්න ඕනෙ, මිනිස්සු හැමවෙලාවකම
විශ්වාස කරන්නේ විශ්වාස කලයුතු දේ නෙවෙයි. අවිශ්වාස කලයුතු දේත් නෙවෙයි. සතුටට
පත්විය හැකි දේ පමණයි. මව, පියා හෝ සමීපතමයෙකු මිය ගිය
විට අපි එය පිළිගැනීමට බොහෝ මැලි වන්නේ ඇයි! මිය ගිය සමීපතමයා නොමැතිව ජීවත් වීමට
මනස සකස් වේ යැයි යන හැඟීම නොමැතිව අපි එවැන්නක් කිසි කලෙකත් විශ්වාස නොකරමු.
ඇතැමුන් එවැනි අවස්ථාවල
දී උමතුවෙන්
මෙන් හැසිරෙන්නේ සත්‍යය විශ්වාස කිරීමට තරම් සන්දර්භයක් මනසේ ගොඩනැගී නොමැති
නිසාවෙනි. විශ්වාසය හා සතුට යනු එක ඉත්තේ අඹ වාගේ ය,
චන්ද්‍ර
මණ්ඩලය හා චන්ද්‍රයා වාගේ ය. සතුට
අනුභවයට අවශ්‍ය කාරකයක් ලෙස විශ්වාසය ක්‍රියා කරන බව කිව යුතුය. බොහෝ කාලයක් එක
දිගට නිරතවිය හැකි ක්‍රියාදාමයන් අපි කලාව ලෙස හඳුන්වමු. මිනිසුන් තැනෙනු ලබන්නේ
වින්දනයන් ලැබීමට ම වේ. කිසිදු මිනිස් හිතක් සතුට ප්‍රතික්ෂේප කරගෙන ජීවත්වීමට
නූපදියි. උමතුවෙන් සිටින මිනිසා පවා වෑයම් කරනුයේ සතුටින් සිටීමට ම වේ. මිනිසුන්
නරක් වන්නේ ඇයි දැයි යන ගැටළුව හැම විටම පැන නගින්නකි. සරලම හේතුව කලබලය, හදිස්සිය යි. කිසිම විටෙක මිනිසුන් නිවී සැනසිල්ලේ නරක්
නොවේ. එසේ සිටින කිසිවෙක් නරක් වීමේ සන්දර්භයක් ඇත්තේම නැත. කලාව ගැන ව්‍යක්තව
හිතන්න අවශ්‍ය නෑ. මිනිසුන් තනනු ලැබිය යුත්තේ කලාව ගැන සිතීමට නොව රස විඳීමට හැකි
වීමට ය.
![]() |
Finestkind Clinic and fish market - blogger |
සංගීතය අහන්න, විඳින්න
හැකියාවක් ඕනෙ. හැකියාවක් කියන්නේම ශික්ෂණයක්, ඉවසීමක්.
එසේනම් එයත් අධ්‍යාපනයක්. සරලම අදහස කලාව කියන්නේ අධ්‍යාපනයක්. ආදරේ කරන්න ගොඩාක්
දේ තිබෙන මිනිස්සු අතින් වැරදි සිද්ධවෙනවා හරිම අඩුයි. මෙතෙන්දිත් එහෙමයි. රස
වින්දනය උපරිම ව තියෙන කෙනෙක් ට අළුතින් හොරකම් කරන්න දෙයක් නෑ, අල්ලගෙන ඉන්න දෙයක් නෑ. ඇස් දෙක හොඳට පේන, කන් දෙක හොඳට ඇහෙන, ආදර
හිතක් තියෙන ආත්මයක් කලාවත් එක්කම නිරායාසයෙන් බැඳෙනවා.
![]() |
www.leonardodavinci.net |
තමා නිවැරදි වීමට ගන්නා හැම උත්සාහයකදීම අසාර්ථක
වීමේ හේතුවක් තියෙන්න පුළුවන්ද කියලා මිනිස්සු තර්ක කරනවා. එහෙත් ගොඩ දෙනෙක් අඩු
තරමින් තමන් සාර්ථක ද, අසාර්ථක ද කියලාවත් හරියට
දන්නේ නෑ. මිල මුදල්, දේපල තිබීම සාර්ථකත්වයේ එක
සන්ධිස්ථානයක් විතරයි. ඒක කොටසක් විතරයි. ඒත් එක්කම ජීවිත කියවීමක් මෙන්න මේකයි
කියලා කියන්න පුළුවන් විදිහේ මනුශ්‍ය ප්‍රකාශනයක් මිනිහෙක් තමන්ට පමණක් ආවේණික
වෙද්දි තියෙන්න ඕනෙ. ඒ හැම දෙයක් ම මුදලට ලඝු කරන්න අමාරුයි. මිනිස්සු තමන්ටම කියලා
ස්වයං ප්‍රේරිත කලාවක් තමන්ගේ විඥානය ඇතුලෙ හදාගන්නවනම් රටක සිද්ධවෙන අපරාධ ඇත්තටම
අඩුකරන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ කලාව කියන්නේ අධ්‍යාපනයක්
කියලා. මෙලොව උපදින හැම මිනිහෙක්ටම කලාව උද්දීපනය කරන්න පුළුවන් මානසික
සම්භාවිතාවක් තියෙනවා කියලා අපි පිළිගන්න ඕනෙ. ඇල්බට් අයින්ස්ටයින් වගේම හිට්ලර්
වුණත් පපුව මැද්දට තුරුළු කරගෙන වයලින් වාදනය කරේ ඒ නිසා. රෝමය ගිනිගද්දි නීරෝ
වීණා වාදනය කරේ ඒ නිසා. හිට්ලර් තරුණ කාලෙ පිස්සුවෙන් වගේ චිත්‍ර ඇන්දෙ ඒ නිසා
වෙන්න පුළුවන්. මයිකල් ආන්ජලෝ තම ස්ත්‍රී සංඥාව නිසදැසකට පුංචි කරලා ඇයට කවී ගී ලිව්වෙ
ඒ හින්දා. මයිකල් ආන්ජලෝට වගේ ම ඩාවින්චිට ත් මොනාලීසා දිහා බලගෙන මානසික ස්වයං
ස්ත්‍රී සංඥාවක් ඇතිකරගන්න පුළුවන්කම තිබුණා.
![]() |
ABS-CBN News |
![]() |
Smarterware |
මිනිස්සු ඉන්දියානු මෙගා ටෙලි නාට්‍ය බාරගන්න හරිම කැමැත්තෙන් හිටියා කියලා කියන්න අමාරු වුණත් මාධ්‍ය විසින් ඒ කාර්යභාරය හරියට ම ඉෂ්ඨ කරා කිව්වොත් හරියට ම හරි. රටක මාධ්‍ය හසුරුවන්න ඕනේ නියාමනයක් ලංකාවේ තියෙනවාද කියලත් හිතන්න අමාරුයි. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හරියට නැති රටේ ජන මාධ්‍ය නියාමනයක් හරියට වෙයි කියලා අපිට කියන්න බෑ. සියල්ල දේශපාලනික වූ විට අපිට නිදහස් මාධ්‍ය කලාව ඉබේ ම වාගේ අහිමි වූ බව කණගාටුවෙන් වූව ද කියන්නට සිදු වේ. මෙහි ප්‍රබල ම බලපෑම ට පත් වූයේ රටේ අත්දැකීම් අඩු කලා කරුවායි. අධ්‍යක්ෂකවරයා ගේ සිට පහල ම ශිල්පියා දක්වා ම අපි කියනා මාධ්‍ය මාෆියාව ට හසුවූ බව කියන්න ට සිදුවේ. ජ්‍යෙෂ්ඨ ම කලාකරුවා පවා අසරණ වන ලෙස මේ රටේ දේශීය කලාව මාධ්‍ය ආයතන ඔස්සේ අඩු මුදල ට වෙන්දේසි වෙමින් තිබේ. මේ සඳහා වූ හොඳම හාස්‍යෝත්පාදක පැහැදිලි කිරීම අපිට දැකගන්නට ලැබුණේ පසුගිය වසරේ රයිගම් ටෙලි සම්මාන උළෙලේ දී චූටි මල්ලී හා පොඩි මල්ලී විසින් ඉදිරිපත් කරන ලද ස්ටෑන්ඩ් අප් කොමඩියෙනි. හැකි නම් එය නරඹන ලෙස අපි ඔබෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.
![]() |
Pixabay |
ඉන්දියානු මෙගා ටෙලි නිර්මාණ ඉතා අඩු මුදලකට හුවමාරු වන වෙළඳපල මාධ්‍යකරණය ගැන ඔබට එහිදී යම් චිත්‍රයක් මවා ගැනීමට හැකි වේ යැයි සිතමු. ශ්‍රී ලංකාවේ බහුතර පුද්ගලික මාධ්‍ය ආයතන කලා නිර්මාණ වල ප්‍රමිතිය(විශෙෂයෙන් ම විදේශීය මෙගා ටෙලි නිර්මාණයන්හි) ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැති බව හොඳාකාරව ම පෙනෙන්නට තිබේ. ඒ කෙසේ වූවත් ඉඳහිට හෝ ප්‍රබුද්ධ නිර්මාණකරණයේ නිරතවන කලාකරුවන් ගේ නිර්මාණ දකින්නට ලැබීම සතුටුදායක තත්ත්වයකි. දේශීය මෙගා ටෙලි නිර්මාණ පවා නූතනයේ ගොඩනැගෙන්නේ ඉන්දියානු ආභාෂයෙන් මෙරට පැලපදියම් වූ යම් යම් ඌන සම්මත සමාජ ප්‍රමිතීන් තුල සිට බව පෙනෙන්නට තිබේ. එහි වරද නූතන තරුණ පරපුරේ යැයි කිව නොහැකි ය. එය තිර පිටපත් රචකයාට ම පැවරිය නොහැක. කතා තේමාව පවත්වා ගැනීම සඳහා රචකයා ට ඇතැම් විග්‍රහයට ලක් නොකර යුතු තරමේ ලාමක කාරණා පවා කතාව තුලදී ඇගැයීමට සිදුවේ. මෙගා ටෙලි නිර්මාණයක් වූව ද කිසිසේත් ම හැඟීම් පාර්ශවයෙන් අගතියට යා යුතු නොවේ යැයි යන්න අපේ අභිමතයයි. එය කිසිසේත් ම ඔබේ මතය නොවෙන්නට පුළුවන. සම්මතයේ පිරිමින් විසින් මෙගා ටෙලි නාට්‍ය නරඹන සම්භාවිතාව අඩුයැයි ඔබට සිතෙන්නට පුළුවන් වූවත් සෑම විටකදී ම එය එසේ නොවේ. යමක් විශ්ලේෂණය කර අවබෝධකර ගැනීමේ කොටස අඩු ටෙලි නාට්‍ය පිරිමින් විසින් බැලෙන්නේ ඉතා අඩුවෙනි. එහෙත් එය ආදර සම්බන්ධයක බැඳුණු මුල් අවධියේදී හාත්පසින් ම වෙනස් වීමට පුළුවන. ගැහැනුන් සම්බන්ධයෙන් මේ ගැන තව බොහෝ දිගට විචාරය කිරීමට සිදුවේ. එබැවින් එහි මුක්ත අර්ථය එම ඉඟියෙන් ම වටහා ගැනීමට ඔබට බාර කරමු.
![]() |
CBC.ca |
කලාව ගැන රටක් ලෙස අපි මීට වඩා සැලකිලිමත් විය යුතු කාලයකි මේ ගෙවෙන්නේ. අපි සිනාසිය යුතුය, ඇඬිය යුතුය, රසාත්ම භාවයට පත් විය යුතුය. ඒ සියල්ලම අපි දකින්නේ කලාව ලෙසයි. අපි කලාව ගැන මේ තරම් කතා කරන්නේ එය රටක් සංවර්ධනයේ, මානුශීය ආකල්ප ඇති කිරීමේ, මිනිසුන් හැඩගැස්වීමේ මූලික උපායක් වන නිසාවෙනි. මේ රටේ සිනමාව ගැන, මාධ්‍යකරණය ගැන අපිට තවත් බොහෝ දේ කතා කිරීමට ඇති බව කිව යුතුය.
අපි නූතන කලාව විවේචනය කරන මෘගයෝ නොවෙමු. එහෙත් මෘග කලාවන් දැක දැකත් මුනිවත රකින සම්භාව්‍ය නිර්මණකරණයේ යෙදෙන ප්‍රබුද්ධ කලාකරුවන් මේ සියල්ලට මූලිකත්වය ගත යුතු බව අපි විශ්වාස කරමු. ඔවුනට මේ රටේ තරුණ පරපුර සමඟ ගණුදෙනු කිරීමේ හැකියාවක් හා මානසික සන්දර්භයක් ඇතිකර ගැනීමේ ශක්‍යතාවෙන් යුතු තරුණ විචාරක පිරිසක් ගොඩනැගීමට ඇති විභවය අපිට හොඳාකාරව ම පෙනෙන්නට තිබේ. එය සති අන්තයේ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක පිරිසෙන් හොඳාකාරවම සත්‍යාපනය වේ.
අපිට හාස්‍ය කලාව අවශ්‍ය යි, අපිට බයිලා කලාව අවශ්‍ය යි, අපිට කැලිප්සෝ කලාව අවශ්‍යයි. වේදිකා නාට්‍ය, සිනමාව, ටෙලි නාට්‍ය කලාව මේ සියල්ලම තියෙද්දි ත් අපිට ප්‍රබුද්ධ යැයි කිව හැකි අපේ අනන්‍ය කලාවක් අවශ්‍යයි. අපිට ම ආවේණික ක්‍රමයකට රටක් සංවර්ධනය කල හැකි වන්නේ තනි තනි පුද්ගලයා තුල ගොඩනැගෙන කලා රසඥතාවය මත බව පැහැදිලි කරගත යුතු කාරණාවකි.
![]() |
RapidGems |
- පුරවර ප්‍රවාද -
කලාව යනු කුමක්දැයි හරියටම නොදන්නා කලාව යනු කුමක්දැයි විපරමක්වත් කිරීමට ඉඩක් නැති කාර්ය බහුල සමාජයකට මොන කලා රසයක්ද.
ReplyDeleteමේ මෘග කලාව පෙරලීමට කාලය බව අපි විශ්වාස කරමු
Delete