Sunday, December 30, 2018

නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo

මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඇවිල්ලා. අනෙක් පැත්තෙන් 2017 උසස් පෙළින් අළුතින් සරසවි ප්‍රවේශ ලබපු ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ආරම්භ කරන කාල වකවානුවක්. ඒක මේ සංස්කෘතික රට ඇතුලෙනම් තාමත් පවුලේ හීනයක්. සාමූහික බලාපොරොත්තුවක්. තනි උත්සාහයක් නම් නෙවේ. අම්මා, තාත්තා එහෙමත් නැත්නම් පුංචි කාලෙ ඉඳලා තමන්ව බලාගත්තු පුද්ගලයගෙ ඉඳන්ම හුස්ම පොව පොවා පණ දුන්නු හීනයක් තමා සරසවි ප්‍රවේශය කියන්නෙ. ඒ ශිෂ්‍යභාවය ලැබීම එක පැත්තකින් ආශීර්වාදයක් වගේම තවත් පැත්තකින් බැරෑරුම් වගකීමක් බව නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැම අංකුරයකම හිත ඇතුලෙ පැලකරන්න අපිට පුංචි ආසාවක් තියනවා. මේ එක්තරා විදිහක ආදරණීය "තෙලක්". හිත් පාරගන්නෙ නැතුව අපි ඒ කතාවත් අහමු!


ආදරය කියන්නෙත් එක්තරා විදිහක දහමක් බන්. නිදහසේ ශිල්පයක් ගැන කියද්දි අපි ඒ අස්සෙන් ආදරය ගැන කතා කරන්න හේතු හොයනවා කියලා උඹ හිතනවා ඇති. ඔව්, නිදහස කියන්නෙත් එකතරා විදිහක ආදර අවකාශයක්ම තමා. මුදල් නොගෙවා ලබාගන්න පුළුවන් වටිනාම දේ තමා ආදරය කියන්නෙත්. ඉතින් ආදරය කරන්නත් අධ්‍යාපනයක්  ඕනෙ මචං. නිදහසේ ලැබෙන ආදරය විඳින්න මිනිස්සු ඉගෙනගන්න  ඕනෙ වගේම ඉගෙනගන්නත් ඉගෙනගන්න  ඕනෙ. ඉගෙනීම නිදහසේ කරන්නත්  ඕනෙ. කොටු, ප‍්‍රස්තාර, පෑන්, පැන්සල්, මකන කෑලි එක්ක ගෙවෙන බාහිරින් අඹපු පාසල් අධ්‍යාපනයත් හරියට කියෝගන්න බැරි පන්ති ලියවිල්ලක් වගේ. ඒක සංකීර්ණ වැඩියි නම් අපි උඹට ඒක මෙහෙම කියන්නම්. ඔය කිව්ව මෙවලම් කිසිම දෙයක් උඹට, අපිට මේ රටට සේවය කරන්න අවශ්‍ය වෙන දේවල් නෙවේ මචං. එකම එක මනුශ්‍යයෙක්ගෙ පුංචි සිතුවිල්ලක් මහා මානුශීය ව්‍යාපාරයක ආරම්භය වෙන්න පුළුවන්. හරියට මහ බෝසතාණන් වහන්සේගේ සංසාර චාරිකාව වගේ. ඉතින්, සිතුවිල්ලකින් තමා හැම ආත්මීය ක‍්‍රියාන්විතයක්ම පටන් ගන්නෙ. එහෙම තව උත්තරීතර මිනිහෙක් හිටියා, ජීසස් කියල බොහොම පුංචි කාලෙකින් ආදරය කරන්නෙ කොහොමද කියලා මිනිස්සුන්ට උගන්වපු. අපිටත් ඒ වගේම මේ කියවන නිදහසේ ශිල්පීය පුරෝගාමීන් ගැන ආදරයක් තියෙන්න  ඕනෙ. සල්ලි ගොඩාක් ගෙවලා කවදාහරි උපාධියක් ගන්නවා කියලා අහින්සක හීන තියෙන නංගි කෙනෙක්ගෙ, මල්ලි කෙනෙක්ගෙ වගේම, උසස් පෙල විභාගෙ ඉහලින් සමත් වෙලා රාජ්‍ය විශ්වවිද්‍යාලෙකට යන්න අධිෂ්ඨානෙන් වැඩ කරන නංගිලා, මල්ලිලාගෙත් හීන වලට අපි අසීමිතව ආදරය කරන්න ඉගෙනගන්න  ඕනෙ. ඉතින් ඒ හපන්කම අපිට තනියම නම් කරන්න බැහැ. අධ්‍යාපනයක් තියෙන ආදර ර්‍ණය මිනිස්සු ඉන්න  ඕනෙ. දන්නවද, අධ්‍යාපනය කියන්නෙ හිතන්න පුළුවන්කම කියන සංකීර්ණ පරිචයට. උඹ පුංචි කාලෙ උඹේම කැත කුණු අම්මා, තාත්තා හරිම පේ‍්‍රමයකින් හෝදන්න ඇති, උඹව සනසන්න ඇති. වයසින් වැඩෙද්දි ඒ හැම දෙයක්ම තමන්ම කරගන්න අපි ඉගෙනගන්නවා. ඒක අධ්‍යාපනයක්. කියවීමයි, ජීවිත කියවීමයි කියන්නෙ අනුයාත සිදුවීම් දෙකක්. කියවන කෙනාට  ඕනෙ තරම් පොත් කියවන්න පුළුවන්, කට කියවන්නත් පුළුවන්, ඒත් ජීවිත කියවීම කියන්නෙ පොත් හෝ කට කියවීම නම් නෙවේ. හැම දේකින්ම උඹ ලබාපු අධ්‍යාපනය තමා ජීවිත කියවීම කියන්නෙ. හැබැයි හිතන්නෙ නැතිව ජීවිත කියවීම් ඉබේම පහල වෙන්නෙනම් නැහැ.

පුංචි දෙයක් කියන්න පුංචි විරාමයක් ගන්නම්. නිදහස් අධ්‍යාපනය කියන්නෙ මොකද්ද දන්නවද, ඒකෙ තේරුම තමා ජීවිත කියවීමක් තියන මිනිසුන් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලිය. මේ රටේ අවුරුදු 70ක දීර්ඝ නිදහස් ගමනක් තියනවා. ඒ අස්සෙ වීරයො මරපු කාල වකවානුත් තිබුණා. 1971, 1983, 1988-89, යුද්ධය, මධ්‍යවේදීන්, කලාකරුවන් ඝාතන, ඔව්, මේ හැමදේමත් එක්ක කලාව, සාහිත්‍යය, මතවාදී දේශපාලනයක් කරන්න පුළුවන් මිනිස්සුත් මැරුණා බන්. ඒ හිස්කම තමා අද වන්දිභට්ටයින්ගෙන්, එහෙයියන්ගෙන් මේ සම්පූර්ණ වේගෙන යන්නෙ. අපි මේ උඹට කියන නිදහසේ ශිල්පය මෙච්චර කාලයක් රැුකුණෙත් පවතින මෘග ක‍්‍රමවේද බාරගන්න අකමැති වුණු ප‍්‍රගතිශීලී මිනිස්සු හින්දා. ඒක එක සිද්ධියක් නෙවේ සහෝදරයා, චාරිකාවක්. අපි ඒ ශිල්පයේ නූතන පරපුර කියන එක බැරෑරුම් වගකීමක්. මේ ශිල්පයට එදිරිවාදිකම් කරන බහුතර සමාජයේ උන්ගෙ මුත‍්‍රා සාම්පල වල තහනම් උත්තේජක තියනවා මචං. නිදහසේ ශිල්පය එක්ක පෞද්ගලික ශිල්පය ඝට්ටනය කරලා ඉස්කෝලෙදි උඹත් එක්ක එක බත් පතේ බිත්තරේට රණ්ඩු කරපු, උඹ ගුටි ගහගත්තු, උඹේ ඇෙඟ් පෑනෙන් ඉරි ඇඳපු, පුංචි කාලෙ ගෝල්ඩන් ඩස්ට් නාවපු උඹේ සහෝදරයට වෛර කරන්න උඹට උගන්වන්නෙ ඔය කියපු ව්‍යාජ හෘද සාක්ෂියක් තියෙන මිනිස්සු. උන්ගෙ හිත්වල තියෙන්නෙ කකියන බල අරගලයක් මිසක් මානුශීය දේශපාලනය ගැන උන් අඹ මල් රේණුවක් තරම් දෙයක් දන්නෙ නැහැ බන්. අපි කියන ජීවිත කියවීම උඹට  ඕනෙ වෙන්නෙ මෙන්න මේ වෙලාවෙදි. මහා සංස්කෘතියෙන් අපගමනය වුණු උප සංස්කෘතියෙ මිනිස්සු හරි ලස්සන වැඩ කරනවා. ශිල්පයේ මාත‍්‍රාව යන්තමින් හරි කොහේ හරි දුෂ්කර පාසලක ඉන්න පුංචි පුංචි හීන තියෙන උන්ටත් දෙන්න පුළුවන් සාධනීය අරමුණු සරසවි කොල්ලන්ට, කෙල්ලන්ට තියනවා. ඒක මේ අරගලයේම එක පැත්තක්. අපි දුප්පත් රටක් හින්ද තමා අපි පොහොසත් වෙන්න  ඕනෙත්. මනසින් ඒ පොහොසත්කම අපි කියන ආදර ර්‍ණය මිනිස්සු ළඟ තියෙනවට අපි හරි කැමතියි. කුසගින්න තියෙන මිනිහා කෑම හොයනවා වගේ, තිබහ තියෙන මිනිහා වතුර හොයනවා වගේ, පොහොසත් වෙන්න නම් ඉගෙනගන්න  ඕනෙ, උඹ ඒ කියන ඉගෙනීම ජීවිත කියවීමම විදිහට වටහාගනියි කියලා අපි විශ්වාස කරනවා. කැම්පස් කොල්ලො, කෙල්ලො අළුත් බලාපොරොත්තු පොත්වල ඒ විදිහට පිටපත් කරන එක හරිම විප්ලවීයයි.

Location - University Playground Premises, Colombo
ඒ විප්ලවය ගැන අපි ලස්සන කතාවක් කියන්නම්. එකම එක තනිකඩ ආදරවන්තයෙක් මිනිස්සු පේ‍්‍රමය ගැන දන්නෙ නැත්තෙ ඇයි කියලා හිතන්න පටන් ගත්ත. තමන්ටම ලැබෙන්න  ඕනෙ දෙයක් වෙනත් කෙනෙකුට ලබා දෙන එක අමාරු වැඩක්, ඒක තමා ආදරය කියන්නෙ, ඉතින් ආදරය කරන්න බැහැ, ආදරය ඉබේම කෙරෙන්න  ඕනෙ.  ඕෂෝ කියලා හරි සුන්දර මනුස්සයෙක් එහෙම හිතලා ආදරය හොයාගෙන ගිහින් විමුක්තියට පත්වුණා. ඔහු කියපු ලස්සනම කතාව තමා සම්පූර්ණයෙන් ආදරය කරන්න කියන එක. ඇයි අපි මේක උඹට කියන්නෙ, විප්ලවයක පළවෙනි පියවර තමා ඒක. ඒක පාර වහගෙන, වතුර නාගෙන, කැනිස්ටර් පාරවල් කාගෙන කරන දේශපාලන අරගලයක් විතරක් නම් නෙවේ. විප්ලවය වෙන්න  ඕනෙ අයිතීන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන්. ඒක පාරක ස්ටිකර් එකක්, පෑනක් විකුණන කෙල්ලෙක්ගෙ තියෙන හීනයක් වෙන්න  ඕනෙ, කැටයක් හොල්ලලා කාසි, නෝට්ටු එකතු කරන කොල්ලෙක්ගෙ අරමුණක් වෙන්න  ඕනෙ, රටට ණය නොවී අනුග‍්‍රාහකයො හොය හොය, සල්ලි හොයන්න දඟලන ශිෂ්‍ය සංගම් වල කැක්කුම වෙන්න  ඕනෙ. සියල්ලන් අවසන් ප‍්‍රතිඵලයෙන් තෘප්තියට පත්වෙන කොට උන්ගෙ හදවතින් ඇහෙන මන්දස්මිතයට අපි ආදරෙයි. මේක සංස්කෘතික ආරාධනාවක් මිත‍්‍රයා, මේක උප සංස්කෘතික විප්ලවයක්, මේක දීර්ඝ චාරිකාවක්, ඒ ගමන කවදාහරි නවත්වන්න වෙන්නෙ හේතු දෙකක් නිසා විතරයි, එකක් මේ නිදහසේ ශිල්පය මේ දේශයෙන් අහෝසිවෙන දවසට. අනිත් හේතුව නිසා අපි මේ චාරිකාව නවත්වන්න හරි කැමතියි. ඒ අපි මුලින් කිව්ව ව්‍යාජ මිනිස්සුත් ජීවිත කියවීමක් ආරෝපණය කරගන්න දවසට. ප‍්‍රතිවාදීන් නැතිනම් මේ ගමන නවත්වන්න පුළුවන්, ඒත් මචං කවුද හරියටම දන්නෙ.

අළුත් ආඛ්‍යානයක් හදපන්, ඒ නියාවෙන් අළුත් බලාපොරොත්තු පොත්වල පිටපත් කරපන්, ලක්ෂ පනහක් පුංචි උන්ගෙ අනාගතයේ ලස්සන හිතින් මනෝරංජනය කරන්න තරම් පරාර්ථකාමී වෙයන්, මේ පාදඩ වර්තමානය උන්ගේ අනාගතය නොවෙන්න, පුළුවන් තරම් කාෂ්ඨකය ඉවසපන්. උඹේ වර්තමානයම උන්ගෙත් වර්තමානය වෙන්න දෙනවනම් මේ අධ්‍යාපනයේවත්, අපි කියන මේ ආදර ලියවිල්ලෙවත් කිසිම තේරුමක් නැතිවෙනවා. නිවහල්ලූන්ගේ කුලකයට එකතු වෙන්න, කෙල්ලෙකුට හදවතින්ම ආදරය කරන්න, අතින් අල්ලන්න, පේ‍්‍රමය පුරන්න, ආදර ගීත අසන්න, කොල්ලෙකු වෙනුවෙන් පේ‍්‍රම ර්‍ණය වෙන්න, ළයාන්විත වෙන්න, පොත් පිටින් ඌටත් එක්ක නෝට් ලියන්න, බත් කවන්න, හදවතට, ළමැදට තුරුළු කරගන්න, කඳුළු සලන්න, තොල් සිපගන්න, කෙල්ලට රැුකවරණය දෙන්න, චපල නොවී සැබෑ ලෙසම ආදර ර්‍ණය වන්න, මේ සරසවි ?නේ එකතුවෙන්න, උන්ගේ මන්දස්මිතය සංස්පර්ශය කරන්න ඉගෙනගන්න, මේ නිදහසේ ශිල්පයට ඉතිහාසය කියවන්න ඉඩදෙන්න. නංගියෙ, මල්ලියෙ මේක ආදර ර්‍ණය ආයාචනයක්, මේ අධ්‍යාපනය රකින්න, දොරටු තට්ටු කරලා ’පුතේ මේ උපාධිය උඹට’ කියලා දෙපා මුලට සරසවි වරම දෙන්න කිසිම දේශපාලකයෙක්, සමාජ සංවිධානයක් බැඳී සිටින්නෙ නැහැ, ඒක අතීතයෙත්, වර්තමානයෙත්, අනාගතයෙත් බොහෝ විට ඒ විදිහටම ක‍්‍රියාත්මක වෙයි. ඒක උඹ වෙනුවෙන්, අනාගතයේ උඹේ මල්ලි, නංගි වෙනුවෙන්, සමහරවිට උඹේම දරුවො වෙනුවෙනුත් ආරක්ෂා කිරීමේ භාරදූර වගකීම සරසවි අපි නූතන පරපුරට තියෙනවා, අවස්ථාවක් ලද සැනින් මේ අනර්ඝ දායාදය උඹෙන්, අපෙන් ඈත්කරන්න මිසක් ඒ බොහෝ දෙනෙක් අධ්‍යාපනයේ සම අයිතීන් වෙනුවෙන් අරගල කරන්නෙ නැහැ. ඒ සියල්ල මෙලෙසම තියෙන්නෙ සමස්ත ලාංකීය සරසවි ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වයේ අඛණ්ඩ පැවැත්ම නිසා පමණයි. ඉතින් මේ ඒ කුටුම්බයේ උන්ට පේ‍්‍රමය ගැන, නිදහසේ ආදරය කරන හැටි, නිදහසේ ශිල්පය විඳින හැටි ගැන තැබුව පුංචි සටහනක් විතරයි. ඉතින් උඹේ ඒ සංවේදී හුස්මෙ තියන මිමිණුමටත් ආදර ර්‍ණය උණුසුමක් එකතුවෙනකම් නවතිමු, ජය!

Sunday, December 23, 2018

මහින්ද, රනිල් හා ශිෂ්ටත්වය Behind The Scenes – Mahinda, Ranil And Propriety

Source : Newsfirst
මහින්ද රාජපක්ෂ හා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරණයක් සඳහා තරඟ වදින්නේ 2005 වසරේදීය. එය නොවැම්බර් 17 වන දින පැවැත්වූ ජනාධිපතිවරණයයි. මෙරට මහජනයා ඉතිහාසයේ ගත් වැදගත්ම දේශපාලනික තීන්දුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමයි. එය සුදුසුම කාලයේදී සිදු වූ සිදුවීමක් වන්නේ එවකට සිටි දක්ෂතම යුධ හමුදා, නාවික හමුදා හා ගුවන් හමුදා සෙන්පතිවරුන් ත‍්‍රිවිධ හමුදා මෙහෙයවීමට යොදා ගැනීමත් සමඟයි. යුද්ධයක් කිරීම මේ කාලයේදී එනම් දෙවන ලෝක යුද්ධයෙන් පසු ප‍්‍රගමන යුගයේදී රටක නායකයෙක් මත ඍජුව පැටවෙන වගකීමක් නම් නොවේය. රටක යුද්ධයක් සඳහා සමස්ත මහජනතාවක් සහභාගී වෙති. 2006දී ආරම්භ වූ යුද්ධය (සත්‍ය වශයෙන්ම එය 1975 දී) 2009 මැයි 18 දින අවසන් වන්නේය. යුද්ධය ඇදගෙන යාමට නියෝග නොලැබුණේ යැයි කිසිවෙකුට කිව නොහැකිය. යුද්ධය එසේ දිග්ගැස්සවීමට නොහැකි තරමටම අවදානම් අවස්ථාවකට පත්වී තිබූ බව මේ රටේ පාලන තන්ත‍්‍රය දැන සිටියේ නැත. එනම් අවි ආයුධ හා උණ්ඩ ඒ අතරතුර කාලයේදී ත‍්‍රස්තවාදීන් විසින් නැවත විදේශයෙන් ගෙන්වීමය. තවද වැයවෙන සෑම උණ්ඩයකටම ලාභ ලබන තත්ත්වයක් ජාත්‍යන්තර අවි ආයුධ නිෂ්පාදන සමාගම් වලට ලැබීමය. කුමන පාර්ශවයක් වෙත නිකුත් කළද එයින් ලැබෙන්නේ ලාභයකි. ත‍්‍රස්තවාදියාත් හමුදාවත් භාවිතා කරන උණ්ඩ ඇතැම් විටක එකම නිෂ්පාදන සමාගමේය. මේ අශිෂ්ටත්වය ගැන අපිට ශිෂ්ටව කතා කළ නොහැකිය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පමණක් යුද්ධයක් කලා යැයි කීම තරම් හිරිකිත දේශපාලනික නොමඟ යැවීමක් මේ රටේ දේශපාලනයේ මින් පෙර වාර්තා වන්නේ ජේ.ආර්. ගේ 5/6ක ව්‍යවස්ථා පෙරළියේදීය. එකල සිදු වූ ව්‍යවස්ථා විපර්යාසයෙන් රටට සිදු වූ විනාශයම තරම්ම හෝ ඊටත් වඩා වැඩියෙන් මතවාදී දූෂණයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද්ධයක් අවසන් කලා යැයි සමාජගත වීමෙන් මේ රටට වූ බව කිව යුතුය. යුද්ධයේ ක්‍රෙඩිට් එක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා තනිව භුක්ති විඳීමට තීරණය කළේ 2010 වසරේදී හදිසියේම කැඳවූ ජනාධිපතිවරණයට හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා තරඟ වැදීමට යන බව සැලවීමත් සමඟය. 2005 නොවැම්බර් මස ජනාධිපතිවරයා ලෙස පත් වූ මහින්ද රාජපක්ෂට නැවත ශිෂ්ට ලෙස ජනාධිපතිවරණයක් කැඳවීමට තිබුණේ 2011 වසරේ අගෝස්තු මාසයේදීය. එමෙන්ම ප‍්‍රජාතාන්ත‍්‍රිකව රටක ජනාධිපතිවරයා ධූරයෙන් ඉල්ල අස්වී ජනාධිපතිවරණය සඳහා තරඟ කළ යුතු වන්නේය. එසේ නොමැතිව ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කර ඔහුට නැවත වතාවක් රෙදි ඇඳගෙන අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දිය හැකිද යන්න සිතා බැලිය යුතුය. මේ කිසිවක් ජනාධිපතිවරයෙකු ලෙස මහින්ද රාජපක්ෂ විසින් සිදු නොකල බව මතක් කර දීමට කැමැත්තෙමු. එහි අතුරු කතාව වන්නේ 2010 දී හදිසියේම ජනාධිපතිවරණය කැඳවීමට හේතු වූ කාරණාය. එනම් එවකට දැන් මෙන්ම පැවති දූෂිත රජයට තවදුරටත් යුද්ධය විකුණමින් පැවැත්මක් නොමැති බව ආණ්ඩුව තේරුම් ගැනීමය. අනෙක් කාරණාව 2009 මැයි 18 දින යුද්ධය අවසන් වීමෙන් පසුව රටේ බහුතර ජනයා ප‍්‍රශංසා දැක්වීමට පටන් ගත්තේ රටේ සක‍්‍රීයව යුද්ධයට සහභාගී වූ ත‍්‍රිවිධ හමුදාවට හා පොලීසියට මිසක මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නම් තනි පුද්ගලයාට නොවීමය. ඒ ආකාරයට තවදුරටත් ඔහුට හෝ පවතින රජයට ස්ථාවර පැවැත්මක් නොමැති බව ඒ අවස්ථාවේදී ඔවුන් විසින් තීරණය කරන ලදී.


යුධ ජයග‍්‍රහණය සත්‍ය වශයෙන්ම මහින්ද රාජපක්ෂ නම් තනි පුද්ගලයාට අයිතිද යන්න අපි මෙතැන් පටන් විමසා බලමු. යුද්ධය රජයන් 5ක් 6ක් යටතේ පවත්වාගෙන ආ ක‍්‍රියාදාමයක් මිස එය කිසි කලෙකත් අවසන් කළ නොහැකි යුද්ධයක් නොවන බවට හොඳම සාක්ෂිය ඩෙන්සිල් කොබ්බෑකඩුව හමුදාපතිවරයා යුද්ධයේ තීරණාත්මක අවස්ථාවක් දක්වා ත‍්‍රස්ත මර්දනය සිදු කරමින් සිටිද්දී රජය විසින් යුද්ධය අතරමඟ නැවැත්වීමය. ඒ බලපෑම 2006 - 2009 කාලයේදී සිදු නොවූවා යැයි අපි නොකියමු. මෙරට පැවති සියළු රජයන්ට අවශ්‍ය වූවේ යුද්ධය පවත්වාගෙන යාම මිසක අවසන් කිරීම නොවේය. මාවිල් ආරු සොරොව්ව වැසීමත් සමඟ නැගෙනහිර යුධ වාතාවරණය නැවත ආරම්භ වූ අතර නැගෙනහිර මුදාගැනීමේ සටන අවසන් වූයේ තොප්පිගල මර්මස්ථානය හමුදාව විසින් අත්පත් කරගැනීමත් සමඟයි. විධායක ජනාධිපතිවරයෙක් යටතේ පාලනය වන රටක සේනාධිනායකයා ජනාධිපතිවරයා වන බැවින් යුද්ධය පිළිබඳව අවසාන තීරණය ජනාධිපතිවරයා විසින් ගත යුතු බව සැබෑවකි. එනමුත් යුධ සැලසුම් සකස් කිරීමේ සිට සිවිල් වැසියන් මුදා ගැනීම දක්වා අනෙකුත් සියළු කර්තව්‍යයන් ඉටු කරනු ලබන්නේ ත‍්‍රිවිධ හමුදාව හා පොලීසිය විසිනි. එය ජනාධිපතිවරයා විසින් තනි භුක්තියක් ලෙස සලකා තම පරිපාලන බලතල යොදාගනිමින් රාජ්‍ය මාධ්‍ය, මාධ්‍ය නිවේදන, ගැසට් නිවේදන ඔස්සේ යුධ ජයග‍්‍රහණය සම්පූර්ණයෙන්ම තමා වෙත නතු කරගැනීම අපි කතාකරන අශිෂ්ටත්වය බව කිව යුතුය. යුධ ගැටුම් හේතුවෙන් අබාධිත වූ සෙබළුන් හා පොලිස් නිලධාරීන් වෙනුවෙන් අදටත් නිසි සුබසාධනයක් මේ රට තුළ ඇත්තේද යන්න ගැටළුවකි. මෑත දිනක රනිල් වික‍්‍රමසිංහ 5වෙනි වතාවටත් මෙරට අගමැතිවරයා ලෙස පත්වීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් පැවැත්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී ඍජු ප‍්‍රකාශයක් කරමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරේ යුධ අපරාධ චෝදනා ඔස්සේ හමුදාවට විරුද්ධව පරීක්ෂණ පැවැත්වෙන්නේ නම් ත‍්‍රස්තවාදීන් සඳහාද නීතිය එලෙසම ක‍්‍රියාත්මක විය යුතු බවයි. මෛත‍්‍රීපාල සිරිසේන වැනි පුද්ගලයෙක්ට පවා වැටහෙන සරල සමාජයීය යථාර්ථය මෙරට බොහෝ සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂ විසින් හුදු සටන් පාඨ බවට පමණක් පත් කරගෙන විකුණගෙන කනවා මිසක සැබෑ දේශපාලනික අරමුණක් ඒ බොහෝ දෙනෙක්ට නැත. අපි කතා කරන්නේ පක්ෂ දේශපාලනයක් ගැන නොවේය. සත්‍ය වශයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් මෙහෙයවා ගත් යුද්ධයේ කතෘ භාගය සවිඥානිකව බෙදී යා යුතු ආකාරය පිළිබඳවය. මේ රටට හැමදාම හුරු වූයේ තනි පුද්ගලයෙක් වටා එක් රොක් වීමේ ආකල්පමය ගැටළුවකි. එය මේ දක්වාම අපි වසර 70ක පටන් ඉදිරියට ගෙන එන ගෝත‍්‍රවාදී අදහසකි. ජාතියක් රටක් ලෙස අපි නොදියුණු ඇයි කියා සිතීමම ඒ ආකල්පමය ගැටළුවම බව දත යුතුය. යුද්ධයේ කතාව 2010දී අවසන් වන්නේ සුළුපටු ආකාරයකට නොවේය. ඒ හිටපු හමුදාපතිවරයාගේ ප‍්‍රජා අයිතිය අහෝසි කර, සිරගත කොට දේශපාලනික නොවන පෞද්ගලික පලිගැනීමක් දක්වා කතාව දිග්ගැස්සෙමිනි. ඒ සිදු වූ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාදාමයට සමාන සිදුවීමක් ලෙස ඊයේ පෙරේදා වාර්තා වූයේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයාව හදිසියේම අගමැතිවරයා ලෙස පත් කිරීමයි. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ව්සින් ගත් එක් තීන්දුවක් කණපිට පෙරලෙන්නට පටන් ගත්තේ 2015දී ජනාධිපතිවරණය කැඳවීම සමඟයි. අවසාන මොහොත දක්වා විපක්ෂයේ පොදු අපේක්ෂකයා කවුද යන්න රහසක්ව තබා ගත් එවකට යහපාලන කණ්ඩායම මෛත‍්‍රීපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරනු ලැබීය. මහින්ද රාජපක්ෂ රජය මෙරට තවත් දූෂිත රජයක් බවට පත්වෙමින් පැවති 2014 අවසාන කාර්තුව වන විට බලයෙන් වියරු වැටී සිටි දේශපාලන පක්ෂ නායකයින් නැවත ප‍්‍රධාන දේශපාලන බලවේග වටා ධ‍්‍රැවීකරණය වීය. 2010 වසරේ අග භාගයේදී දිවුරුම් දුන් එවකට ජනාධිපතිවරයාට නැවත ජනාධිපතිවරණයක් කැඳවීමට තිබුණේ 2016 නොවැම්බර් මාසයේය. එහෙත් වසර දෙකකට ආසන්න කාලයක් ධූර කාලය තවත් ඉතිරිව තිබියදී ජනාධිපතිවරණය කැඳවූයේ 2010දී සිදු කළ බලපෑම තවදුරටත් පවත්වා ගැනීමටය. යම් හෙයකින් 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා විසින් ජයග‍්‍රහණය කලේ නම් ඔහු නැවත දිවුරුම් දෙන්නේ 2016 නොවැම්බර් මාසයේය. ධූර කාලය අවසාන වන්නේ 2022 නොවැම්බර්ය. එතෙක් ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ය. මියෙන තුරාවටත් ඉන් මතුවටත් මෙරට රාජ්‍ය නායකයා රාජපක්ෂ කෙනෙකි. එය මහින්ද රාජපක්ෂ විසින් සැලසුම් කර තිබූ ආකාරයයි. 2015 ජනාධිපතිවරණයේ සිංහල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ය. යම් හෙයකින් උතුරේ ඡන්ද මෛත‍්‍රීපාල සිරිසේන එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාට නොලැබුණේ නම් මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇත්තෙන්ම මේ වන විට කුණු කාණු පල්ලේය. එය මේ මොහොතේදී කුමන පක්ෂ දේශපාලනික අදහසකට වූවද බොරු යැයි කිව නොහැකි නොධ‍්‍රැවී සත්‍යයයි.

අපි ඔබට මේ දේවල් නැවත මතක් කරන්නේ අපේ උක්ත මාතෘකාවට පැහැදිලි, නිරවුල් ප‍්‍රවේශයක් ලබා දීම සඳහාය. යුධ ජයග‍්‍රහණය ගැන තවත් පුංචි කාරණා කිහිපයක් කීමට අදහස් කරමු. එල්ටීටීඊ ත‍්‍රස්තයන් යුද්ධය අවසාන කාලයේදී හැසිරුණේ ම්ලේච්ඡයින් ලෙස මිසක අවම වශයෙන් විමුක්ති ත‍්‍රස්තයන් යන ලේබලයවත් දීමට නුසුදුසු තලයකට ඔවුහු පැමිණ සිටියහ. එවකට සිටි ප‍්‍රබල එල්ටීටීඊ ත‍්‍රස්ත නායකයින් සංවිධානය අතහැර පැමිණිමේ මූලික හේතුව ප‍්‍රභාකරන්ගේ විකෘති මානසික අවශ්‍යතාවයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු එකාධිපතියෙකි. එවකට ඇතැම් ද්‍රවිඩ අහිංසක දිළිඳු පවුල් වල වීරයා වූයේ ප‍්‍රභාකරන් බව ප‍්‍රභාකරන් ඝාතනය කරන ලද බවට පුවත් සැලවීමත් සමඟ අපිට ප‍්‍රත්‍යක්ෂ ලෙසම දැනගැනීමට හැකි වූයේ එල්ටීටීඊ නායකයාගේ වියෝවෙන් කඳුළු සලන ශ්‍රී ලාංකිකයන් පිරිසක් හදිසියේම මතු වීමත් සමඟයි. මේ සියල්ල අසත්‍ය නොවේය. ස්වභාවයෙන්ම මිනිසා දේශපාලන මෘගයෙකු බවට ඇරිස්ටෝටල්ගේ ප‍්‍රකාශය තවදුරටත් සත්‍යාපනය වීමක් පමණි. ස්වකීය විමුක්ති නායකයා ප‍්‍රභාකරන් වූවද සංවිධානයේ විමුක්ති කොටස කුට්ටුමනී ඝාතනය වීමත් සමඟ ඉවත් වූ බව බොහෝමයක් ද්‍රවිඩ ජනයා අදටත් විශ්වාස කරන්නේ නැත. ඒ බෙදීම අදටත් ඇතැම් අවස්ථා වලදී අපි දකින්නේ යාපනයේ, කිලිනොච්චියේ හෝ මුලතිවු සිට අගනුවර සරසවියකට ප‍්‍රවේශ ලබන සිසුන් බහුතරයෙන් අපගමනය වී තම කණ්ඩායමකට සීමා වී සිටීමයි. සෑම විටම මේ කාරණාව සත්‍ය නොවන බවත් ප‍්‍රගතිශීලී අදහස් ඇති උතුරේ සහෝදර ශිෂ්‍යයින් සිටින බවත් වගකීමෙන් ප‍්‍රකාශ කරමු. කෙසේ හෝ අපි කතාකරන ප‍්‍රභාකරන් දේවත්වයෙන් සැලකීමේ උතුරේ ප‍්‍රතිපත්තියට උතුරේ ක‍්‍රියාකාරී දේශපාලන නායකයින්ගෙන් යම් සාධනීය බලපෑම් එල්ලවන බවට තර්ක කළ හැක. මෑතකදී හොල්මන් කරන ආවා යනුවෙන් හැඳින්වෙන කල්ලියක ක‍්‍රියාකාරකම් සත්‍ය වශයෙන්ම ත‍්‍රස්ත කණ්ඩායම් නොවන සිවිල් ක‍්‍රියාකාරකම් බව මේත් සමඟම කිව යුතුය. ශ්‍රී ලංකා හමුදාවට මෙවැනි විනාශකාරී අංකුර මුලිනුපුටා දැමීම කජජක්ද යැයි කියන අපිම සමස්ත සේනාධිනායකත්වය ඇති ජනාධිපතිවරයාට, අමාත්‍ය මණ්ඩලයට ආවඩා සිටීමේ වහල් මානසිකත්වය රටක පුරවැසියන් වශයෙන් අපගේ අශිෂ්ටත්වය බව ප‍්‍රකාශ කර සිටිමු. මේ රටේ සිවිල් සමාජය හා දේශපාලන භාවිතාව අදටත් බොහෝ සෙයින් දුරස්ය. පෞද්ගලිකව ඒ දුරස්ථ බවට අපි කැමති නැත. මෙරට සිවිල් වැසියා බහුතරය නියෝජනය කරන සැබෑ ලෙසම අන්ත අසරණ චරිතයක් බව පෙනෙන්නට තිබේ. ඔවුහු අරාජිකත්වයට නොකැමතිය. එමෙන්ම පුද්ගලයෙකු සතුව තිබිය යුතු අභිමානය, ස්වාධීනත්වය හා ආත්ම වටිනාකම දරා සිටීමට තරම් ආකල්පමය අධ්‍යාපනයක් මෙරට බොහෝ පුරවැසියන්ට නොමැත.

මෙරට මහින්ද පිල, රනිල් පිල, පොහොට්ටුව, අලි, රතු අලි, රතු හැට්ටකාරයින් ලෙස දේශපාලන පක්ෂ බෙදීම් ඔස්සේ අපි කතාකරන දේශපාලනය ඇතැම් විටක පිස්සුවක් විය හැකිය. එහෙත් සමාජයීය අර්ථයෙන් ගත් විට අපි නොධ‍්‍රැවීය සත්‍යය තේරුම් ගන්නේ නම් නුදුරේදීම අපිට දියුණු ජාතියක් වීමට හැකිය. පුරවැසියන් ලෙස අපි වරද්දාගන්නේ මේ රට දියුණු ආර්ථිකයක් ඇති රටක් වූවහොත්, ගොඩනැගිලි, අධිවේග මාර්ග තවත් ඉදි වූවහොත් මේ රටේ මිනිසුන් සතුටින් සිටින ජාතියක් වනු ඇති බවයි. උදාහරණයක් ලෙස ගමේ පාරවල් ඉදිවූවහොත්, ජල, විදුලි පහසුකම් ලැබුණහොත් මිනිසුන් සතුටින් සිටිනු ඇති බවයි. අපිට ඔබෙන් ප‍්‍රශ්නයක් අසන්නට ඇත. එලෙස යටිතල පහසුකම් සංවර්ධනය වී සතුටින් ජීවත්වෙන එකදු ගමක් හෝ නගරයක් නම් කළ හැකිද? රටක් දියුණු කිරීමේ මූලික පියවර දියුණු මිනිසුන් නිර්මාණය කිරීමයි. මෙරට සිටින්නේ නොදියුණු වැසියන් නම් ඔවුනට දියුණු ආර්ථික මෙවලම් සමඟ ගණුදෙනු කළ නොහැකියි. උදාහරණයක් ලෙස අළුතෙන්ම ගෙන්වන දුම්රිය මැදිරි, බලවේග කට්ටල ටික දවසක් යනවිට දරුණු ලෙස අවභාවිතා කරන මගී ජනතාවක් මේ රටේ සිටියි. ඕනෑම පොදු ස්ථානයක, වැසිකිලියක හැසිරෙන්නට දන්නේ නැති ජනතාවක් ගොනාට ඇන්දවීම ඉතා පහසුය. මෙතෙක් කලක් සිදුකරගෙන ආවේ ඒ ක‍්‍රියාදාමයයි. අපි නැවත මෙහි පක්ෂ අරමුණු ගැන කතා කලහොත් පළමුවෙන්ම මතක් වන්නේ මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ නඩයයි. ඔහු ඇතුළු සමස්ත දූෂිත රජයම 2015දී පරාජය කර අවසන් බව මේ මොහොත වන තුරුත් පිළිගැනීමට නොහැකි තරම් ඔහුගේ අනුගාමිකයින් අන්තවාදී වහලූන් බවට පත්වී සිටියි. රටක් වශයෙන් මහින්ද රාජපක්ෂ ඇතුළු රජයකට නැවත ගොඩගැනීමට රටක් නොමැති බව ඔවුන් දත යුතුය. යුද්ධය අවසන් වීමෙන් පසුව වසර 5ක් 6ක් ඇතුලත මෙරට අධිවේග මාර්ග 2ක් ඇතුළුව දියුණු මහා මාර්ග පද්ධතියක් නිර්මාණය වූ බව සැබෑය. එහෙත් සත්‍ය වශයෙන්ම ඔවුන් 2015දී පරාජය වූයේ කුමන කාරණා හේතුවෙන්දැයි නැවත් මතක් කරගැනීම සුදුසුය. යුද්ධය 2006දී නැවත ආරම්භ වීමේ සිට මේ දක්වා පටි තදකර ගැනීමේ න්‍යාය දිගින් දිගටම එකම රජයක් යටතේ පවත්වාගෙන ආවා ඔබට මතක ඇති. 2006 හෝ 2007 කාලයේ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙල මෙරට පැවැත්වූ අතර යුද්ධයෙන් පසු කාලයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායකයින්ගේ සමුළුවත්, පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙලත් මෙරටට සංවිධානය කිරීමට අවස්ථාව ලැබුණු බව ඔබට මතක ඇති. ඊට සමගාමීව තරුණ සමුළුවද මෙරට පැවැත්විණි. මේ සියල්ල මෙරට පුරවැසියන්ට එකල මැජික් එකක් ලෙස මනසට කිඳාබැසීම සිදු වූ අතර යුධ ජයග‍්‍රහණය, මහා මාර්ග පද්ධතියක් ඉදිවීම ලෝක සමුළු ඇතුළු දර්ශනීය ලබු කිරිබතක් සැකසීම දක්වා සියල්ල මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයගේ ගිණුමට එකතු විය. මහින්ද රාජපක්ෂ ආගමක් බවට පත්වෙන්නට පටන් ගත්තේ ඉන් පසුවය. එහෙත් ඒ වනවිට රට පත්ව සිටි ප‍්‍රබල ආර්ථික අර්බුදය බොහෝ දෙනෙක් දැන සිටියේ නැත. මහබැංකු බැදුම්කර සම්බන්ධයෙන් සිදුවන විමර්ශන වලට අනුව එය 2007 - 2008 දක්වා දිව යන දිග කතාන්දරයක් බව පෙනෙන්නට තිබේ. රටක් ආර්ථික අතින් ඉතා දුර්වල තත්ත්වයක සිටින අවස්ථාවක කිසිදු ආර්ථිකමය වශයෙන් ලාබයක් නොලැබෙන ජාත්‍යන්තර සමුළු, ක‍්‍රීඩා උළෙලවල් වැනි වියදම් අධික දෑ සිදු කිරීම මෑත කාලීනව බ‍්‍රසීලය විසින්ද සිදුකරමින් සිටින කර්තව්‍යයකි.

බ‍්‍රසීලය 2016දී ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල පැවැත්වූයේ රට ප‍්‍රබල ණය උගුලක සිරවී සිටින අවස්ථාවකය. අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් නියෝජිතයින් පවා සහභාගී වන පාර්ලිමෙන්තු සැසිවාර පැවැත්වෙන රටක ලාභ නොලැබෙන ඔලිම්පික් වැනි වියදම් අධික ක‍්‍රීඩා උළෙලක් පැවැත්වීමම මොනතරම් අනුවණ ක‍්‍රියාවක් දැයි යන්නට හොඳම උදාහරණය වන්නේ 2015 අවසාන භාගයේදී අධික වියදම් හේතුවෙන් පීඩාවට පත් මහජනයා එවකට රජයේ අදූරදර්ශී ක‍්‍රියාකලාපයට එරෙහිව මහපාරට බැසීමය. මහින්ද රාජපක්ෂ රජය එවකට සිදු කල මාධ්‍ය මර්දනය හේතුවෙන් රට පැවති සැබෑ තත්ත්වය යම් තරමකට මහජනයාගෙන් වසන් වුණි. එහෙත් 2010දී මෙන් නොව 2015දී සමාජ ජාලා බොහෝ සෙයින් සක‍්‍රීයව පැවති බැවින් එලෙස තවදුරටත් රජයට සත්‍යය වසන් කිරීමේ හැකියාව රාජ්‍ය මාධ්‍ය වලට පමණක් සීමා වුණි. එම ක‍්‍රියාවලිය අදටත් එසේමය. සමාජ මාධ්‍ය මේ කාලයේ ප‍්‍රබල ලිබරල් තත්ත්වයක් නිර්මාණය කරමින් සිටියි. එහෙත් ගැටළුව වන්නේ එහි යා යුතු දිශාවක් නොමැති වීමයි. කිසිදු සමාජ මාධ්‍යයක් රට හැඩගැසිය යුතු නිවැරදි හැඩයක් ගැන නිශ්චිත අදහසක් ලබා දෙන්නේ නැත. එමෙන්ම එහිදී නිරවද්‍යතාව පිළිබඳව වගකීමක් නොමැත. මහින්ද රාජපක්ෂ හා රනිල් වික‍්‍රමසිංහ යනු එකම කාසියේ දෙපැත්තක් බව අපගේ අදහසයි. මහින්ද පිල මේ රටේ දුප්පත් මිනිසාගේ පාර්ශවය නියෝජනය කරමින් මහජනයා හසුරුවමින් සිටියි. එමෙන්ම රනිල් වික‍්‍රමසිංහ එම කුලකයේම ධනවාදී දිළින්දන් මෙන්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවතාරයට රැුවටී සිටින ජනයා නියෝජනය කරමින් සිටියි. ඔක්තෝබර් 26 අග‍්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ දිවුරුම් දීමට පෙර මෙරට ජන රැළි 3ක් අගනුවරට ආ බව සිහිපත් කිරීමට අවශ්‍යය. එහි අන්තිම පාගමන ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදු කරන ලදී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් මහා ජන රැුළි කොළඹට ගෙන ගෙන එන ලදී. මේ සියල්ලේම අවසාන වශයෙන් නිගමනය කිරීමට ඇත්තේ හොඳ හෝ නරක දේශපාලන පක්ෂ නොමැති බවය. ඔබට අවශ්‍ය දේ සිදු කරගැනීමට හැකි පක්ෂය ඔබේ දේශපාලන පක්ෂයයි. එහි සාමූහිකව හිතීමක් ඇත්තෙන්ම නැත.

රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුවාවෙන් ගෙනයන ඒකාධිපතිත්වය මහින්ද රජපක්ෂට දෙවෙනි නැත. අදටත් මහින්ද රාජපක්ෂට නිරවුල්ව මාධ්‍ය සාකච්ඡාවක් හෝ හසුරුවා ගැනීමට නොහැකි බව මෑත දිනක පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී තහවුරු වූයේ ඔහු ද්වේශයෙන් ඉන් නැගිට යෑමත් සමඟයි. තවත් කැබිනට් අමාත්‍යවරුන් බොහෝමයකට ඍජුව මාධ්‍ය හමුවකට පිළිතුරු දීමට නොහැකිව අන්ත අසරණ වන අවස්ථා ඕනෑතරම්ය. රනිල් වික‍්‍රමසිංහ දක්ෂ කථිකයෙකු නොවන බැවින් ඔහුට ඇත්තේ සුපිරි මොළ ගේම්ය. එය 20022015ද ඊයේ පෙරේදා නැවත අගමැති ලෙස දිවුරුම් දීමද යන්න අදාළම නැත. වචන වලින් මිනිසුන් ඇන්දවීම රනිල් වික‍්‍රමසිංහට සිහිනයකි. එබැවින් ඔහුගේ උපාය මාර්ගය ඉත්තන් යොදා ගැනීමය. දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතින පාලනය යටතේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට 2020න් පසු පැවැත්මක් නැත. ඔහු අන්ත අසරණ තත්ත්වයකට පත්වීමටද ඉඩකඩ ඇත. රටේ බලකණු සියල්ල වටා ජනතාව නැවත වරක් එක් රොක් වීමේදී හටගන්නා තරඟය 2020 ජනාධිපතිවරණය තෙක් දීර්ඝ විය හැක. මුලින් එන්නේ ජනාධිපතිවරණය නම් එය රට මුළුමනින්ම කණපිට පෙරලීමක් විය හැක. උපක‍්‍රමික දේශපාලනයේ රනිල් වික‍්‍රමසිංහ පරිණත චරිතයකි. ඔහු ඉවත් කළ හැක්කේ ප‍්‍රජාතාන්ත‍්‍රීය ක‍්‍රමවේදයකට පමණි. එහෙත් මේ මොහොතේ රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ යහපාලන රජය ඉවත්වීමෙන් රටට වෙන අමුතු බලපෑමක් නැත. රනිල් වික‍්‍රමසිංහ 1988 - 1989 කාලයේ නීතිය අතට ගෙන කළ විස්කම් අතර බටලන්ද වධකාගාරය ඇතුළුව ක‍්‍රියාදාමයන් රාශියකි. එයට කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ එකල ක‍්‍රියාත්මක වූ වධ කඳවුරුද ඇතුළත්ය. විශ්වවිද්‍යාල සිසු ඝාතන වලට එකල රනිල් වික‍්‍රමසිංහ මෙන්ම මෙකල මහින්ද රාජපක්ෂ රජයද සුළුවෙන් හෝ දායක වෙමින් පැවතුණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුල අමු අමුවේ සිය ගණන් සිදුවුණු මනුශ්‍ය ඝාතන ගැන අදටත් ජීවමාන ඇසින් දුටු සාක්ෂි මේ බිමේ සිටියි. අපි මේ සියල්ල ඔබට මතක් කලේ පත්වන කිසිදු රජයකට මේ රට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දීමටය. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ප‍්‍රකාශ කළ පරිදි ඔහු නොවන ජනාධිපතිවරයෙක් මේ තරම් විහිළුවට ලක් නොවන බව සත්‍යයකි. මක් නිසාද යත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම තනතුරට පත්වීම අහම්බයක් වූවත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වීම අහම්බයක් නොවීමයි. ඒ තුළ ඔහු පැමිණි ගමන සෑම විටම උපක‍්‍රමිකය. ඒ උපක‍්‍රමික බව මේ මොහොතේද ක‍්‍රියාත්මක වෙමින් පවතියි. අපි ඊට උදාහරණ කීමෙන් වැළකීමට තීරණය කලෙමු. විචාර බුද්ධියෙන් විමසීම ඔබට භාර කරමි.


අවසානයේදී ශිෂ්ටත්වය යන්න තවදුරටත් මේ රට තුළ වලංගු කාරණාවක් නොවන්නේ එයට දේශපාලනිකව පැවැත්මක්  මේ රට තුළ නොමැති වීමය. චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය 2002දී පරාජය වීමත් සමඟ මාරුවෙන් මාරුවට මේ රට පාලනය කලේ රනිල් වික‍්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ ය. එබැවින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යනු රනිල් වික‍්‍රමසිංහගේ නිර්මාණයක් මිසක ඔහුට දේශපාලනික පැවැත්මක් මේ රට තුල නැත. මහින්ද රාජපක්ෂ අගමැති වූවා නම් හොඳයි කියා සිතීමම තාවකාලික සහනයකි. කොහොමත් ඊළඟට පාලනය භාර වන්නේ මහින්ද රාජපක්ෂටය. රටේ සමස්ත මහජනයා ඉතා කැමැත්තෙන් ඔහුගේ පාලනය පිළිගැනීමට සූදානමින් සිටින්නේ 2020 වන තුරුය. කෙසේ වූවත් රනිල් වික‍්‍රමසිංහ නැවත අගමැතිවරයා ලෙස පත් කිරීමම උපායකි. එවිට 2020 වන විට තවත් බොහෝ ඡන්ද ප‍්‍රමාණයක් ආණ්ඩු පක්ෂයට අහිමි වන බවට ඔවුහු නිගමනය කරති. එය දන්නා රනිල් වික‍්‍රමසිංහ දැන් සාම්‍යයක් ඇතුව සිටීම ගැන පුදුම වියයුතු නැත. 

පුරවර ප‍්‍රවාද අපි එළඹෙන ලිපියකින් රටේ ආකල්පමය ශිෂ්ටත්වය ගැන කතා කිරීමට මත්තෙන් තාවකාලිකව නවතිමු!


Monday, August 27, 2018

Undisclosed Author S02E03 "වාරණය සහ වහල්භාවය" - Part 4



දේශපාලනික මිනිස්සුන්ට කතා කරන්න තියෙන්නෙ අදහස් ගැන, රටක මිනිස්සුන්ට කතා කරන්න තියෙන්නෙ එදිනෙදා සිදුවීම් ගැන නම් ඒක ඇත්තටම පසුගාමී රටක්, සිදුවීමක් අල්ලගෙන වහල්ලු වගේ උඩ පනින එක කුළු හරකෙකුටත් කරන්න පුළුවන්, ලිංගිකව හැසිරෙන්න බල්ලොන්ට, පූසොන්ටත් පුළුවන්, ඒත් ප්‍රවාදිතව හිතන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි, ඉතින් රටේ වැඩි පිරිසක් සත්තු කියලා හිතෙන්නෙ නැද්ද...

Undisclosed Author S02E03 "වාරණය සහ වහල්භාවය" - Part 3

අපේ රටේ අදේශපාලනික මිනිස්සු හිතාගෙන ඉන්නෙ මේ රට පාලනය කරන්නෙ දේශපාලකයො කියලා, ඒත් ඇත්තම කතන්දරය තමා මේකෙ තියෙන්නෙ අදේශපාලකයො ගෙනියන වහල් භාවිතාවක් විතරයි කියන එක...

Saturday, August 25, 2018

ප්‍රවාදය නවීකරණය..

පුරවර ප්‍රවාද අපේ අරමුණ සමඟ ඍජුව සම්බන්ධවීමට සහයෝගය ලබා දුන් Undisclosed Author බුකි පිටු මස්තබාල්දුවට අපේ ආචාරය...

Undisclosed Author S02E03 "වාරණය සහ වහල්භාවය" - Part 1 - වාරණය සහ වහල්භාවයේ අදේශපාලනය...

Saturday, July 7, 2018

සරසවියෙන් ගීතයට ආ වයලීන ලෙවෙනිය... - The fictional romance of "Violina ~ වයලීනා (Lyrical Video)"


Free Desktop Wallpapers Download

මම ඔරලෝසුව සාක්කුවේ තිබෙද්දීම ජංගම දුරකතනයෙන් වෙලාව බැලීමි. පෙරවරු 6.00 පසුවන විටම වේදිකාව ගෑවී නොගෑවී පිළිගන්නා පානදුර දුම්රියට ආලෝක සංඥා ලැබී තිබුණි. සාමාන්‍යයෙන් බොහෝ කලබලකාරී මෙන්ම විමසුම් සහගත චරිතයක් වූ මම බසයෙන් බැසගත් වනම පවනට බඳු නොවුණත් ආසන්න වේගයකින් ගාඩර් රාජයාගෙන් ගුවනට මුසු විමි. පසෙකින් මලානික හිරු රැස් පතිත වන විට මා දුටුවේ දුම්රිය ඒ වන විටත් සියනෑ දුම්රිය වේදිකාවට ළඟා වෙමින් පැවති බවයි. ගාඩර් එකේ සිටම දුම්රියේ වහලයට පැනීමේ අවකාශයක් ගැන සිතුණු නමුදු ෆැන්ටසි චිත්‍රපටි චරිත නිරූපණයේ සීමාවක් පැවතිය යුතු බව මම වහාම මට අවධාරණය කලෙමි. ස්වකීය ස්කෑනරය ඔන් කරගත් මා හිස් අවකාශ නිරීක්ෂණය කරමින් සෙනඟ අතරින් වේදිකාවට රිංගා ගත්තේ සෙනඟ අඩු මැදිරිය සෙවීමට නොවබෑග් අඩුවෙන්ම ඇති රැක් එක සෙවීමටය. එය වඩා පහසු ක්‍රම වේදය බව මට මා ඒත්තු ගන්වා සිටියේ දෑවසරක් පුරාවට කදමළු බැඳගෙන පුරවර වන්දනාවේ යෙදීමේ විනෝදය ගැන දැනසිටි නිසාය. ඉහළින් වූ පයිප්පය අල්ලාගත් මම බෑග් එක "දඩස්" ගා රැක් එකට දැම්මෙමි. ඒ ශබ්දය මට ආවේණිකය. එබැවින් ඒත් සමඟම ඉඳගෙන හා හිටගෙන් උන් තරුණියන් නුපුරුදු බැල්මකින් මා දෙස බැලීම මට දැන් හොඳින් හුරුය. එහෙත් මැයගේ බැල්ම එසේ නුපුරුදු නොවේ. කිහිප විටක් මා ඇය දෙස බලන විටය මට නිනව් වූයේ මේ ඇයම බව. ප්‍රථම වරට මා ඇයව දුටුවේ අදින් තෙවසරකට පෙරය. ඒ සරසවි පිවිසුම් විභාගයට උපකාරක පන්ති යන සමයයි. තාමත් ඒ විදිහටම මාත් සමඟ හිනා වූවද ඇයව මා හෝ මා ඇයව හෝ හරිහැටි අඳුනන්නේ නැතැයි යන්න මා නිශ්චය කර මා හට ආරෝපණය කර තිබුණද සෑම විටෙකම ඒ බැල්ම මායාකාරී වූවක් බව නොකියාම බැරිය. ඇගේ පෙම්වතා යැයි සිතිය හැකි තැනැත්තෙකු සමඟ මීට වසරකට පමණ පෙර මා ඇයව දකින විටදී පවා ඒ සුපුරුදු ආයාචනාවේ බැල්ම ඇය තුල සියුම්ව දැක ගතිමි. ආදර විෂය පටලවාගෙන ජීවත් වන්නවුන් අති බහුතරය අතර මමද සිටින බව විශ්වාස කරමි. එක් බැල්මකින් ඒ තරම් දේවල් කල්පනා කල මා නැවතත් ඇය දෙස බලන විට ඇය සිටියේ ඉවත බලාගෙනයය. එහෙත් ඉවෙන් මෙන් මා ඇය දෙස බලා සිටින බව දැනගත් ඇය මාගේ බැල්ම කොටුකරමින් මා දෙස ක්ෂණිකව බැලීය. මට සිනහා ආවේය. ඒත් සමඟම ඇයටද සිනහා ආවාය. "ඇයි හිනාවෙන්නෙ?" ඇගෙන් ප්‍රශ්නයකි. මා මොහොතකට ඉවත බලා ආපසු පිළිවදන් දෙමින්, "මන් දිහා හොරෙන් බැලුව හින්ද මට හිනා ගියා", "ඇයි බලන්න හොඳ නැද්ද"ඇගෙන් ප්‍රශ්නයකි. "දැන් එක්සෑම් නේදමට වැඩ හින්ද පාඩම් හුඟක් මිස් වෙනවා"මම කීවෙමි. "ඇයි ඒඔයා ජොබ් එකක් කරනවද?", "ඔව් කැම්පස් එන්ඩත් කලින්ම හම්බුණා", "එපා වෙනව නේද?", මම සිනහවකින් ඇයට පිළිවදන් දුනිමි. "නෝට්ස් හොයාගන්නෙ කොහොමද?", "යාළුවො ඉන්නවනෙ..". ඒ ඇගේ සුපුරුදු කතා විලාශයයි. ගැහැනුන්ගේ කතාබහ අපට වඩා වෙනස්ය. එහෙත් ඇයගේ කතා විලාඅශයට මා ප්‍රිය කලේ වෙනත් බොහෝ තරුණියන්ගෙන් මා දුටු ව්‍යාජ සිනහව හෝ කතාව ඇය කෙරෙන් මා කිසිදු විටකදී නොදුටු නිසාය. පුරවරයට බඩගෑමට පටන්ගත් දා සිට සරසවි මිතුරියක් ලෙස සමීප වූයේ ඇය පමණකි. වෙනත් කිසිදු යුවතියක් ගැන සිතක් පහල නොවීම පුදුමයක් වූයේ රැකියා ස්ථානයේ පවා වැඩ බාරගෙන මුල් දින කිහිපයේම මිතුරියන් කිහිප දෙනෙක්ම මට සිටි නිසාය. පිරිමියෙක්ට තරුණියක් ගැන සිතක් පහල වීම ආදරයක් ඇතිවීමම නොවන බව මම විශ්වාස කරමි.

එය සාමාන්‍ය ආකාරයක මිතුරු බැඳීමක් පමණක් වනවාට මා කැමතිය. මේ නිසාම විටෙක කාර්යාලයේ තරුණියන් මට විහිළු කරයි, "අපෝ මේ කොල්ල නම්කැම්පස් ගිහිල්ලත් කෙල්ලෙක් සෙට් කරගත්තෙ නෑනෙ". නිහඬව සිනාසෙමින් මම ඔවුනට පිළිතුරු දෙන්නේ ඔවුන් බොහෝ දෙනෙක් මට වඩා වැඩි මහල් වූ නිසා පමණක්ම නොව ඔවුන්ගේ කිචිබිචිය අසා සිටින විට පවා ප්‍රේම සබඳතා ගැන මම කොන්දේසි විරහිතවම කලබලයට පත්වීමත්ඒ තුල මා කෙල්ලෙකුගේ නොනවතින කතාව අසා සිටින ගොළුවකු වේ යැයි මා තුල ඇතිවූ සාධාරණ බියත් නිසාය. ඇය නැවතත් මට යමක් කීමට සූදානම් වෙයි. මම හිස වනා "ඇයි?" කියා ඇසූ විට "ජොබ් එකක් කරන එකේගර්ල් කෙනෙකුත් ඇති නේද දැන්" කියා ඇසුවාය. "නෑපිස්සුදඅපි තාම හොඳ ළමයිදන්නවනෙ ඉතින්", "අපෝ මෙච්චර හැන්ඩියෙක් වෙලත් ඔහොම ඉන්ඩ එපා අනේකැමති කෙනෙක් නැද්ද ෆැකල්ටි එකේවත්?", "නෑඒ ගොල්ලො හරියන්නෑ අපිට"මම කීවෙමිඇය සමච්චල් බැල්මකින් මට සිනා වූවද පසුව මා ඇය දෙස රබර් ඇසින් බැලූ විට ඇය මා වෙත දක්වා සිටියේ අනුකම්පාව මුසු ආදර බැල්මකි. පෙම්වතෙක් සිටින තරුණියකතනිකඩ තරුණයෙක් සමඟ කතාබහ කරන සම්මත ක්‍රමවේදය එයයි. ඒ තුල ඔවුනට තනිකඩ අප ගැන ඇත්තේ සියුම් අනුකම්පාවකැයි මට සිතේ. එහෙත් එය මා ආහාරය කරගෙන සිටීම ගැන ඇය නොදනී. ඔවුන් සිතා සිටින්නේ අප තනිකඩ දිවිය විඳවමින් ජීවත්වන බවය. එසේ නැතහොත් උමතුවෙන් සිටින බවය. ඒ දෙකෙහිම අසත්‍යතාවකුදු මට නොපෙනේ. ඒ කෙසේ වූවද ඔවුන්ගේ කීමට තනිකඩයින් ජෝඩු නොවන බවය සැබෑව. සමස්ත පීඨ ශිෂ්‍යයාවන්ගේ අභින මෝස්තරයන්ගෙන් ඇය හාත්පසින්ම අපගමනය වූ තැනැත්තියකි. කෙල්ලෙකු සතුව තිබිය යුතු වූ ලාලිත්‍යයසිනහවකථාව මෙන්ම ගමනද ඇයට නොඅඩුව පැවතුණද ඇය තරම් රූපශ්‍රීයක් නොතිබූ බොහෝ වර්චස් තරුණියන්ගේ පුහු ආටෝපයන් දශමයක් හෝ ඇය වෙතින් ප්‍රකට නොවීම මා ඈ කෙරේ සිත් ගැනීමට හේතු වන්නට ඇත. සත්‍ය වශයෙන්ම ඇය වැනි තැනැත්තියකට පෙම්වතෙක් සිටීම පුදුමයට කාරණාවක් නම් නොවන බව ඇය ඔහුත් සමඟ දුටු මුල් දිනයේදීම මට දැනුණි. "අද ඩියුටිද යන්නෙ?", "හ්ම්ම්ම්.. ඔව්අත්සන් කරල පුළුවන් වෙලාවට එන්නම්කො ඔයාවත් බලන්ඩ". මාගේ ආදර බැල්මට වශී වූ බවක් පෙන්වූ ඇය උමතු සිනාවකින් දසන් දැක්වීමට තැත් කොට, "හා හා.. එන්නකො එහෙනම්"යැයි කීවාය. මා කීරි ගැසීමි. ස්ත්‍රී මායම් හරි අපූරු මෙන්ම කොතරම් කලාත්මක දැයි මා හරියටම දැකගත්තේ අදය. ඒවා නොමැතිනම් බොහෝ පිරිමින් අඩු වයසින් මියැදෙනවා සිකුරුය.

තරුණියකගේ සිත් ගැනීමට කුමක් කල යුතුදවිටෙක මම කල්පනා කලෙමි. ඒත් සමඟම ඇය මා වෙත විශේෂයෙන් දක්වන සැලකිල්ල සිහිපත් වූ මම ඒ සඳහා පිරිමියෙක්පිරිමියෙක් වීම පමණක් ම අවශ්‍ය වන බව සිතා ගතිමි. මා කිව්වද නොකිව්වද පිරිමින් ගැහැනුන්ටත්ගැහැනුන් පිරිමින්ටත් ආකර්ෂණය වන්නේ ඔවුන් පිරිමින් හා ගැහැනුන්ම වන නිසා මිසක අන් කවරක් නිසාදැයි මම කල්පනා කලෙමි.

මුල් වරට මට ඇයව හමු වන විට ඇයට ඔහු හමුවී සිටියාදැයි මම නොදනිමි. ඒ කෙසේ වූවද සරසවි ප්‍රවේශ විභාගය සමත්ව පුරවර වන්දනාව ආරම්භ කල මුල් කාලයේදීම මට ඇයව සමීප වූයේ නිතරම පාහේ දූම්රියේදී වූවත් රැකියාව සමඟ කාර්යබහුල වීම නිසාවෙන්ම එය අතිශයින්ම අහඹු සිදුවීමක් විය. වෙනත් පිරිමින් සමඟ වූවද ඇය බොහෝ හිතවත්ව කතාබහ කරන බවක් මා දුටුවද ඇය මා කෙරේ දක්වන විශේෂත්වය මගේ ස්වයං විඤ්ඤාණය විසින් මා හට ඇයව හමුවන හැම අවස්ථාවකදීම කිතිකවමින් සැලකර සිටීම විටෙක මා හට වදයක් ලෙසද දැනෙන්නට විය. ඇය මා නොවන වෙනත් පෙම්වතෙක් ඇගේ ජීවිතය කරගෙන සිටින බව දන්නා මම ම ඇයව සිහින දෙව්දුවක් බවට පත්කරගැනීමට උත්සුක වන බව දැකගන්නා මම මටම සිනාසීමට තැත් කලෙමි. හෙතුවක් නොදැනුණද සරසවි දිවියේ මුල් කාලයේදී ඇය සමඟ තනිව ආහාර ගැනීමට ලද අවස්ථාවේදී ඇය මට බොහෝ දේවල් පිස්සුවෙන් මෙන් කියාගෙන ගියා මතක් වූයේ මා හට ඒ සියල්ල කීමට මා ඇගේ කවුදැයි යන්න මට සිහිපත් වූ නිසාය. එදා මා ඇගේ ලාලිත්‍යවත් කතාව සාවධානව අසා සිට ඇසුවේ ඔහු ඇගේ පෙම්වතාද කියා පමණකි. එයට "ඔව් හලෝඑයා නම් පිස්සු කොල්ලෙක්" කියා ඇය කීවා මතකය. මිනිත්තු කිහිපයක නිහැඬියාවකට පසුත් ඇය මා දෙසම බලාගෙනය. පිරුණු සිනහවකින් මුව සරසාගත් මම ඇයටම කතාව පටන් ගැනීමට ඉඟියෙන් මෙන් ආයාචනා කලෙමි."ඔයා ක්ලාස් යන කාලෙ ගර්ල් කෙනෙක් පස්සෙන් ගියා නේද", "නෑඇයි එහෙම අහුවෙ", "(සිනාසෙමින්) එහෙනම් ඒ දවස් වල ඇයි නිතරම මං දිහා බැලුවෙ". ඇය කියනා කාරණාව වටහා ගැනීමට මට මොහොතක් අවශ්‍ය වූ විට මා පත් වූ ප්‍රශ්නාර්ථවත් මෙන්ම විමතියට පත් මුහුණ දැකීමට ඇය ආයාචනාත්මකව බලා සිටින බව මට තෙරුම් ගියේ ඉන් පසුවය. "අයියෝ පිස්සිමන් ඒත් මේ කල්පනා කරේ කවුද ඒ කෙල්ල කියල", "හ්ම්ම්ම්..  එහෙනම් බොරුවටද මන් දිහා බලාගෙන හිටියෙ", "ඔයා දිහා බලාගෙන හිටියා කියල ඔයා කොහොමද කියන්නෙඑහෙනම් ඔයත් බලාගෙනම ඉන්ඩ ඇති..", "අපෝ මෙයා හරි ලස්සන මනුස්සයනෙබලාගෙනම ඉන්නමේ ඒක නෙවෙයිඅපි මීට් වෙමු". වෙනත් සබඳතා වල හමුවීම් තීරණය කරන්නේ කොල්ලා වූවද ඇයට මා හමුවීමට අවශ්‍ය බව ප්‍රථමයෙන් කියා සිටීම ඇගේ විවෘත බව ගැන මට ඉඟියෙන් මෙන් දැනුම් දුන්නේය. "ඇයිඑයත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක්ද", "නෑඑහෙම දෙයක් නෙවෙයිමොකුත්ම ප්‍රශ්නයක් නැති එකත් වෙලාවකට ප්‍රශ්නයක් නෙ හලෝ", "හ්ම්ම්.. ඒත් කොහෙදිද මීට් වෙන්නෙ", "ඔයාම කියන්නකො", "එහෙනම් අද හවස හම්බෙමුවිහාරමහාදේවි පාර්ක් එකේදි..", "හ්ම්ම්.. එහෙනම් මං හවස 3.30ට එනවාඔයා ඉන්නහරිද..", "හා..".

මා හවස පැමිණෙන විටත් ඇය පැමිණ සිටියේ නැත. මහජන පුස්තකාලය අසල මඳ වේලාවක් සක්මන් කල මම එකවරම නෙත ගැටුණු ඇගේ හුරුපුරුදු ලාලිත ගමන නිරීක්ෂණය කලෙමි. මුව පුරා පිරී තිබූ සිනහව දකින්නට නොලැබීම ගැන මට ඇති වූයේ විමතියකි. හදිස්සියේම මා සුපුරුදු දුග්ගන්නාරාළ බවට පත්ව සිටීම ගැන මා මටම සමච්චලයට හිත යටින් සිනහා වීමි. "ඇයි මේ..". මොකුත් නොකියා අහක බලාගත් ඇය දෙස මඳ වේලාවක් බලා සිටි මම "හරි හරි යමුකො අපි..". මා අනුගමනය කල ඇය මා පසුපසින්ම ආවේ තනිකඩ මට කලාතුරකින් නොලැබුණු ස්වයංක්‍රීය ආත්මාභමානයෙන් මා පුරවාලමින් වූවද සියල්ලේ යථාර්තය දන්නා මම ම මා හට එම ආදර පරිකල්පනය ලබාදීම ගැන මම හිත යටින් හාස්‍යයට පත්ව වියරුවෙන් මෙන් සිනහා වීමි. විටින් විට හමන මඳ සුලඟින් සලිත වන මල් වලින් නිදහස් වන කහ පාට මල් පෙති සියුම් වර්ෂාවක් මෙන් නොකඩවා මහ දැවැන්ත ගස් වලින් නිදහස් වන අයුරු දෙස මමත් ඇයත් බලා සිටියෙමු. "ලස්සනයි නේද..", "හ්ම්ම් මීට කලින් මම නම් ඕනෙ තරම් දැකල තියෙනවඔයා එයා එක්ක ඇවිල්ල නැද්ද මීට කලින්", "නෑ හලෝ..", "ඒක නම් වෙන්ඩ බෑ". ඇය කීවේ බොරුවක් බව ඉවෙන් මෙන් දැනගත් මම, "හරි දැන් මොකටද මාව පිස්සු වට්ටල මෙතෙන්ට ගෙන්න ගත්තෙ", "මොකක්පිස්සු වට්ටල?". නුරුස්නා හුරතල් බැල්මක් මා වෙත දක්වා සිටි ඇය, "ඇයි ඔයා ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙන්නෙ නැත්තෙඔයාට ජොබ් එකකුත් තියෙනවකැම්පස් එකේ ඉන්නෙඅනිත් එක පෙනුමෙන් අඩුවකුත් නෑ", "මොකක්(මට සිනහා ආවේය).. දැන් ඔයා මට එන්ඩ කිව්වෙ මට කෙල්ලෙක් සෙට් කරල දෙන්ඩද", "ප්ලීස් අනේවිහිළු නෙවෙයිමන් ඇත්තටම අහන්නෙඔයා කවදාවත් මට මේ ප්‍රශ්නෙට උත්තර දීල නෑ". මට නැවතත් සිනහා එයි, "හරි දැන් මම මොකක්ද ඔයාට කියන්ඩ ඕනෙමට ඔයා ගැන කැමත්තක් තියෙනවාඒ හින්ද මම වෙන කෙල්ලෙක් එක්ක යාළු වෙන්නෙ නැතුව ඉන්නවමට ඔයා එක්ක ඉන්න හැම වෙලේම මගේ අනාගත බිරිඳ එක්ක ඉන්නවා වගේ දැනෙනවාමගේ බබාලගෙ අම්මා වගේ දැනෙනවාතව මොනවද කියන්ඩකො..", "මෝඩයා.. මෝඩයා.. මෝඩයා..". ඇය හුරු අතින් කුඩය අතට ගෙන මට රිදෙන්ඩම පහර දුන්නීය. කිසි දිනක මෙලෙස ගුටියක් කා නැති මා හදිසියේම එලෙස ඇය සමඟ හුරතල් වන්නේ ඇයිමම මගෙන්ම ප්‍රශ්න කලෙමි. "ඇයි ඉතින් මම ඇත්තනෙ කිව්වෙහා දැන් එහෙම නෙවෙයි  ද ඔයා හිතාගෙන හිටියෙ..", "නෑ නෑ අනේ මං දැනගන්න අහුවෙඒත් ඔයා කවදාවත් මට  උත්තරයක් දීල නෑනෙ", "මන් හේතුව කියන්ඩදහැබැයි අවුල් ගන්ඩ එපා හරිදඔයා එයාට දෙන වදේ හැටියට මම හිතාගත්ත කෙල්ලෙක් නැතුව ඉන්න එකම මට සැපයි කියල", "හා එහෙමදමං යනවා අප්පා..ඔයාට හැම වෙලේම විහිළු". යාමට නැඟී සිටි ඇයව පහසුවෙන්ම නවත්වා ගැනීමට මම හොඳින්ම දනිමි. "හරි හරි.. මං ඔයාට කැමතීඔයාව වයිෆ් කරගන්ඩත් කැමතීඔයා මගෙ බබාලගෙ අම්මා වෙනවටත් මං කැමතියි", "මොකක්ද කිව්වෙගොන් කොල්ලාඉන්නවකො ඔහොම..", "ජාති ජාතිඔය ඉන්නෙ කෙල්ල දැන් ලස්සනට"කියූ මම නැගී සිටිමින් ඇයව මඟහැරීමට මඳක් දුර දිව ආයෙමි. ඇය තවමත් රවාගෙන මා දෙස බලා සිටී. "ඇයි නැවතුනේ..", "ඔයාව දාල යන්ඩ දුකයි නෙ(සිනහ වෙමින් මම කීවෙමි)", "හා එන්ඩකො එහෙනම් ලඟට" නුරුස්නා බැල්මකින් ඇය කීවාය. "හරි හරි අයෑම් සොරි". මා කොනිත්තමින් නැවතත් මා අසලින් වාඩි වූ ඇයට මම "මම ගර්ල් කෙනෙක් එක්ක යාළු වෙන්නෙ නැත්තෙ ඇයි කියල මමවත් දන්නෙ නෑඒත් ඔයා ඇයි මේ හැම දෙයක්ම මගෙන් අහන්නෙඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ඔයා ගැන දැනගත්තොත් මොනවා වෙයිද", "මන් ආදරේ එයාට විතරයිඒත් ඔයා තනියම ඉන්න එක මගෙ හිතට මහ බරක්", "මටවත් ප්‍රශ්නයක් නොවෙන දෙයක් ඇයි ඔයා ප්‍රශ්නයක් කරගන්නෙ". සිනාමුසුව මම විමසා සිටියෙමි. "ඊට කලින් කියන්ඩකො ඇත්තටම ඔයා එයා එක්ක මෙතෙන්ට ඇවිල්ලා නැද්ද කියලා", "තියෙනවා ඕනෙ තරම්", "එහෙනම් ඇයි මට බොරු කිව්වෙ", "මට බය හිතුණා", "මොකටද..", "ඔයා වැරදියට හිතයි කියලා". තරමක් වික්ෂිප්ත වූ මම කාරණය වටහාගෙන සිනාමුසුව ඉවත බලා ගතිමි. එහෙත් ඇය ඊට වඩා යමක් බලාපොරොත්තු වූ බවක් දකින්නට ලැබුණි. මම සම්මතයේදී ඇයට ආදරය කලේ නැති වූවත් ඇය මට ආදරය දැක්වීමට උත්සුක වන බවක් මට දැනෙන්නට විය. ඇය මා සමඟ ප්‍රේමයක් ඇතිකරගෙන සමාජයේ වටේ යන කැටයමක් වීමට දැක්වූ අකමැත්ත නිසාමත්ඒ ආකල්පයම මා ඇය කෙරේ දැක්වීමට පටන්ගනීවි යැයි ඇය සිතු නිසාත්ඇය සත්‍ය වශයෙන්ම ඔහුට ආදරය කරන බව මා ඉන් නිගමනය කරන බව දන්නා ඇයමම ඇය ගැන ආදරයක් ඇති කර නොගනීවි යැයි ඇය සිතන නිසාත් ඇය එලෙස හැසිරෙන බව මා හට දැනෙන්නට වූවත් මොහොතකට ඇගේ අවංක මුහුණ දෙස බැලූ මටමම සිතූ ප්‍රථම හා දෙවන හේතුව පමණක් ඒ බැල්මට හේතු වූ බව මම නිශ්චය කරගතිමි. එහෙත් දැන් දැන් ඇය මාඇය කෙරෙහි එලෙස ආදරයක් ඇති කරගන්නවාට කැමැත්තක් පෙන්වන බවක් මේ මොහොතේදී මට දැනෙන්නට විය. එය හුදෙක්ම ලාමක ආදරය ලෙස මගේ ප්‍රතිවාදී අදහස් නූල් බෝලය විසින් බාරගැනීමට නොකැමැති විය.

හදිසියේම මා ඇමතූ ඇය තදින් මට තුරුළු වූයේ මොහොතකට මා නොසන්සුන් කරමින් වූවද සම්මත ස්ත්‍රී ස්වභාවයේ කැටයම්සිතුවම්කුරුටු ගී මෙන්ම මුද්‍රාවන්ද සුළුවෙන් හෝ දැනගෙන සිටි මම ඇයට ඉඩදී සිටියෙමි. "මම මොකක්ද කරන්න ඕනෙ කියල කියන්න..". ඇය සංවේදීව විමසූ ප්‍රශ්නයට එක්වරම පිළිතුරක් සිතා ගැනීමට මා අපොහොසත් වූයේ ඇයත් මාත් අතර හදිසියේම ඇතිවූ තහනම් ආදරය විසින් ඇය මගෙනුත්මා ඇගෙනුත් කායික පහස ඉල්ලා සිටීමට බල කිරීම නිසාය. ආසන්නයේ කිසිවෙකු නැති බව දැණුනු නිසාත්මේ බිමේදී කෙල්ලෙක් කොල්ලෙක්ට තුරුල් වීම සාමාන්‍ය සිදුවීමක් නිසාත් මා තරමක් සන්සුන් වූවදඇය එසේ කිරීම සියල්ල නුපුරුදු වූ මා හට අතිශය ආගන්තුක විය. සියල්ල එකින් එක සිතමින් සිටින අතරතුරදීය ඇය විමසූ පැනය මට සිහිපත් වූයේ. "ඔයා හිතන ඕනෙම දෙයක් කරන්ඩ කියල මට කියන්ඩ බෑඔයා අදරේ එයාට නම් මට තුරුල් වුණ එක වැරදී තමාඒත් කමක් නෑ ඔයා එයාගෙ ආදරේ නැතිකරගන්ඩ එපාමමනෙ කියන්නෙ". මොහොතක් මා දෙස ආදර බර බැල්මකින් හිස ඔසවා බලා සිටි ඇගේ කොපුල් රූරමින් කඳුළු හැලෙන්නට වූ බවක් මා දුටිමි. "කොහොමද ඔය තරම් හිත හයිය කරගත්තෙ", "හිතලම තමා". ඇය කඳුළු අතරින් සිනාසෙන්නට විය. ලෝකයාට නොදැමුණු අසම්මත ආදරයක් ලෙස ජ්වලනයට පත්වෙමින් තිබූ කෙටි කාලීන ආදරබර හැඟීම් ඇගේ කඳුළුත් සමඟ දියවන්නට විය. මනසින් නිසොල්මන් වූ මම ඔහු කෙරේ ඇයට ඇති සත්‍ය ආදරය ගැන සිතන්නට වීමි. ඔහුගේ ආදරයට පිටුපෑමේ නොකැමැත්තෙන් සිත පුරවාගත් ඇයප්‍රථම හැඟීමෙන් මා කෙරෙහි ඇතිකරගත් සෙනෙහසටද මනසින් ඇලී සිටින්නීය. ආදරයඋමතු ආදරය ස්ත්‍රී සන්තානයේම එක් කුඩා පරිච්ඡේදයක් පමණක්ම බව ප්‍රථම වතාවට වටහා ගත් මම ඇයව විශ්ව ධාතුව හා සැසඳීමට තැත් කලෙමි. ඇගේ උත්තමපුරුෂ සිතුවිලි රටාව ගැන මා සිතන්නට වූයේ ස්වකීය ප්‍රේමවන්තයා කෙරෙහි සිය ස්වයංසිද්ධ ආදරය සනාථ කරලීමේ අපේක්ෂාවෙන්ම ඇය පෙර කලකදී ප්‍රථම හැඟීමෙන් හටගත් ආදරයට වැටකඬුළු දමා සිටීමට ගන්නා වෑයම දුටු විටය. ඇගේ එම වෑයම දැකගත් මා නිකරුණේ ඇයට ආදරය කිරීමට සිතීම ගැන ලැජ්ජාවට පත්වන බව ඇය දන්නේ නම් ඇය තවත් මා හා ආදරයෙන් බැඳෙනු ඇත. එමෙන්ම එම සිතුවිල්ලම ඇය මා සම්බන්ධයෙන් ඇතිකර ගන්නේ නම්ඒ ඇයගේ ආදරය වෙනුවෙන් මා ඇයට ආදරය ප්‍රකාශ කිරීමෙන් වලකී සිටීමේ අසාර්ථක උත්සාහයකින් බව ඇය දැනගතහොත් ඇගේ ඒ ආදරයට බැඳීමටද මට සිතේවි. ආදරය කොන්දේසි විරහිත සිතුවිල්ලක් වීම ගැන ප්‍රථම වතාවට ද්වේශයක්(ඇත්තෙන්ම එයද ආදරබර සිතුවිල්ලක්) හටගත්තේ එය මෙතුවක් කල් මා සිටි දරදඬු ස්ථාවරය කණපිට පෙරළු නිසාවෙනි. ඇයත් මමත් බොහෝ වේලාවක් මෙසේ එකිනෙකා ගැන සිතමින් සිත්සේ ආදරය විඳීමට ඉඩහැරීම ඇයත් මමත් අතර වූ ප්‍රථම හැඟීමේ ආදර ගණුදෙනුව යන්තමින් හෝ පියවීමක් ලෙස එතැන් පටන් මම සිතන්නට වීමි.




- සරසවියෙන් පුරවර ප්‍රවාද -

ඇඳගත්ත මිනිස්සු නා ගැනීම හා ඇඳගැනීම - Dressing versus cult and tradition


උත්තරීතර නවක වදයේ දේශපාලන පසුබිම - Both are being ragged and do the same


සමාජ ජාලා තුල සිදුවන සමූහ දූෂණය - Deconstruction of Boxes


අපේ ragging ගැන අපේම anti - ragging කතා


FIFA - 2018 අන්‍යෝන්‍ය ගණුදෙනුවේ තාක්ෂණික කුපාඩිකම....


නූතන ආදරය, සමාජ ජාලා (Facebook, Instagram, imo, Viber, WhatsApp .....) සමඟ මුසුවී ඊනියා ෆැන්ටසි බිහිවීම


"කූඹියෝ - Koombiyo" හා "සහෝදරයා - Sahodaraya" ප්‍රකට සමාජ භාවිතාව


සීමා විරහිත ආදරය ගැන Undisclosed Author කරපු සමාජ විශ්ලේෂණය


Wednesday, June 13, 2018

මුලතිව්වෙන්, පෙයර් මන්දීර්! (I'm Mandheer from Mullaitivu, Sri Lanka) - A Short Story




Daily Mail


අහස සහ පේඩි ගෙවල් සමූහය කෙලවර වෙන ග්‍රීෂ්මීය ක්ෂිතිජය යා කලේ මාන්දරයාගේ දෑස් බැල්මේ දිළිඳු බවයි. "උඹ අද ඉස්කෝලෙ යන්ඩ කල්පනාවක් නැද්ද!", ෆයිසල් අප්පාගේ ගොරහැඬි කටහඬ ඇහෙද්දිම මගේ කල්පනාවට ආවේ "ආශාවරී" ය. සංගීත පාඩමේ දී ආශාවරී රාගය ගැන කියද්දී ඇය මා හා කෝලකමින් හිනා වූ හැටි තවමත් හොඳට මතක ය. එක් ශ්‍රේණියක් මට වඩා පහලින් සිටියා වූවද සියළු දෙනාටම සංගීත අභ්‍යාස කරවන්නේ එකට බැවින් පාසල් වේලාවෙන් පසු සවස ඇය හා සමීප වීමේ සුන්දර වූ තහනම් අවසරයක් සංගීත ගුරුවරිය විසින් ලබා දී තිබිණි. දැකීමේ නැවුම් ආශාවක් ඇතිකිරීමට ආශාවරීට පුළුවන. රාධා අම්මා මගේ අම්මා ය. කුඩා කල සිට මව හා පියා ඇමතීමට මා හුරු වී සිටියේ නම් වලිනි. එහෙත් කිසිදා ඔවුන්ගෙන් ඒ ගැන විමසා නැත. "ද්‍රවිඩ - කොල්ලො ඉක්මනට ගිහින් ලෑස්ති වෙයන්, සිංහල - අදත් නොගිහින් ඉන්ඩ ද උඹ හදන්නෙ" එවර රාධා අම්මා ය. "ද්‍රවිඩ - රාධා අම්මා, ඉන්ඩ පොඩ්ඩක්, තාම හයයි නෙ, සිංහල - උඹ අද හරිම ලස්සනයිනෙ රාධා අම්මෙ!", මඳ වේලාවක් ඇය දෙස බලා සිට මම කීවෙමි. "ද්‍රවිඩ - අනේ නිකන් පලයන් කොල්ලො, මාව චාටුවට අල්ලගෙන අදත් උඹ ගෙදර ඉන්ඩ ද හදන්නෙ", ඒ රාධා අම්මාගේ මුහුණේ සුපුරුදු ආදරබර සිනහවයි. රාධා අම්මාගේ මව් පියන් අලිමංකඩ සටනේදී මියගියේ එල්ටීටීඊ වෙඩි පහරින් බව ඇය කියයි. ෆයිසල් අප්පාට ඇය හමුවූයේ එකල මුලතිව් යුධ සරණාගත කඳවුරේදී ය. ෆයිසල් අප්පා දන්නා මාමා කෙනෙකු මාර්ගයෙන් අගනුවර පදිංචියට ඉඩ සැලසුණු බවත් ඇය මට පවසා ඇත.ඒ වසර විසි පහකට පෙර ය.එහෙත් බොහෝ කලක් ඔවුනට දරුවන් නොසිටි බව මට දැනුණේ මගේ වයස ගැන කල්පනා කල විටදී ය.

වෙලාව ඔන්න මෙන්න තියෙද්දී පාසලට පිටත් වූ මම, කුණු ඇල හරහා වූ කළු වැදුණු දිරා ගිය යකඩ පාලමෙන් එගොඩ වී දිව ගියෙමි. එය ද කර්කෂ වූ මගේ ජීවිතය මෙන් දුවන විට බොල් වූ බැරෑරුම් හඬක් නගයි. අහම්බෙන් මෙන් විවේකයේදී ආශාවරී දුටුවෙමි. "අදනම් උඹ ඕකිගෙන් අහන්ඩම ඕනෙ, නැත්නම් මං ඕකිගෙන් අහන එක අහනවම තමා පුතේ", අරවින්දයගේ හඬ ඇසූ මම, "එල්ලනව උඹව මං" කීවෙමි. කවීෂ හා එකතු වූ අරවින්ද "අනේ නිකන් පලයන් බන්, කෙල්ලව හරියට එල්ල ගන්න බැරි එකා අපිව එල්ලයි ද". නැවතත් ආශාවරීගේ කොඩුකාර බැල්ම මා වෙත ය. "අහපන් යකෝ, ගිහින් කතා කරපන් මොනවා හරි, පිරිමියෙක් වෙයන්, මිනිහෙක් වෙයන් පලයන්", එවර ඔවුන් දෙදෙනා නොව මම ම මට හිතින් කිවෙමි. "පලයන් පලයන්, ඔන්න ඒකි හිනා වුණා, දැන් ලයින් වෙලා ඉන්නෙ පුතේ, හ්ම්ම්ම්ම්ම්.." ඒත් මම මය. "ඒ මොකක්ද බන්, මන්දා!, ස්ස්, ඕයි, පලයන් යකෝ", එවර කවීෂයා ය. මව ද්‍රවිඩ වූවත් පියා මුස්ලිම් වූවත් මං කතා කලේ සිංහල ය. ඉගෙනගත්තේ සිංහල සාහිත්‍යය ය. ඉන්නේ සිංහල කොල්ලන් එක්ක ය. ඇය ළඟටම ගොස් "මේ, ආශාවරී.. මේ අද හවස එනව ද?", "හ්ම්ම්ම්, කොහාට ද?", ඇය ආයාචනාත්මක බැල්මකින් මා දෙස බලාගෙන විමසයි. මා ද්‍රවිඩ භාෂාව දන්නා බව ඇය නොදනී. "කොහාට නෙවෙයි, ඔයාට කිව්වෙ", "ආහ්, මේ ඒ කිව්වෙ, මේ", ආශාවරීගේ හිත චුම්බනය වන කාන්තිමත් වූ ප්‍රශ්නාර්ථ බැල්මක් මා දෙසට එල්ල වුණි. "ආහ්, මේ, කොහා කිව්වෙ කුරුල්ලා ගැන ද ඔ ඔයා..", ඇයට කට කොණකින් අත වැසූ බකල් හිනාවක් ගියාය. මම දෙතොල් තද කලා වූ සිනාවකින් හිස සැලීමි. ඒත් සමඟම කවීෂ හා අරවින්දයා දෙස බලා ඇස් වලින් කිණ්ඩියට හිනා වීමි. "හවස පන්ති එනවද කියලා ඇහුවෙ", "ඔව්ව්, එන්න තමා ඉන්නෙ, යේ ඔයා අයියෙ එන්නද ඉන්නෙ", ඒ ආශාවරීගේ භාෂාවයි. ජෝතිමත් දෙනෙත මා මත් නොකරන්නට, මම ඇගේ සිංහල ගුරුවරයා වීමට ඉඩ තිබිණි.

සවස ඇය දකින විට උදෑසන දුටු නෙත්කලු දෑස් බැල්ම මට එලෙසම සිහිපත් කරවීමේ මායාකාරී ලාලිත්‍යය ඇය සතු විය. "මං ආදරෙයි කෙල්ලෙ!", මම හිතින් කියා ගත්තෙමි. මෙතරම් ද්‍රවිඩ කොල්ලන් සිටින රටේ ජන්මයෙන්ම සිංහල වතුර මෙන් කතා කරන මුස්ලිම්-ද්‍රවිඩ පවුලක එකෙක් වූ මා හා හිතවත්වීමේ චුම්බක යාන්ත්‍රණය ඇයට පිහිටියේ දෛවෝපගතව යැයි මම මටම ඇඟෙව්වෙමි. "ආ..., උදේ දැක්කා වගේමයි තාමත්", "හ්ම්ම්ම්.. මට තේරුණේ නෑනෙ?", විස්මයාදී බැල්මකින් ඇය විමසන්නට විය. "නෑ, නෑ, මම කිව්වෙ මහන්සි පාටයි ඔයාට", ඇයට මා කියන එක භාෂාව නිසා නොතේරෙන්නේද, එසේත් නැතිනම් සම්මත කෙල්ලන් සියල්ලටම කොල්ලන් හා හාද වීමට ආසන්නයේදී වැලඳෙන නොතේරීමේ රෝගයදැයි  මට හරි හැටි තේරුම් ගැනීමට නොහැකි විය. වරක් අරවින්දයා මට කීවේ "කෙල්ලො මචං සෙට් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි උඹ කියන කිසිම දෙයක් හරියට තේරුම් නොයන තත්ත්වෙකට එනවා, බබා පාර්ට් දාන්ඩ උත්සාහ කරනවා උඹ ඉස්සරහ, උඹව දැක්කම හීන් හිනාවක් යනවා, මනුස්සකමට යන හිනාවක් නම් නෙවේ පුතේ ඒක, හරිද", අරවින්දයා දෙස මම විමතියෙන් යුතුව ගොන් මීමා ලෙස බලා සිටි ආකාරය සිහිපත් වූ මට ආශාවරී දෙස බලා සිටිද්දීම හිනාවක් ගියේය. "ඇයි..... ඉනාවෙන්නෙ?", "ඉනාවෙන්නෙ?",මම නොදන්නා බයිලෙකින් ඇයට කීවෙමි. "අයියෝ.. ඔයා හිනා වුණේ ඇයි කියලා ඇහුවෙ?", කිසිත් කියාගැනීමට නොහැකිව මම සිනහවකින් මුනිවත රැකිමි, "නිකම් හිනා ගියා". "ආ.. එහෙමත් හිනාවෙනවා ඔයා??", ඇයගේ හිනාවට මත් වූ මම ඉවත බලා ගතිමි. "මොකද යකෝ ඇඹරෙන්නෙ, මොනාහරි කියපන්, දැන් මේ දෙමලෙන් නම් මොකුත් කියන්න එපා පුතෝ කෙල්ල අප්සට් යයි, ගුලි කාල කියන්නත් බෑ, මොකක්ද කියන්නේ..", මම හිතින්ම තර්ක කලෙමි.

මේ.. ආශාවරී, මට දෙයක් කියන්න තියෙනවා ඔයාට.., "මොකක්ද අයියෙ ඒ?", "මට ඔයා දකිද්දි මොනවද දන්නවද මතක් වෙන්නෙ!", "හ්ම්ම්", ඒ ඇගේ විස්මය මුසු මුහුණයි. "මේ හරියට රස කෑමක් දැක්ක වගේ හැඟීමක් දැනෙනවා අප්පා", "මොකක්?", මට හීන් හිනාවක් ගියේ ආශාවරීගේ රැවීම තුල තිබූ සියුම් ආදරය දුටු නිසාවෙනි.

Groundviews



හවස මොන හේතුවක්ද මන්ද ඇය පැමිණියේ නැත. මට ඒ ගැන විමසීමට අවස්ථාවක් ආවේ පන්ති අවසන් වීමෙන් පසුවය. "මේකි ආවෙ නෑනෙ බන්!", "අනේ මන්ද බන් අපි කොහොමද හොයාගන්නෙ මොකද වුණේ කියලා", එවර කවීෂයා ය. "මේ අර බලපන්, ඒකිගෙ යාළුවො නේහ්, ඈහ්, මොකද බන් ඒ?", "ඇයි මොකෝ අවුල, අප්පටසිරි, උන් මොකද ඒ කණාටු වෙල ඉන්නෙ", අරවින්ද හා කවීෂව නිහඬ කල මම, "පොඩ්ඩක් හිටපන්, උන් අපිව දැක්ක". ඇගේ මිතුරියක් අපි අසලටම පැමිණ, "පොඩි කරදරයක් වෙල යෙයාට, එයා නුවරනෙ, ගෙවල් පැත්තෙ පොඩි කලබලයක්", "ආහ්, මේ කෝ දැන් එයා?", "එයා කලින් ගෙදර ගියා". ඒ සමඟම අරවින්ද දෙස බැලූ මම, ඔහුගේ මුහුණේ විස්මය සාධාරණීකරණය කරමින් හිස සැලීමි. "ඔයා දන්නවද එයා ඉන්න තැන", "හ්ම්ම්.. ඔව්, අපි දැන් යන්න හදන්නෙ, එහෙ කර්ෆිව් දාලා කියල දන්නවද ඔයාලා". මම නැවතත් කවීෂයා දෙස බලා පිලිතුරක් හිතා ගතිමි. උදේ කවීෂයා කිව්වෙ කොල්ලෙක්ට ගහල ඇඩ්මිට කරලා දවස් ගාණක් අයිසීයූ ඉඳලා මැරුණු සිද්ධියෙන් ඒ පැත්තෙ කොල්ලො කලබල වෙලා කියලා. ඒත් මොකක්ද මේකට ඒකෙ තියෙන සම්බන්දෙ. "පොඩ්ඩක් වරෙන්කො, බොට පොඩි දෙයක් කියන්න තියෙනවා", එවර අරවින්දයා මාව ඇදගෙන පසෙකට ගියේය. "මේ බලපන්, උඹ කලබල වෙයි කියලා හිතලා අපි මොකුත් නොකිව්වෙ, ගෙදර අම්ම තාත්තට මොකුත් මේ ගැන කියන්ඩ එපා උඹ, හරිද", "මැරිච්ච් කොල්ලට ගහලා තියෙන්නෙ මුස්ලිම් කොල්ලො සෙට් එකක්ලු බන්", "ඉතින් මොකක්ද බන් අවුල?", "අහපන්කො, ඒකට ඒ පැත්තෙ සිංහල කොල්ලො කලබල වෙලා, මුස්ලිම් කඩ, ගෙවල් ගිනි තියනවලු, ඒත් අපි දෙන්නම දන්නෙ නෑ මේක ඒ කෙල්ලටත් අවුලක් වෙලා කියලා, ඒකි දෙමල නෙ බන්, ඒත් ඒකිගෙ තාත්ත මුස්ලිම් ලු", "ඈහ්.. උඹ කොහොමද දන්නෙ", "මේ කෙල්ලමයි කිව්වෙ". මොහොතකට කල්පනාවේ නිමග්න වීමට පසෙක වූ ගල් බැම්මෙන් වාඩි වූ මම, "මගේ අම්මයි තාත්තයිත් එහෙමනෙ", හිතින් මටම කියාගතිමි. ඇගේ මිතුරිය නැවතත් අපි අසලට පැමිණ, "එයාගෙ තාත්තගෙ කඩේ ඔක්කොම ගිනි තියලලු, ගෙදර කියලා එහා පැත්තෙ පුංචි කාමරේක ඉඳලා තියෙන්නෙ, දැන් ඉන්න තැනක්වත් නෑ, පව් එයා හොඳටම අඬනවා", "එයා මෙහෙ කොහෙද ඉන්නෙ?", එවර කවීෂයා ය. "බොරැල්ලෙ, එයාගෙ බෝඩිමේ හිටපු මුස්ලිම් ගර්ල් කෙනෙක්ගෙ අයියා කෙනෙක් කඩයක් ඇතුලෙම අළු වෙලාලු", "මේ, මොනවද බන් මේ ඇහෙන්නෙ". මගේ අඬන්නට මෙන් බෙරි වූ මුහුණ දෙස බලා අරවින්දයා, "මේ මේ මං කිව්වනෙ බන් උඹට, රිලැක්ස් වෙයන්කො ඉස්සෙල්ලා"

"යමන්කො", "කොහෙද?", "මට ඒකිව බලන්න ඕනෙ", "හරි යමන්කො එහෙනම්", "දැන් එයාගෙ ගෙදර අය කොහෙද ඉන්නෙ?", මම ඇසීමි. "තාම හරියට දන්නෙ නෑ අපිත්, කොහෙද අශාවරී මොකක් කියන්නවත් ඔළුව උස්සනවැයි, එක දිගටම අඬනවා, කෝල් කරලා කියලා තියෙන්නෙත් එයාගෙ මාමා කෙනෙක්, වැඩි විස්තරයක් කියල නම් නෑ", එවර අගේ මිතුරිය පිළිවදන් දුනි.

බෝඩිමට යන විටත් ඇය සිටියේ ඇඬූ කඳුලිනි. ඇගේ මිතුරිය දෙස පමණක් හිස ඔසවා බැලූ ඇය "ද්‍රවිඩ - අපේ අම්මලා කතා කලාද?, තාත්තාට කොහොමද", "ද්‍රවිඩ - බය වෙන්න එපා කෙල්ලෙ, ඒගොල්ල හොඳින් ඉන්නවා කියලා කිව්වනෙ", "ද්‍රවිඩ - අනේ අනූ මට එහෙ යන්න ඕනෙ, මට අම්මයි තාත්තයි බලන්න ඕනෙ, යමුකො", "ද්‍රවිඩ - පිස්සු නැතුව ඉන්න ළමයො, කර්ෆිව් දාලා තියෙද්දි ඔයා ගිහින් ඔයාටත් කරදරයක් වෙයි", "ද්‍රවිඩ - අනේ අනූ!". ආශාවරීගේ ආයාචනාත්මක බැල්ම දෙස බලා සිටි මට සියොලඟම පුපුරන්නට එනවා මෙන් හැඟීමක් දැනෙන්නට විය. මම සම්පූර්ණයෙන් හිරිවැටී සිටියේ ඇයටත් වඩා ඇගේ පවුලට සිදුවූ විනාසය දරාගැනීමට හෝ විශ්වාස කිරීමට නොහැකි වූ මානසිකත්වය හේතුවෙනි. අරවින්දයා දෙස මඳකට හැරුණු මම, "දැන් මොකද බන් කරන්නෙ", "උඹ මේ, උඹ දැන් කලබල වෙලා ඉන්නෙ, හොඳම දේ දැන් අපි යමු, කෙල්ලට කොහොමත් කරදරයක් නෑනෙ, ඒකිගෙ අම්ම තාත්තත් හොඳින් ඇතිනෙ, යමන්කො", "එහෙම කොහොමද බන්!", "මේ අහපන්, දැන් අපි මෙතනෙ ඉන්න එක එච්චර හොඳ නැහැ, කෙල්ලො විතරනෙ බන් බෝඩිමේ ඉන්නෙ, අපි තවත් මෙතනෙ හිටියොත් වෙන ප්‍රශ්නයක් ඇති වෙයි". මම දෙගිඩියාව පසෙක ලා යන්නට පිටත් වීමි. එහෙත් ආශාවරී මෙවැනි මොහොතක තනි කිරීමට සිදුවීම සියුම් හිත් පීඩා ඇති කරන්නට විය.

රාත්‍රියේ කවීෂයාගේ බෝඩිමේ නැවතීමට සිදු වූයේ ෆයිසල් අප්පාට හෝ රාධා අම්මාට මා සිටි ව්‍යාකූල මනසින් යුතුව මුහුණ දීමට හැකියාවක් මට ඒ මොහොතේ නොතිබූ නිසාය. පසු දින උදෑසන නැවත ඇය බලන්නට යන්නට සිත් වූවත් කවීෂයාගෙන් ඊට ඉඩක් ලැබුණේ නැත. එබැවින් ඔහුත් මමත් අපේ ගෙදරට ආපසු එන විට සිටියේ රාධා අම්මා පමණි. ඇය සිටියේ හඬමින් වූ බැවින් කවීෂයත් මමත් එකවර විස්මයට පත්වී බලා සිටියෙමු.

"ද්‍රවිඩ - අනේ බලපන් පුතේ වෙල තියෙන අපරාදෙ, නුවර පලාතෙ කලබලේකින් අප්පගෙ මාමගෙ පුතාගෙ ගේ ඔක්කොම පිච්චිලා ගිහින්ලු, දෙයියනේ, දෙවියොම බලාගන්න ඕනෙ ඒ මල්ලිව", "ද්‍රවිඩ - රාධා අම්මෙ, මො.. මොනවද මේ කියන්නෙ, මොන මාමද, ඇයි මේ..", "ද්‍රවිඩ - අප්පට මෙහෙ ඉන්න ගේ හදල දුන්න මාමගෙ පුතා, අනේ පවු දෙයියනේ", "ඇයි දැන් මොකද මේ.. මේ වෙලා තියෙන්නෙ මොකක්ද කියල කියල ඉන්ඩකො රාධා අම්මෙ", "ද්‍රවිඩ - අප්පා මෙහෙට එද්දි ඔය මාමා තමා උදව් කරේ ගොඩක්, එයාගෙ පුතා ජීවත් වුණේ නුවර පලාතෙ, දැන් ගොඩක් කල් එහෙ පදිංචි වෙලා, අනේ බලන්ඩ, දෙයියන් වහන්සේම බලාගන්න ඕනෙ මේ අපරාදෙ, දූ පොඩිත්තකුත් ඉන්නවා ඒ මල්ලිට, දැන් කොහොමද ඒ කෙල්ල ඉගෙනගන්නෙ, අඩෙ අප්පා..", රාධා අම්මා සියල්ල හඬමින්ම විස්තර කලාය. "ඒ මන්දා, ඒ පාර මොකද බන් වෙලා තියෙන්නෙ", කිසිත් නොතේරුණු කවීෂයා හඬ අවදි කලේය. "මොකුත් තේරෙන්නෙ නෑ බන්", මම සුසුමක් ලමින් ඉවත බලාගෙන කීවෙමි. "ඒ කිව්වෙ", කවීෂයා ය. ඔහු කිවූ දෙය නොඇසුනා මෙන් "ද්‍රවිඩ - රාධා අම්මේ, දැන්.. දැන් ෆයිසල් අප්පා කෝ?", "අප්පා උදේම නුවර යන්ඩ පිටත් වුණා, පාන්දරම ගියේ", "ද්‍රවිඩ - අයියෝ රාධා අම්මේ, ඇයි එයාට යන්න දුන්නෙ, බලන්ඩකො දැන්.. දැන්.. එහෙ ඇඳිරි නීතිය දාලා කාටවත් යන්න දෙන්නෙ නෑ", "ද්‍රවිඩ - අයියෝ අප්පා.. මයෙ ෆයිසල්.. අයි අයියෝ..", "ද්‍රවිඩ - රාධා අම්මෙ, මේ අනේ කලබල නොවී ඉන්නකො, එයාට කරදරයක් වෙන එකක් නෑ", "ද්‍රවිඩ - ඒත් අප්පා, අනේ අප්පේ..", රාධා අම්මා නැවතත් ඉකි ගසමින් හඬන්නට විය.

"ද්‍රවිඩ - රාධා අම්මා ඉතින් දැන් නාඬා ඉන්නකො", ඇය සනසන අතරතුර කවීෂයා ඇමතූ මම, "මේ බලහන්කො බන්, මාර අවුලක් ඒ පාර, අප්පගෙ මාමගෙ පුතාගෙ ගේත් කලබල හින්ද ඔක්කොම ගිනිතියලලු, අප්පා උදේම නුවර ගිහින්". වික්ෂිප්තව මා දෙස බලා සිටි කවීෂයා, "මොකක්, මේ මොකක්ද බන් මේ ඒ පාර වෙලා තියෙන්නෙ, අප්පට නුවර යන්ඩ දුන්නෙ ඇයි ඉතින් රාධා අම්මා", "රාධා අම්මා මොකුත් දන්නෙ නෑ බන්, මේ කලබලේ ගැන, අප්ප දැනගන්ඩ විදිහකුත් නෑනෙ, මොකුත්ම විස්තරයක් ප්‍රවෘත්ති වලින් කියන්නෙත් නෑනෙ, අප්පා දන්නෙ මල්ලිට කරදරයක් වෙල කියල විතරයි, ඒ ඇසිල්ලෙම නුවර යන්ඩ ඇති", "මේ දැන් මෙතන ඉඳලා හරි යන්නෙ නෑ, පුළුවන් ඉක්මනට ගිහින් කෙල්ල ගැනත් විස්තරයක් දැනගෙන අප්පව හොයාගමු, ගොඩක් වෙලාවට පොලිසියෙන් හරවලා එවයි ආපහු", බොහෝ සෙයින් කලබලව සිටි මා සැනසීමේ අටියෙන් කවීෂයා කියූ දෙයට එකඟ වූයේ කිසිවක් කල්පනා කිරීමේ මානසිකත්වයක් ඒ මොහොතේදී මට නොතිබූ නිසාවෙනි. "ද්‍රවිඩ - රාධා අම්මා ඉන්න, මන් ගිහින් විස්තර හොයල බලල එන්නම්", "ද්‍රවිඩ - අනේ පුතේ උඹලා පරිස්සමින්", ඇය කියූ දෙය නොතේරුණත් තේරුණා මෙන් හිස සැලීමට කවීෂයා මම වෙනුවෙන් ඉදිරිපත් විය. "ද්‍රවිඩ - මේ රාධා අම්මෙ, මට ෆයිසල් අප්පා ගිය තැන ලිපිනය දෙන්ඩකො", "ද්‍රවිඩ - උබට මොකටද ඒක?" සැකමුසු මුහුනින් ඇය විමසන්නට විය. පසෙකින් සිටි කවීෂයා, "මොකක්ද උඹ ඔය ඉල්ලන්නෙ?", "අප්පගෙ ඇඩ්‍රස් එක බන්". එවිටම කවීෂයා, "අනේ රාධා අම්මා මේකයි, ෆයිසල් අප්පව හොයාගන්න පොලිසියට කියන්න වුණොත් අපිට ගිය තැන ගැන විස්තරයක් එපැයි, ඒකයි". "හ්ම්ම්.. ඉන්ඩකො එහෙනම්", යැයි කියූ රාධා අම්මා ගෙතුලට ගොස් ලිපිනයක් ලියාගෙන ආපසු ආවාය.

ආශාවරීගේ බෝඩිමට යන විට අනූත් හඬමින් ඉන්නා ආකරය දුටු මටත් කවීෂයාටත් එය තවත් විස්මය දනවන්නක් විය. "අනූ.. ඒ පාර මොකද?", "බලන්නකො මේ කෙල්ලගෙ තියෙන මුරණ්ඩු කම, අයියෝ!", කලබල වී සිටි මාව පසෙකට කල කවීෂයා, "ඇයි ඒ පාර මොකද වෙල තියෙන්නෙ?". අඬමින් උන් අනූ දීර්ඝ විස්තරයක් කරන්නට විය, "ආශාවරී ඊයෙ රෑ ගිහිල්ල, මන් හිතන්නෙ නුවර, ඊයෙ රෑම කෙල්ල මාත් එක්ක වෙච්ච සිද්ධිය කිය කිය ඇඬුවා, ඒත් අනේ මන් හිතුවෙ නෑ මේ මෝඩි මෙහෙම ගමනක් යයි කියලා, එයාට අම්මයි අප්පයි බලන්නම ඕනෙ කියලා ඇඬුවා නොසෑහෙන්න, මට හිතුනෙම නෑනෙ". මමත් කවීෂයාත් එකවරම, "කෝල් එකක් දීලා බලන්න කොහෙද ඉන්නෙ කියලා!" යැයි ඇසූවෙමු. "එයා උදේම ගිහින් තියෙන්නෙ, නුවර යන ගමන් කියල තමා කිව්වෙ", "බලහන්කො ඉතින්, කවීෂයා මේ කෙල්ල මොකක්ද බන් ඒ පාර මේ නටන පිස්සුව", කල්පනාවේ ගිලී සිටි කවීෂයා දෙසට හැරී මම කීවෙමි.

"දැන් බන් මට හිතෙන විදිහට කරන්ඩ තියෙන්නෙ එක දෙයයි, දැන් කෙල්ලත් නුවර ගිහින් මොන මඟුලක් කරගනීද දන්නෙ නෑ, අනිත් එක බන්...", යැයි කියා කවීෂයා නතරවී කල්පනා කරන්නට විය. "ඇයි උඹ නැවැත්තුවෙ..", විමසුම් දෑස ඉවත ලා සිටි කවීෂයා එක්වරම, "ඒ ඒ ඒ.. පොඩ්ඩක් හිටපන් පොඩ්ඩක් හිටපන්", යමක් ප්‍රත්‍යක්ෂ වූ ආකාරයෙන් ඔහු කියවන්නට විය. "මොකද බන්, උඹ මොකක්ද කියන්ඩ හදන්නෙ", "ෆයිසල් අප්පාගෙ මාමගෙ පුතාගෙ කඩයක් ගිනි තිබ්බ එකයි, මේ කෙල්ලගෙ කතන්දරෙයි එකම කේස් එක වෙන්ඩ පුළුවන්නෙ බන්", "මොනවද බන් උඹ මේ කියවන්නෙ", "මොනවද නෙවේ බන්, එහෙම වෙන්ඩ පුළුවන්නෙ", මා දෙස විමතියෙන් මෙන් බලා සිටිමින් කවීෂයා කීවේය. "මේ උඹ ගාව අර ඇඩ්‍රස් එක තියෙනව නේද?, පොඩ්ඩක් ඒක දියන්කො", මගේ සාක්කුවට අත දමමින් කවීෂයා ඇඩ්‍රස් එක ලියූ තුණ්ඩුව අතට ගත්තේය. සියල්ල දෙස කිසිත් තේරුම් ගැනීමට නොහැකිව බලා සිටි අනූ, "මොකක් ගැනද යනේ යෝගොල්ලො මේ කියන්නෙ, මට නම් මොකුත් තේරෙන්නෙ නෑ", "නෑ.. නෑ.. අනූ ඔයා කලබල වෙන්ඩ එපා, ඔයාට මේක මේ වෙලාවෙ තේරුම් කරන්ඩ මට අමාරුයි, පුළුවන්නම් මට ආශාවරීගේ ගෙදර ඇඩ්‍රස් එක දෙන්න", "ආ.. මේ පොඩ්ඩක් ඉන්නකො එහෙනම්" යැයි කියූ අනූ පොතක අස්සේ තිබූ තෛපොංගල් සුබපැතුම් පතක් දිගු කලාය. "මේ මොකක්ද මේ?", "ඕක මම එයාට දුන්න එකක්, පෝස්ට් කරන්න හිටියට අතටම දෙන්න පුළුවන් වුණා", අනූ දෙස කෘතඥතා පූර්වකව බැලූ කවීෂයා මා දෙස බලා මට ඇස් වලින් යමු යැයි ඉඟියක් කලේය.

ආශාවරීගේ බෝඩිමෙන් ආපු අපි මඳක් ඇවිද ගියෙමු. "මේ දැන් මොකක්ද උඹ කරන්ඩ හදන්නෙ", "මේ බලපන්, ඇඩ්‍රස් දෙකම එකයිද කියල බලමු, මට මේක කියවන්ඩ තේරෙන්නෙ නෑ", කවීෂයා පිළිවදන් දුන්නේය. "කෝ දියන් බලන්ඩ", යැයි ඇඩ්‍රස් දෙක අරගෙන බැලූ මට කවීෂයා කියූ කතාව ඇත්ත බව පෙනුණි. "මේ.. මේ බලපන්කො බන් එකම ඇඩ්‍රස් එක තමා, ඒ කොහොමද බන් එහෙම වෙන්නෙ", "කොහොමහරි එහෙම වෙලා නෙ දැන්", මඳක් නැවතුණු කවීෂයා කල්පනා කරන්නට විය. "අද ඉස්කෝලෙ යන්ඩ වෙලාවක් දැන් කොහොමත් නෑ, අපි යමුද බන් මේ ඇඩ්‍රස් එක හොයාගෙන", "උඹට පිස්සුද වදේ, කර්ෆිව් දාලා තියෙද්දි එහෙ යන්ඩ", "මේ කෝ බන් දැන් උඹට ඒකි ගැන තිබුණු ලව් එක පෑල දොරින් පැනලා ගිහින්ද, එතකොට අප්පා, අප්පට මොකද වුණේ කියලා කොහොමද දැනගන්නෙ, එකම ඇඩ්‍රස් එකම නම් අවුලක් වෙන් නෑ කොහොමත්, අරවින්දයාට කෝල් එකක් ගමු, ඌවත් එක්ක ගියාම උඹ මුස්ලිම් කියලා අවුලක් වෙන එකක් නෑ", "ඒ මට බයයි බන්, පොඩ්ඩක් කල්පනා කරපන්කො", "උඹ හිටපන්කො, අවුලක් වුණොත් මායි, අරවින්දයයි බලාගන්නම්", අරවින්දයට ඇමතුමක් ගෙන කොටුවේදී ඔහුත් සමඟ පිටත් වීමු.


hindustantimes.com

නුවරට යන විටත් තත්ත්වය ගැන විවිධ කතන්දර අපේ කන වැකුණු බැවින් කෙතරම් ධෛර්යයක් ගමන ආරම්භයේදී තිබුණද තිදෙනාම සිටියේ හිත ඇතුලේ කකියන බියකිනි. නුවරින් බැසගත් නමුදු කලයුතු කිසිවක් සිතාගත නොහැකි විය. "මේ මට නම් දැන් දැන් අවුල් වගේ බන්", එවර අරවින්දයාය. "මේ පොඩ්ඩක් හිටපන්කො එහෙනම්, ඒ අර බලපන් ත්‍රීවීල් එකක් නම් තියේ, වරෙන්කො", ඔවුන් දෙදෙනාටම වඩා බියවී සිටියේ මමය. "අයියේ මේ ඇඩ්‍රස් එකට යන්ඩ පුළුවන්ද?", අප දෙස මඳ වේලාවක් බලා සිටි ත්‍රීවීල් රියදුරා, "මල්ලිලා කොහෙද?", "අපි මේ ලඟ අයියේ, මාමා කෙනෙක්ගෙ ගෙදර යන්ඩ ඒකයි, මේ පුළුවන්ද අයියේ, මේ වෙලාවෙ හැටියට නම් ලොකු උදව්වක්", "ඇයි මල්ලිලා දන්නෙ නැද්ද මේ ඒරියා එකේ කේස් එක, කාටවත් යන්ඩ දෙන්නෙ නෑ, කර්ෆිව්, කර්ෆිව්", "එහෙම කියන්ඩ එපා අයියෙ, අවුලක් වුණොත් අපි බලාගන්නම්", කවීෂයා කියාගෙන ගියේය. මඳක් වේලා අපි දෙසත්, ඇඩ්‍රස් කොලේ දෙසත් බැලූ ඔහු "කවුද මෙතනෙ ටැමිල් මුස්ලිම් කෙනා", "කවුරුත් නෑ අයියේ, මුස්ලිම් යාලුවෙක් තමා, අපිට ඇඩ්‍රස් එක දුන්නෙ, ඒකයි", එවර අරවින්දයා ය. මා දෙසත් ඔවුන් දෙදෙනා දෙසත් වරින් වර බැලූ ඔහුට සිංහල පෙනුමක් තිබූ මා ගැන සැකයක් ඇතිවූ බවක් නොපෙනුණි. "නගිනවා නගිනවා" යැයි කී ඔහු ත්‍රීවීලය ගෙනයන්නට විය. ඇඳිරිනීතිය දමා තිබුණද පොලිස් රැකවල් නොමැති දීර්ඝ අතුරු මගකින් අපි කියූ තැනට යාමට හෙතෙම දක්ෂ විය. "තන්ක්ස් අයියෙ,ලොකු උදව්වක්!", "මල්ලි මේ ගාන ඩබල් ඕනෙ, මං ෆුල් රිස්ක් එකේ එලෙව්වෙ, තේරෙනවනෙ", "ඔව් ඔව් අයියෙ අපිට තේරෙනවා" යැයි කියූ අරවින්දයා තවත් වාද විවාද නොකොට ගාණ ගෙවා දැම්මේය. "මේ, කියන විදිහට අරක තමා, අම්මටසිරි අළු වෙලා බන්", "යමන්කො බලන්ඩ" අරවින්දයාගේත් කවීෂයාගෙත් කතාව අසා මමද ඔවුන් අනුගමනය කලෙමි. එහෙත් ඒ වනවිටත් පොලිස් ආරක්ෂාවක් නොමැති වීම අපේ පුදුමයට හේතු විය. "කර්ෆිව් පැය හයකට අයින් කලා මල්ලි", අපි විමසූ මුස්ලිම් වැසියෙක් කීවේය. "මේ ගෙදර ඉඳපු අය කෝ අයියෙ". "දැන් ඉන්නෙ අර ගෙදර". "මේ යමන් බලන්ඩ", එවර කවීෂයා ය.

ගෙට ගොඩවන විටම මටත් කවීෂයාටත්, අරවින්දයාටත් දෑස් අදහා ගත නොහැකි වූයේ ෆයිසල් අප්පා ආශාවරී තුරුළු කරගෙන හඬනා ආකාරය දුටු විටය. එහි සිටි මහළු තැනැත්තියක් අපෙන්, "ද්‍රවිඩ - මේ ළමයි කවුද, මොකද මේ මේ වගේ වෙලාවක ආවෙ" යැයි අසුවේ හදිසියේම අපේ පැමිණීම ඔවුනට අන්පේක්ෂිත බව අඟවමිනි. ද්‍රවිඩ භාෂාව නොතේරෙන කවීෂයාත්, අරවින්දයාත් මා දෙස බලන්නට විය. ඇයට පිළිවදන් දෙමින් මම, " අපි මේ, මේ, අපි මම මේ ෆයිසල් අප්පගෙ පුතා මේ.." යැයි කියනු ඇසුණු ෆයිසල් අප්පා එක්වරම ඔලුව උස්සා බලන විට ආශාවරීද හිස එසවීය. "ද්‍රවිඩ - පුතා.. කොල්ලො, උඹ කොහෙද මෙහෙ, ඇයි උඹ මේ වෙලාවෙ මෙහෙ ආවෙ, මේ මේ.. නංගි මේ අපේ කොල්ලා", යැයි විමතියෙන් හඬ අවදි කල ඔහු දෙසත් මා දෙසත් වරින් වර හැඬූ කඳුලින් බලා සිටි ආශාවරී සියල්ලන්ටම වඩා පුදුම වී සිටින බව හොඳින්ම පෙනෙන්නට විය. "ඔයා කො.. කොහෙද මෙහෙ.. අම්මා..."යැයි කියමින් ඇය හඬ අවදි කලාය. සිදුවූ කිසිත් මටත් සගයන් දෙදෙනාටත් සිතාගත නොහැකි වූ බැවින් අපිට ඉඳගැනීමට ඇගේ මවගෙන් ලැබුණු ආයාචනය පිළිගෙන පසෙකින් වාඩි වීමු. "ද්‍රවිඩ - කොල්ලො උඹ කොහොමද මෙහෙ හොයාගෙන ආවෙ, මම මේ.. මේ.. කරදරයක් කිව්වට බලන්ඩ ආවෙ, මාම හ්", කිසිත් හරි හැටි තේරුම් ගැනීමට නොහැකිව ෆයිසල් අප්පා කියෝගෙන ගියේය. " ද්‍රවිඩ - අප්පා, මම ඔක්කොම රාධා අම්මගෙන් අහගෙන ලිපිනයත් ඉල්ලගෙන තමා මෙහෙ ආවෙ", "එතකොට උඹ මේ.. මේ.. යාළුවො", "ඔව් මාව ඒ දෙන්න තමා එක්ක ආවෙ මට මගදි කරදරයක් වෙයි කියලා"

"ඉතින් පුතේ උඹ මේ.. මේ.. රාධා අම්මට කිව්වද මෙහෙ එනවා කියලා?", "නෑ අප්පා අපි මොකුත් කිව්වෙ නෑ, කලබල වෙන නිසා" එවර කවීෂයා ය. තුවාල ලබා සිටි ආශාවරීගේ අප්පා බලන්නට අපි රෝහල වෙත පිටත් වීමු. එහෙත් ෆයිසල් අප්පාගේ මුහුණේ අපගේ පැමිණීම ගැන තිබුණේ දෙගිඩියාවකි. ආශාවරීට මාගේ හෝ හෝ මා සහෘදයන්ගේ පැමිණීම තවමත් සිතාගත නොහැකි බවක් පෙනෙන්නට විය. රෝහලට යනවිට තවත් ෆයිසල් අප්පා වැනිම වයසේ පසුවූ සිංහල ජෝඩුවක් ආශාවරීගේ අප්පා බලන්නට පැමිණ සිටි බව දුටු අප්පා තරමක් කලබල වූ බවක් පෙන්වීය. එහෙත් ඔහු ඒ දෙපල දකින අවස්ථාවේම ඔවුන්ද අප්පාව දුටු හෙයින් ඔහුට ආපසු හැරීම දුෂ්කර කාර්යයක් විය. "ෆයිසල්, ෆයිසල්.. කොහෙද යන්න හදන්නෙ?", ප්‍රසන්න මුහුනින් යුතු ඔහු අප්පාගෙන් විමසීය. "ආ මම මේ කාසිම්ට මොනාහරි පලතුරු ටික්ක ගේන්න ලෑස්ති වුණේ", "ආ ඕනෙ නෑ ඕනෙ නෑ ෆයිසල් අපි ගෙනාවා, එන්න එන්න", කලබල වූ මුහුනින් යුතු ෆයිසල් අප්පාගේ හැසිරීම මටත්, කවීෂයාටත්, අරවින්දයාටත් ආගන්තුක විය. මඳවේලාවක් ෆයිසල් අප්පා දෙසත් ආශාවරී දෙසත් මා දෙසත් වරින් වර බැලූ ඔහුත් ඇයත් මා දෙසත්, ආශාවරී දෙසත් ප්‍රසන්න වූ සිනහවක් පෑවෝය. එහෙත් මට කිසිත් තේරුම් ගත නොහැකිව සිටි බැවින් ඔවුන් දෙස තුෂ්නිම්භූතව බලා සිටියෙමි. අනතුරුව හඬ අවදි කල ඔහු, "මේ පුතා නේද ෆයිසල්, පුතා නම් අපිව දන්නෙ නැතුව ඇති නේද?", "ආ.. මේ.. මේ.. ඔව් මහත්තයා, මේ.ගොඩක් කල් නෙ දැන්", "ගොඩක් කල් කිව්වෙ", මම එවර හඬ අවදි කලෙමි. "ඇයි ෆයිසල් පුතාට තාම මේ ගැන මොකුත් කියලා නැද්ද?", එවර ඔහු හඬ අවදි කලේය. මටත් ඒ දෙපලටත් පසෙකට කතා කල ෆයිසල් අප්පා, "අනේ මහත්තයො, මම මොකුත් කියලා නෑ කොල්ලට, ඔබතුමාම කියන්න, මට නම් බෑ", හැඬීමට මෙන් ආයාචනාත්මක වූ ෆයිසල් අප්පා දෙස මඳ වේලාවක් බලා සිටි ඔහු අනතුරුව හඬ අවදි කරමින්, "පුතා දන්නවද, මට ෆයිසල්ව ඉස්සෙල්ලම මුණ ගැනුණේ මුලතිව් කෑම්ප් එකේදි, යුධ සරණාගතයෙක් විදිහට, මම විශ්‍රාමික හමුදා මේජර් කෙනෙක් පුතා, ඒ කාලෙ මම කමාන්ඩර්, පුතා දැන් ටිකක ලොකු හින්ද මේ දේවල් මම කියන්නම්, ඒ කාලෙ මුලතිව් ඔපරේෂන් ඒරියා එකේ එල්ටිටීඊ ඇටෑක් එකකින් සිංහල පවුලක් පිටින්ම මරලා දැම්මා, ඉතුරු වුණේ පුංචි මාස තුනක ළදරුවෙක් විතරයි, අපි කෑම්ප් එකෙන් බේරගත්තෙ ඒ පුංචි දරුවව විතරයි, ෆයිසල්ම පුතාට ඉතුරු ටික කිව්වොත් හොඳයි කියලා මම හිතනවා".

ෆයිසල් අප්පා මා දෙස සමාව අයදින්නාක් මෙන් බැල්මකින් බලා සිටින්නට විය. "මන්දීර් පුතේ, මට සමාවෙයන් මෙච්චර කාලයක් උඹට මේ මොකුත් නොකිව්ව එකට, මේ මහත්තයා තමා උඹව එල්ටීටීඊ එකෙන් බේරගත්තෙ", වික්ෂිප්තව බලා සිටි මා දෙස බලා ඔහු කීවේය. "ඒ.. ඒ.. කිව්වෙ?", "පුතේ, උඹ තමා මේ මහත්තයා කිව්ව දරුවා, ම.. මමයි රාධා අම්මයි බැඳලා ගොඩක් කල් යනකම් දරුවො හිටියෙ නෑ පුතේ, උඹ තමා දෙයියො අපිට දුන්නෙ, ඒ මේ මහත්තයට පින් සිද්ධ වෙන්න, ඒත් අවුරුද්දක් විතර යනකොට අපිට දරුවෙක් ලැබුණා, මේ ඉන්නෙ ඒ පොඩි කෙල්ල ආශාවරී!". පපුව පුපුරා යන්නාක් මෙන් හැඟීමක් මට දැනෙන්නට විය. සහෝදරත්වයද, ප්‍රේමයද, කලකිරීමද, කණගාටුවද දැයි හරි හැටි නොතේරෙන හැඟීම් ගොන්නක සිරවූවා මෙන් කර්කශ හැඟීමක් මට දැනෙන්නට විය. අසලින් සිටි ආශාවරීටත් ඒ හැඟීම එලෙසම දැනෙන්නට ඇතැයි මම විශ්වාස කලෙමි. ඇය ඇගේ පියා ෆයිසල් අප්පා බව දන්නා නමුදු මම ඇගේ නොනිල සහෝදරයා බව දැනගන්නා විට ඇයට කුමක් සිතෙන්නට ඇත්දැයි මම කල්පනා කලෙමි. හදිසියේම මට ඈ ගැන ඇතිවූ ප්‍රේමය ගිනිගමින් සහෝදර බැඳීමක් තෙක් දිගුදුර විහිදෙන්නට විය. අනතුරුව හඬ අවදි කල මම, "එතකොට අප්පා, මෙයා කොහොමද කාසිම් මාමගේ වුණේ?"යැයි ඇසීමි. "මමයි රාධා අම්මයි ඔයාව හදාගන්නකොටනෙ ආශාවරී දුව ඉපදුනේ, කාසිම් මාමට දරුවො හිටියෙ නැහැ, ඉතින් අපිට ඔයා ඇති කියලා හිතුණා, එයාව කාසිම්ට දුන්නා". පසෙකින් කාසිම් මාමා වේදනාව යටපත්කරමින් මානුශීය සිනහවක් අප වෙත දක්වන්නට වූයේ සතුට නිසාද දුක නිසාද යැයි හරි හැටි නොතේරේ. "මේ ඉන්නෙ ප්‍රභාත් මහත්තයයි එයාගෙ නෝනයි, උඹටයි, ආශාවරී නංගිටයි පුංචි කාලේ උගන්නන්න සල්ලි ගොඩක් වියදම් කලේ මේ මහත්තයා, ඒ කාලෙ අපි හරි දුප්පත්නෙ, ඒත් කවදාවත් අපිට ප්‍රභාත් මහත්තයා උඹටවත් ආශාවරීටවත් මේ ගැන කියන්ඩ ඉඩ දුන්නෙ නෑ, ඒත් අද ඉතින් එකපාරටම ඒ මහත්තයව මුණගැහුනා, ප්‍රභාත් මහත්තයගෙ එකම පුතා 2009 වෙල්ලමුල්ලිවයික්කාල් වලදි යුද්ධෙන් නැති වුණා", කිසිවක් ගැන දොඩමළු වීමේ උවමනාවක් නොමැතිවම ෆයිසල් අප්පා කියෝගෙන කියෝගෙන ගියේය. මටත් ආශාවරී නංගිටත් එකට මෙලෙස හමුවීමට හැකිවීම හෝ, ප්‍රභාත් මහත්තයා හමුවීම හෝ නුවර කලබලයක් වීම හෝ එක පෙලට සිදුවීම ගැන මට දැනුදු කිසිවක් නොතේරේ. විශ්‍රාමික මේජර් ප්‍රභාත් මහතා හෝ, ෆයිසල් අප්පා හෝ කවුරුන් ශ්‍රේෂ්ඨ දැයි මටනම් නොතේරේ. නැතිනම් මා වෙනුවෙන් මාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් මා කැලයක සඟවා දිවි පිදූ මගේ අම්මා හෝ තාත්තා හෝ කොතරම් ශ්‍රේෂ්ඨ දැයි මට නොතේරේ. සිංහලයා දෙමලා හෝ දෙමලා සිංහලයා හෝ මුස්ලිම් එකා සිංහලයා හෝ මුස්ලිම් එකා දෙමලා හෝ කුමන ලෙසකින් හෝ නසන්නට අවි අතට ගනී, ජාතිය හිතට ගනී, වෛරය හදවතට ගනී, කවුරුන්දෝ බොහෝ කාලයක සිට අපව අවුස්සති, මුලා කරති, මම බලා සිටිමි, මම මා ගැන කල්පනා කරමි. මම සිංහලයෙක් වෙමි, මම මුස්ලිම් කොල්ලෙක් වෙමි, මම ද්‍රවිඩ මවකගේ ආදරණීය පුතනුවන් වෙමි. හුරුබුහුටි දෙමල කෙල්ලකගේ පලමු පෙම්වතා වෙමි, නොනිල වූ ආදරණීය සහෝදරයා වෙමි, මට දැන් නම් සිනහත් එයි. කවුරුන් කෙසේ කීවත් මම සියල්ලන් අතරේ මිශ්‍රවූ, අමිශ්‍රවූ අදහස් ඇති ශ්‍රී ලාංකිකයෙක් පමණක් බව නම් විශ්වාස කරමි. ඉතින්, මේ මගේ කතාව..

yudhanjaya()


නිදහසේ ශිල්පය ගැන තෙල් කතාවක්..! A story of unity & love, for new state university candidates and freshers

Location - Department of Mathematics, University of Colombo මේක අළුත් බලාපොරොත්තු දළුලන කාලයක්. එක පැත්තකින් 2018 අවුරුද්දෙ උසස් පෙළ ව...